දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

June 29, 2018
19,150
Are you aware of dry cracked feet?
ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි. අද වන විට කාන්තාවන් බහුතරයකට තිබෙන ප්‍රබල ගැටලූවක් තමයි විලූඹ හා යටි පතුල පැලීම් හා ඉරි තැලම් වැනි රෝගී තත්ත්වයන්. මෙවැනි රෝගී තත්ත්වයක් වර්ධනය වීම තුළ ඇදීමට පවා අපහසු විය හැකියි. සම මතුපිට මෙවැනි ආකාරයේ අසාදනයන් සිදුවීම රක්තය හෙවත් ලේ දුෂණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් හදුනාගන්න පුළුවන්. මේ ගැන හැඩකාරී තුළින් දැනුම්වත් කරනන්න අපි සුදානම්.

රක්ත දුෂණය වෙන්නේ ඇයි?

අද වන විට බොහෝ දෙනෙක් ආහාර රටාව තුළ විධිමත් බවක් දක්නට ලැබෙන්නේ නැති තරම්. ස්වභාවික ආහාර රටාවෙන් වියුක්තව කෘත්‍රීම ආහාර ලබාගන්න තමයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම කෘති‍්‍රම ආහාරවල රසායන සංයෝග අන්තර්ගතයි. එහි අතුරු ප්‍රතිඵලදිහට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. මීට අමතරව වාත රක්තය, මළබද්ධය, රක්ත වාතය, මුත්‍රා අසාදන, අම්ල පිත්ත වැනි අවස්ථා ප්‍රධාන රෝග මූල හේතු විය හැකියි.

මෙවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

මෙවැනි ආසාදනයකදි පාදයේ විලූඹ ආශ්‍රිත හම ගැලවී යාම, එවැනි ස්ථාන කැසීම, විලූඹ බිම තැබීමට හෝ විලූඹ අතින් ඇල්ලීමටවත් නොහැකි වේදනාවක් ඇවිය හැකියි. මේ සදහා ප්‍රතිකාර මූලික රෝග පරික්ෂාවකින් අනතුරුව සිදු කළ යුතුයි. දේශීය ආයුර්වේදයේ යෙදිය හැකි ප්‍රතිකාර පවතින බැවින් නාඞී පරික්ෂාවකින් මූලික රෝග හදුනාගෙන ප්‍රතිකාර කළ හැකියි.

මෙවැනි රෝගී තත්ත්වයක් තුළ නොකළ යුතු දේවල් මොනවාද?

විශේෂයෙන් ජලය ආශ්‍රිත ස්ථානවල ගැවසීමෙන් වැළකිය යුතු අතර අධික ලෙස ඇවිදීම, කෘත්‍රීම ආහාර ගැනීමෙන් වැළකීම ආදීය කළ යුතුයි. හොදින් ජලය පානය සිදුකළ යුතු අතර සෞඛ්‍යය සම්පන්න ආහාර පමණක් ලබාගත යුතුයි. මෙවැනි රෝගී තත්ත්වයන් ඇතිවු විගස ප්‍රතිකාර සදහා යොමු වීම ඉතාමත් වැදගත්.

කකුල් පැලීම පාදලවල අලංකාරත්වයට බාධාවක්

කකුල් පැලීම එක්තරා ආකාරයකින් පාදවල අලංකාරය පිළිබද බාධාවක්. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ රක්තය දුෂණය වීමේ තත්ත්වයක් මත වීම නිසා එය
වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි. එසේ නොවුණහොත් කාන්තා ඔබගේ බොහෝ වැඩකටයුතු වලට බාධා පැමිණිය හැකියි. සෑම තරාතිරකම කාන්තාවන් අතින් වැදගත් කාර්යයක් රැසක් සිදුවන බැවින් මෙවැනි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. පාදය හරිහැටි බිම තැබීමට නොහැකි වීම ඕනෑම කාන්තාවකගේ ස්වභාවික ලාලිත්‍යට ප්‍රලබ ගැටලූවක්. එමෙන්ම ඔබගේ පෞර්ෂත්වයටද හානියක්. පාදය පැලූණු ස්ථානවල කුණු දුවිලි රැදෙන විට එහි අප්‍රසන්න පෙනුමක් දිස් වෙනවා. එවිට ඔබ දැඩි අපහසුතාවයකට පත් විය හැකියි. නව විලාසිතා පාවහන් පැළදීමටද හැකියාවක් ඇති වෙන්නේ නැ. මෙවැනි තත්ත්වයකදී මානසික ආතතිය ඔබ තුළ වර්ධනය වීමටද ඇති ඉඩකඩ බහුල විය හැකියි.


