රුව ලස්සන කරන පියයුරු විසල් නොවී රැකගන්නේ මෙහෙමයි

January 21, 2017
50,568
Breast Size Increase Tips
කාන්තාවන් තමන්ගේ රූසපුව පිළිබඳව වැඩි වශයෙන් උනන්දු වේ. එහිදී ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මුහුණට හා කොණ්ඩයටයි. ඒ අතර අතැම් අවස්ථාවලදී ඔවුන් පියයුරු පිළිබඳව පසුවන්නේ කනස්සල්ලකිනි. මන්ද ඒවා ප්‍රමාණයට වඩා විශාල වීම හෝ කුඩා වීම ඔවුන්ගේ මනසට වදයක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණකි.

දරුවන්ට කිරි දීම උදෙසා පියයුරු වර්ධනය වන අතර එය ග්‍රන්ථියකි. එමෙන්ම පිරිපුන් පියයුරු කාන්තාවන්ගේ අනන්‍යතාවයේ ලක්ෂණයක් වන අතර පියයුරු විශාල වීම ‍හේතුවෙන්
නිතර ඇතිවන බෙල්‍ලේ කැක්කුම හා පියයුරුවල බර නිසා පපුවේ බිත්තිවල රිදීම් ඇති වීම බොහෝ දෙනෙකුට බලපාන අපහසුතාවයකි.

මෙම කරුණුවලට මූලික වන හේතුව නොදැන කාන්තාවන් බොහොමයක් නිතර නිතර රෝගී තත්වයන්වලට ප්‍රතිකාර ගන්නට රෝහල්වලට ඇතුලත් වන නමුත් යම් හෙයකින් ඔබගේ පියයුරුවල වේදනාවක් පවතින්නේ නම් එය පියයුරු අධිවර්ධනය නිසා ඇතිවූවක් නොවන බව මතයයි.

විශාල පියයුරු හිමි කාන්තාවන්ට නිතර කොන්දේ වේදනාවද ඇති වන අතර ඔවුන් එම විශාල පියයුරු සඟවා ගැනීම ඇඟට හිරවන පරිදි බ්‍රසියර් පැළඳීම සිදු කරයි. මේ තුලින් බ්‍රසියරයේ උරහිස් පටි තදට තිබිම නිසාම කාලයත් සමග උරහිස්වල කානුවක් මෙන් සෑදී ඇතැමුන්ගේ උරහිස් තුවාල ඇතිවන තත්වයට පවා වර්ධනය වී තිබේ.

විශාල පියයුරු ඇති කාන්තාවන්ට ඇතිවන තවත් අපහසුතාවයක් නම් පියයුරු අතර දහඩිය ඇතිවීමයි. මේ නිසා පහසුවෙන් දිලීර ආසාදන ඇති විය හැකි අතර එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් පියයුරු අතර හා යට නිතර කැසීම සිදුවන අතර කැසීම නිසා කාලයක් ගතවන විට එහි සම ඉතා ගොරෝසු වී කළු පැහැගැන්වීම සිදුවේ.

එමෙන්ම ව්‍යායාම්වල හා ක්‍රීඩාවල යෙදීමටද විශාල පියයුරු කරදයක් වේ. එමෙන්ම බොහෝ කාන්තාවන්ට නව විලාසිතාවන් වල ඇඳුම් ඇඳීමටද පියයුරු හරස්වන අවස්ථා ඕනෑතරම් අසන්නට දැකගන්නට ලැබේ.

පියයුරු අධි වර්ධනය වීමට හේතු කිහිපයක් බලපායි. ඒ අතර ශරීරයේ බර වැඩිවීම හා හෝමෝනමය ගැටලු මූලික තැනක් ගනී. තවද පියයුරු විශාල වුවද නොවූවද පියයුරු කඩා වැටුණු ස්වභාවයකින් දිස්වීමද දක්නට ලැබේ.

මේ හේතුවෙන් බොහෝ කාන්තාවන්ට බ්‍රසියරයක් නොඇඳ වැඩ කිරීමටද අපහසු වේ.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ පියයුරු පුඩුව පිහිටා තිබිය යුත්තේ බෙල්‍ලේ සිට සෙ.මි. 20-22 අතර දුර ප්‍රමාණයකිනි. ඇතැමුන්ගේ ඊට වඩා බොහෝ පහළින් පිහිටයි. මෙසේ වීමට හේතුවක් වන්නේ ගර්භණී සමයේදී මෙන්ම දරුවාට මව්කිරි දෙනු ලබන කාලයේදීත් බ්‍රෙසියරයක් නොඇඳ සිටීමයි. එමෙන්ම පියයුරුවල කඩා වැටීම නිසා පියයුරුවල උඩ කොටසේ ඉරිතැළීම් (Strech Marks) හට ගත හැකි අතර මේ නිසා බ්‍රෙසියරයක් ඇඳීම අනිවාර්යෙන් කළ යුතු කරුණකි.

ඔබ ගර්භණී මවක් වූ විටද පියයුරු විශාල වීම සාමාන්‍ය සිදුවීමකි. පසුව එය ක්‍රමයෙන් අඩුවන අතර දරුවන්ට කිරිදීම හේතුවෙන් මෙම තත්වයට මුහුණ දීමට ඔබට සිදුවේ. දරුවන්ට කිරිදීමේ පහසුව පිළිබඳව සිතමින් බොහෝ මව්වරු මේ අවධියේදී බ්‍රසියර් හැඳීමෙන් වැළකී සිටින නමුත් එය එතරම් සුදුසු කටයුත්තක් නොවේ.

ඒ නිසාවෙන් ඔබට හැකි සෑම අවස්ථාවකම බ්‍රසියර්යක් පැළඳ සිටිය යුතු බව වෛද්‍යවරුන්ගේද මතයයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 9 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:27:07 PM
Script:/article/9/breast-size-increase-tips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:27:07 PM
Script:/article/9/breast-size-increase-tips.html