ඇස් යට කළු වීම අවම කර ගන්නේ කොහොමද?

July 17, 2018
12,719
How to reduce dark circles?
ඇස් යට කළු වීම අද බොහෝ තරුණියන් මුහුණ දෙන ගැටලූවක්. මුහුණ කොතරම් පැහැපත්ව තබා ගත්තත් ඇස් යට අවපැහැ ගැන්වී තිබීමෙන් එය වඩාත් හොදින් කැපි පෙනෙනවා විතරක් නෙමෙයි මුහුණේ සුන්දරත්වයටත් එය බලපානවා. ඒ නිසා මුහුණ පැහැපත්ව තබා ගන්නවා වගේම ඇස් යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න එපා. ඇස් කියන්නේ ඉතා සියුම් සංවේදී ස්ථානයක් බැවින් ඇස් යට සමට හානීයක් නොවන පරිදි ප්‍ර‍තිකාර කිරීම ඉතාමත් වැදගත්. අද අපි ඔයාට කියලා දෙන්නේ ඇස් යට කළු වීම අවම කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. මේ ලිපිය කියවලම බලන්නකෝ.

ඇස් යට කළු වෙන්නේ ඇයි?

ඇස් යට කළු වෙන්න එමෙහත් නැත්තම් අවපැහැ ගන්න කරුණු ගණනාවක් හේතු විය හැකියි.

01. හිරු රශ්මියට නිරාවරණය වීම

02. තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශනාලීකා

03. විවිධ අසාත්මිකතාවන්

04. ජානවල බලපෑම

05. ඇස් වටා වියළීම සහ හානී වු සෛල ඒකරාශී වීම

06. දීර්ඝ කාලීනව පරිඝණක භාවිතය

07. ප්‍රමාණවත් නින්දක් නොලැබීම

08. මානසික පීඩනය හා ආතතිය

ඇස් යට කළු වීමට නිවසේදීම කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද?

01. ආමන්ඩ් ඔයිල් - ආමන්ඩ් ඔයිල් රාත්‍රී‍ නින්දට යන්න පෙර ස්වල්පයක් ගෙන ඇස් වටා ආලේප කර සෙමින් මසාජ් කරන්න. පසුව  උදෑසන සීතල ජලයෙන් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක් මෙම සත්කාරය කිරීම මගින් ඔබේ ඇස්යට කළුවීම අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.

02. පිපිඤ්ඤා - පිපිඤ්ඤ ගෙඩියකින් පෙති දෙකක් පමණ කපාගෙන එය විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබන්න. පසුව ඒ පිපිඤ්ඤා පෙති දෙක විනාඩි 10 ක් පමණ තබාගෙන ඉන්න. සතියකට කිහිප සැරයක් මෙම සත්කාරය සිදු කිරීමෙන් ඇස් යට අවපැහැය අවම කරගත හැකියි.

03. අර්තාපල් - අර්තාපල් කියන්නේ මුහුණට හොද සත්කාරයක් වගේම ඇස් යට කළු වීම අවම කර ගැනීමේ හැකියාවද තිබෙනවා. අර්තාපල් ගෙඩියක් හොදින් පොඩි කර එහි යුෂ පෙරා ගන්න. පසුව කපු පුළුන් එහි පොගවා ඇස් වටා ප්‍රදේශය තබා ගෙන සිටින්න. පසුව විනාඩි 10 න් පසු සීතල වතුරෙන් සෝදා ඉවත්කර හරින්න.

04. තක්කාලී යුෂ - තක්කාලී යුෂ තේ හැන්දකට ලෙමන්  යුෂ තේ හැදි භාගයක් පමණ එකතු කර මිශ්‍රණයක් සකස් කර ගන්න. පසුව එම මිශ්‍රණයෙන් අදුරු පැහැ ගැන්වී තිබෙන ප්‍රදේශයේ විනාඩි 10 ක් පමණ ආලේප කර තබා සෝදා හරින්න.

05. ටී බෑග් -  ටී බෑග් දෙකක් පමණ ගෙන විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබා අනතුරුව ඇස් වටා විනාඩි 15 ක් පමණ තබා ගෙන සිටින්න. පසුව සෝදා ඉවත්
කරන්න.

ඇස් යට කළු වීම අවම කර ගන්න තවත් ක්‍රමයක්?

01. අව්වට නිරාවරණය වන සෑම අවස්ථාවකදී ඔයාට අව් කණ්ඩාඩියක් භාවිත කරන්න පුළුවන්. මෙමගින් ඔබගේ ඇස් හිරු කිරණට නිරාවරණය වීමෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදි ඔබ වඩාත් ප්‍රමිතියක් සහිත ස්ථානයකින් අව් කණ්නාඩියක් මිළදී ගැනීමට කටයුතු කරන්න.

02. දිනපතා සැහැල්ලූ මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා ආලේප කිරීම ඉතා වැදගත්. ඇස් අවට ක්‍රීම් ආලේප කිරීමේදී වඩාත් මෘදුව පිරිමැදීමට කටයුතු
කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සම මෘදු කරන මොයිස්චරයිසර් ආලේපනයක් දිනපතා ආලේප කිරීමෙන්ද ඔබට ඇස් අවට කලූ පැහැ ගැන්වීම අවම කර ගත හැකියි.

03. විධ්මත් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කළ under eye cream වර්ගයක් භාවිත කළ හැකියි. Niacin amide අඩංගු කිරීම වඩාත් සුදුසුයි.

ඇස් යට කළු පැහැ ගැන්වී ඇත්නම් ඔබේ රුචිකත්වය පරිදි මෙම සත්කාරවලින් එකක් තෝරා ගෙන  අත්හදා බැලීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඔබ සැළකිලිමත්ව මේ කටයුත්ත සිදු කළ යුතුයි. මොකද ඇස් අවට  සම ඉතාමත් සංවේදියි. සුළු අත්වැරැද්දකින් ඔබේ දෙනෙත්වලට පවා අහිතකර ආකාරයෙන් බලපෑ හැකියි. ඒ නිසා වඩාත් පරීක්ෂාකාරීව මෙම ප්‍රතිකර්ම කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 947 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:32:12 PM
Script:/article/947/how-to-reduce-dark-circles.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:32:12 PM
Script:/article/947/how-to-reduce-dark-circles.html