නිවසේදීම ප්‍රතිකාර කළ හැකිද?

පැලූණු දෙපතුල් සුවපත්භාවයට පත්කර ගන්න නිවසේ සිටම කළ හැකි ප්‍රතිකාර රැසක් තියෙනවා.

01. විනාකිරි සහ මවුත් වොෂ්

විනාකිරි කෝප්ප දෙකකට මවුත් වොෂ් කෝප්පයක් හා ජලය කෝප්ප දෙකක් මිශ්‍ර කරන්න. විනාඩි 15 ක පමණ කාලයක් දෙපතුල් පොගවන්න. එවිට ඔබේ දෙපතුල්වල මැරුණු හම ලිහිල් වෙනවා. අනතුරුව බුරුසුවකින් මැරුණු සම ඉවත් කරගන්න. පිරිසිදු ජලයෙන් දේපා සෝදා වියලූණු පසු මොයාස්චරයිස් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

02. විනාකිරි, සහල් පිටි හා මී පැණි

සහල් පිටි මේස හැදි තුනකට විනාකිරි බිංදු 03 ක් හා මී පැණි හැදි 01 පමණ හා එකතු කර මිශ්‍රණයක් සකසා ගන්න. දෙපා මද උණුවතුරේ විනාඩි 10 ක් පමණ පොගවන්න. එවිට මැරුණ සම ඉවත් වන අතර මී පැණි මගින් පැලූණු දෙපා සුවපත් කරනවා.

03. මී පැණි

මද රස්සනය ඇති වතුර බේසමකට මි පැණි ස්වල්පයක් එකතු කරන්න. එම මිශ්‍රණය තුළට දෙපා විනාඩි 20 ක පමණ කාලයක් තුළ පොගවන්න. ඉන් අනතුරුව බුරුසුවක් ආධාරයෙන් දෙපාවල මැරුණු සම ඉවත් කර ගන්න. පිරිසිදු වතුරෙන් සෝදා දෙපා වියලූණු පසු මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

04. එළවලූ තෙල්

පළමුව දෙපතුල් හොදින් පිරිසිදුකර වියලා ගන්න. අනතුරුව එළවලූ තෙල් දෙපතුල්වල ආලේප කරන්න. පිරිසිදු මේස් කුට්ටමක් පැළද නින්නදට යන්න. මෙය දිනපතා සිදු කිරීමෙන් පැලූණු ඔබේ දෙපා සුවපත් කළ හැකියි.

05. බේකින් සෝඩා

මද රස්නය ඇති වතුර බේසමකට බේකින් සෝඩා මේස හැදි 03 ම් පමණ මිශ්‍ර කරන්න. දෙපා විනාඩි දහයක් පොගවන්න. දෙපතුල් ස්ක්‍රබ් කර පිරිසිදු ජලයෙන් සෝදන්න.

06. කෝමාරිකා ජෙල්

රාත්‍රී නින්දට පෙර දෙපා මද උණුසුම් ජලයේ බහා ස්ක්‍රබ් කරන්න. ජලය වියලූණු පසු කෝමාරිකා ජෙල් ආලේප කරන්න. සුව පහසු මේස් ජෝඩුවක් පැළද නින්දට යන්න. උදෑසන මද උණුසුම් ජලය භාවිත කර සෝදා හරින්න.

07. වැස්ලීන් සහ දෙහි යුෂ

වැස්ලීන් මේස හැදි එකකට දෙහි යුෂ බිංදු දෙකක් ගෙන මිශ්‍ර කර ගන්න. මද උණුසුම් ජලයේ මද වේලාවක් තබා වියලූණු පසු ආලේප කරන්න. පසුව මේස් යුවලක් පැළද නින්දට යන්න.

ඔබේ පැලූණු දෙපා නිවසේදීම මේ ආකාරයේ කෙටි ප්‍රතිකර්ම ඔස්සේද පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 913 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:41:36 PM
Script:/article/913/are-you-aware-of-dry-cracked-feet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:41:36 PM
Script:/article/913/are-you-aware-of-dry-cracked-feet.html