හැමෝම අතරේ ඔයාව කැපිලා පේන විදිහේ මේකප් එකක් කරන්නේ කොහොමද?

July 18, 2018
14,933
How to do a outstanding makeup
වෙඩින් එකකට, උපන්දින පාටියකට එහෙමත් නැත්තම් කුමන හෝ උත්සවයකට ගොඩක් ලස්සනට හැඩ වැඩ වෙලා හැමෝටම වඩා ලස්සනට යන්න කොයි කවුරුත් කැමතතියි නේ. ඉතිං මේ හැම පාටියට ඔයා යන්න සතියක් දෙකක් තියලානේ සුදානම් වෙන්නේ. අනෙක් අය අතරේ ලස්සනට කැපිලා පෙන්න ඉන්න තියෙන ආසාව නිසාම කාන්තාවන්ගෙන් බහුතරයක් ඉතිං රූපාලාවණ්‍ය සත්කාර කරන්න නම් පසුබට වෙන්නේ නෑ.  ඕනවට වඩා ලස්සන වෙන්න ගියාම සමහර අවස්ථාවල තමන්ගේ පෙනුම කැත වෙලා අවලස්සනට ඔයාව පේන්නත් පුළුවන්. තමන්ගේ හමේ පාටට ගැළපෙන විදිහේ සරල මේකප් එකක් දැම්මම කොයි කවුරුත් අතරේ ඔයාව කැපිලා පේන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඉතිං අද අපි ඔයාට www.hadakari.lk වෙතින් අද අපි කියන්න යන්නේ මේකප් වලින් නානවට වඩා හැමෝම අතරේ ලස්සනට කැපි පෙනෙන සරල මේකප් එකකින් වර්ණවත් වෙන්නේ කොහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

ඔයාගේ සමට අවධානය දෙන්න

ගොඩක් දෙනෙක් වෙඩින් එකකට, එහෙමත් නැත්තම් පාටියකට යන්නේ හරියට තමන්ගේ පාටි එක වගේනේ. ඔයා පළමුවෙන්ම මතක තියාගත යුතු කාරණය තමයි ඔයා ඒ පාටියේ අමුත්තෙක් බව. වෙඩින් එකක නම් එහි ප්‍රධාන වෙන්නේ මානාලියනේ. ඔයා මනාලියටත් වඩා කැපි පෙනෙන එක එතරම් හොද නෑ. ඔයා තුළින් ඉස්මතු විය යුත්තේ ඔබේ ස්වභාවික ලස්සනයි. ඒ නිසා ඔයාගේ ස්වභාවික සම ගැන අවධානය යොමු කිරීම ඉතාමත් විශේෂයි. ඔයාගේ ස්වභාවික සමේ වර්ණයට වඩාත් ගැළපෙන වර්ණ යොදා ගැනීමට ඔබ කටයුතු කළ යුතුයි. ඔබේ සමේ වර්ණයට ගැළපෙන ක්‍රීම්, මේකප් හා ෆවුඩර් භාවිත කිරීම තුළින් ඔබේ සමේ වර්ණය සමබර කර සුමුදු වු මනා නිමාවක් ඔයාගේ මුහුණට ගෙන දෙනවා.

ඒ වගේවම මේකප් ෆවුඩර් එකක් භාවිත කරන විට දිලිසෙන ගතියෙන් අඩු මැට්  (Matte colour) වර්ණයක් භාවිත කරන්න පුරුද්දක් කර ගන්න. ඒවගේම  ඕනවට වඩා ඔයාගේ සම සුදු කරන්න උත්සාහ කරන්න එපා. එතකොට වෙන්නේ ඔයාගේ මුහුණ හා අතපයවල වෙනස හොදින් පේන්න පටන් ගන්නවා. මේකප් එකක් දානකොට ඔයා අදින ඇදුමේ වර්ණය හා ඒ ඇදුමෙන් ශරීරය නිරාවරණය වන තැන්වලද ෆවුඩර් ස්වල්පයක් ආලේප කරන්න අමතක කරන්න එපා.

ඇස්වලට සරල මේකප් එකක් යොදන්න

තවත් කෙනෙක් ඔයාව මුලින්ම දකින්නේ ඔයාගේ ඇස්වලින්. ඒ නිසා ඔයාගේ ඇස්වල අලංකාරය ඉතාමත් වැදගත්. එහෙම කියලා ඇස්වලට අනවශ්‍ය මේකප් දාලා ඔයා සුන්දරත්වයක් එකතු කර ගන්න ලැබෙන්නේ නෑ. සරල මේකප් එකකින් ඔයාගේ ඇස් වර්ණවත්ව තියා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඇස්වලට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ස්වභාවික පෙනුම ආරක්ෂා වෙන සරල ගණයේ මේකප් එකක්.

පළමුව ෆවුඩර් ආලේප කිරීම මගින් වර්ණ හොදින් ඔයාට මිශ්‍ර‍ කර ගැනීමේ හැකියාව තියෙනවා. වර්ණයන් තෝරා ගැනීමේදී ඔයාගේ සමට ගැළපෙන වර්ණයක් තෝරා ගැනීමට ඔබ සැළකිලිමත් විය යුතුයි. බොහෝ දෙනා තමන්ගේ ඇදුමේ පාටට වර්ණ තෝරා ගන්නවා. එහෙත් එය සෑම අවස්ථාවකට සුදුසු වෙන්නේ නෑ. ඒ නිසා ඔබේ සමත් ඇදුමත් යන දෙක ගැනම සිතා වර්ණ තෝරා ගන්න. ඇසේ මුල ලා වර්ණයක් ආලේප කර ඇස අග එම වර්ණයටම ගැළපෙන තරමක් තද වර්ණයක් ආලේප කර ගන්න. අයි ලයිනර් එක අදින විටදිත් ගොඩක් තදින් ඇදීමෙන් ඔබ වැළකිය යුතුයි. ඇසේ හැඩයට ගැළපෙන අයි ලයිනර් එකක් ඇදීමෙන් ඔයාගේ ඇහේ හැඩය මනාව පවත්වා ගන්න පුළුවන්. ඉන් පසුව ඔයාගේ ඇහි පිහාටු කර්ල් කර මස්කාරා ආලේප කරගන්න. මස්කාරා ආලේප කිරීමේදී එය දෙවරක් ආලේප කර ගන්න. එයින් ඔබේ දෑස් ඉතා ලස්සනට දිස් වේවී.

ඉතාමත් චාම්ව තොල් වර්ණ ගන්නවන්න

ඉතා තද හා කැපී පෙනෙන රතු වැනි වර්ණයන් තොල්වල ආලේප කිරීමෙ ඔයාගේ පෙනුමට යෝග්‍ය වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔයාගේ සමට ගැළපෙන ලා වර්ණයක් භාවිත කළ හැකියි. ඔබ පළමුව තෝරාගත යුත්තේ ඔයාගේ තොල් ආලේපනයේ වර්ණයට ගැළපෙන ලිප් ලයිනර් එකක්. පසුව ඔයාගේ තොල්වල හැඩය වෙනස් නොවන පරිදි ලිප් ලයිනර් එක ඇද ගන්න. පසුව තොල් ආලේපනය ගල්වන්න. මෙහිදී තොල් ආලේපනය වෙනුවට ලිප් ග්ලොස් එකක් වුණත් ඔයාට භාවිත කළ හැකියි. මෙයින් කුමක් ඔබ තෝරා ගත්තද එය සමේ වර්ණයට ගැළපෙන පරිදි තෝරා ගැනීම ඉතාමත් වැදගත්. තොල් ආලේපන නොමැති නම් ලිප්ස්ටික් ආලේප කිරීමට පෙර ලිප් බාම් ආලේප කිරීමට කටයුතු කරන්න. එවිට ඔයාගේ ලිප්ස්ටික් එක සදහා මැට් වර්ණයක් ලබා ගන්න පුළුවන්.

මේ විදිහට චාම් වගේම සරල මේකප් එකකින් වර්ණවත් වෙලා වෙඩිමකට හෝ කුමන හෝ පාටියකට ඔයා ගියොත් සෙසු අය අතර ඔයාව කැපිලා පෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඒ වගේම ඔයාට හිතේ සතුටින් හෝරා කිහිපයක් යහලූ හිතමිත්‍රාදින් එක්ක කාලය ගත කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,059
   72

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,784
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed