පත්තර පිටුවල කෑම ඔතන්න කලින් මේ ගැනත් හිතන්න

July 11, 2018
5,156
Think before wrapping food with newspapers
බොහෝ දෙනෙක් අද දෛනික ආහාර රටාව ඉතාමත් සෞඛ්‍යය සම්පන්නව පවත්වා ගෙන යාමට දක්වන්නේ මහත් කැමැත්තක්. ඒ නිසාම අද ආහාර තෝරා ගැනීමේදී වගේම ආහාර පිසීමේදී කාන්තාවන් ගොඩක් සැළකිලිමත් වෙනවා. ඔබ කොතරම් පරිස්සමට ආහාර පිළියෙල කර ගත්තත් ඔබ නොහිතන අන්දමෙන් ආහාරවලට විෂ රසායනික සංඝටක එකතු විය හැකියි. අපි නිවසින් රාජකාරීයකට හෝ වෙනත් කටයුත්තක් සදහා පිටව යාමේදී කෑම එකක් අරගෙන යන්න අමතක කරන්නේ නෑ. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. කීයෙන් කී දෙනාද අද කෑම පෙට්ටියක කෑම ටික අරගෙන යන්නේ කියලා. ගොඩක් දෙනෙක් අද කරන්නේ ලන්ච් ෂීට් එකක බත්මුලක් බැඳලා පත්තර කෑල්ලක ඔතා ගෙන යන එක. ඒවගේම තමයි අපි කඩයකින් බඩු මෙනවාහරි ගන්න ගියාම අපිට විවිධ ආහාර ද්‍රව්‍ය ඔතලා
දෙන්නේ පත්තර පිටුවල. ඉතිං මේ පත්තර පිටුවල ආහාර ඔතන එක එතරම් ගුණදායක දෙයක් නම් නෙමෙයි. අපි එහෙම කියන්නේ ඇයි කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

මුද්‍රණ පිටුවල ඊයම් අන්තර්ගතයි

පත්තර පිටුවල ඇති මුද්‍රණ තීන්තවල ඊයම් වැනි බැර ලෝහ අන්තර්ගතයි. ඔයාට මස්, මාලූ, ෂෝට් ඊට්ස් වර්ග කඩෙන් ඔතලා දෙන්නේ පත්තර කොළවල. මෙය එතරම් යහපත් දෙයක් නෙමෙයි. මොකද පත්තර පිටුවල තියෙන රසායනික ද්‍රව්‍ය ඉක්මනින් ආහාර සමග මිශ්‍ර‍ විය හැකියි. විශේෂයෙන්ම ඊයම් ආහාරවලට මුසු වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩියි. කළු වගේම වර්ණ තීන්ත වලින්ද මේ බලපෑම සිදු වෙනවා. කළු තීන්තවලට වඩා වර්ණ තීන්තවලින් මෙම ලක්ෂණය වැඩියෙන් දක්නට ලැබෙනවා. වර්ණ පත්තර පිටුවල මේ බලපෑම ඉතාමත් වැඩියි. අපි ගොඩක් වේලාවට නිවසේදී සකස් කර ගන්නා බැදුම් සහිත ආහාරවල තෙල් මදක් හෝ
ඉවත් කිරීමට පත්තර පිටු කිහිපයක අසුරා තිබෙනවා. ඔබ දන්නවාද ? මේ තත්ත්වය ඉතාමත් අහිතකරයි. ආහාරවල ඇති තෙල්වලට ඊයම් පහසුවෙන් උරා ගන්නවා.

ඔබට ඇතිවිය හැකි සෞඛ්‍යය ගැටලු

මුද්‍රණ තීන්තවල අන්තර්ගත බැර ලෝහ පිළිකා කාරක ලෙස ‍ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩියි. තවද ප්‍රතිච‍ක්‍රීය කරන ලද කඩදාසී පිටුවල හානිකර රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බැවින් මේවා ශරීරයට විෂ සහිත වන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ජීරණය හා සම්බන්ධ ගැටලුවලට මෙය හේතුවක් වන අතර එමගින් දැඩි විෂ වීම් වලට මග පෑදිය හැකි බව හදුනා ගෙන තිබෙනවා.

මහලු පුද්ගලයින්, නව යොවුන් වියේ පසුවන්නන්, දරුවන් වගේම ආබාධ සහිත දුර්වල ‍ප්‍රතිශක්ති පද්ධතියක් සහිත අය මෙමගින් පිළිකා රෝග සදහා ගොදුරු
විය හැකි බව හදුනාගෙන තියෙනවා. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මෙම අහිතකර පුරුද්දෙන් ඉවත්ව කටයුතු කරන ආකාරයක් හදුනාගත හැකියි. පත්තර පිටුවල ආහාර එතීම හා ඇසුරුම් කිරීම සමස්ත දේහ පද්ධතියටම හානී කරන  බැවින් ඔබ විසින්ම පිළිකා මාරයට අත වැනීමක් බව දැන් ඔබට හොදින් වැටහෙනවා ඇති.  ඒ නිසා මෙම අහිතකර පුරුදුදෙන් ඉවත්ව කටයුතු කිරීම ඔබ සතු කාර්යභාරයක් හා වගකීමක්.


පත්තර පිටු වෙනුවට විකල්ප ක්‍රම භාවිත කරන්න

ඔයා අද වෙනකම් කෑම එතුවේ පත්තර පිටුවල නම්, කඩෙන් විවිධ ද්‍රව්‍ය ඔතාගෙන ආවේ පත්තර පිටුවල නම් අද ඉදන් ඔයාට ඒ වෙනුවට විකල්ප ක්‍ර‍ම භාවිත කළ
හැකියි. විශේෂයෙන් ඔබ නිවසෙන් පිටට කෑම එකක් රැගෙන යනවා නම් ඔයා ඒ වෙනුවට කෑම පෙට්ටියක් භාවිත කරන්න. එමගින් ආහාරවලට සිදුවෙන බලපෑම අවම කරගන්න පුළුවන්. මොකද පත්තර පිටු හෝ ලන්ෂීට් භාවිතයක් ඔබ සිදු නොකරන නිසා. ඒ වගේම ඔයාට පුළුවන් කළු හා වර්ණ ගැන්වු පත්තර පිටු වෙනුවට තුනී වර්ණ රහිත කොළ භාවිත කරන්න. ඒ වගේම බ්‍රවුන් පෙපර් හා සුදු පැහැති බෑග්වලද ආහාර එතීම හෝ ඇසුරුම් කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed