ස්වභාවික ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කර ගනිමු

June 28, 2018
15,540
Cleanse face with natural cleanser
අද කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයටත් තියෙන ප්‍රබලතම ගැටලූව වෙන්නේ මුහුණ කොහොමද පැහැපත්ව තියා ගන්නේ කියන එක. කාර්යබහුල වටපිටාව එක්ක මේ පිළිබදව හිතන්න ඔබට කාලයක් නොමැති වුණත් ඔබ මේ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඔබගේ මහුණේ මේකප් සහ කුණු දුහවිලි ඉවත් නොවීම තුළ මුහුණේ සම ආශ්‍රිත විවිධ ආසාදන තත්ත්වයන් ඇතවිය හැකියි. කුරුළැ අසාදනයන්ද ඇති වන්නේ ඔබගේ මුහුණේ පිරිසිදු බව නොමැති වූ විටයි. විශේෂයෙන්ම ඔබේ මුහුණ තෙල් අධික සමක් නම් මුහුණ පිරිසිදුව නිතරම තබාගත යුතුයි. මොකද තෙල් සහිත සමෙහි කුණු, දුහුවිලි ඉක්මනින් තැන්පත් වෙනවා. ඉතිං අපි අද ඔබට කියා දෙන්න සුදානම් වෙන්නේ නිවසේදිම ස්වභාවික ක්ලෙනස්ර් එකකින් මුහුණ පිරිසිදු කර ගන්න ආකාරය සම්බන්ධව. අපි ඔබට කියාදෙන ස්වභාවික ක්ලෙන්සර් එකක් භාවිත කිරීම මගින් ඔබගේ මුහුණ හා අත්පාවල ඇති විෂබීජ, බැක්ටිරීයා සහ කුණු දුහුවිලි ඉවත් වෙනවා වගේම සමෙහි තෙතමනය පවත්වා ගැනීමටද හැකි වෙනව පමණක් නෙමෙයි මුළු දවස පුරාම ඔබව ප්‍රබෝධමත්ව තබනවා.

01. එළකිරි

එළකිරි ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොදින් ගසන්න. එවිට ඇතිවන යොදය කොටස වියළි සමට මනා පොෂණයක් එකතු කර සමේ වියළි බව අවම කරයි. එළකිරිවල ආම්ලික ගතිය වැඩි අතර විෂබීජ නාශක ගුණයද බහුලව පවති. එම නිසා එළකරි මගින් ස්වභාවික සම පැහැපත් කර සමෙහි තෙතමනය පවත්වා ගැනීමට ක්‍රියා කරයි.

02. රෝස වතුර

උණුකර නිවාගත් වතුර කෝප්පයකට රතු රෝස මල් පෙති දමා එක් දිනයක් තබා නැවත රෝස පෙති මාරු කරු අලුත් පෙති දමන්න. මේ ආකාරයට දින පහක් පමණ තබා ගැනීමෙන් පසුව සිනී තේ හැදි භාගයක් පමණ දමා දියකර රෝස වතුර හා මිශ්‍ර කර ගන්න. සීනිවල ඇලෙන සුළු ගතිය නිසා මෙය මොයිස්චරයිරයක් ලෙස ක්‍රියා කරයි. මාස දෙකක් තුණක් වුවද ශීතකරණයේ තබා ගනිමින් භවිත කළ හැකියි. ළබාල යුවතියන්ට ඉතා පහසුවෙන් මෙමගින් මුහුණ පැහැපත් කර ගැනීමට හැකියාව ලැබේ.

03. පිපිඤ්ඤා යුෂ

පිපිඤ්ඤා යුෂ ස්වල්පයකට කිරි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණෙහි ආලේප කිරීම මගින් මුහුණෙහි වියළි බව මගහරවා ගත හැකියි. වියළි සමකට මෙම ප්‍රතිකාරය ඉතාමත් වැදගත් වන අතර සමාන්‍ය සමකට වුවද මෙම සත්කාරය අවශ්‍ය නම් සිදු කළ හැකියි. කෙටි කාලයක් මුහුණට මෙම සත්කාරය සිදු කරීම මගින් මුහුණෙහි අවපැය හා වියළි බව දුරලමින් පැහැපත් බවක් ලබාගත හැකියි.

04. ලෙමන් යුෂ

අයිස් වතුර කෝප්පයක් ගෙන එයට ලෙමන් යුෂ බින්දු 08 ක් 10 ක් පමණ කලවම් කර මුහුණේ ආලේප කරන්න. ලෙමන් යුෂ පමණක් භවිතය සමට සුදුසු නොවන බවින් ඔබ වඩාත් සැළකිලිමත්ව ලෙමන් යුෂ අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිත කළ යුතුයි. සමට වඩාත් පැහැපත් බවක් මෙමගින් ලබාගත හැකියි. ලෙමන්වල අඩංගු ඇසිඞ් ගතියට සම වියළෙන නිසා තෙල් සහිත සමකට මෙය වඩාත් සුදුසුයි.


05. ඇපල් යුෂ

සූරා ගත් ඇපල් යුෂ තේ හැදි දෙකක් සහ අමු අල තේ හැදි දෙකක්, මී පැණි තේ හැදි එකක්, ආමන්ඞ් තෙල් තේ හැදි එකක්, දෙහි ඉස්ම ස්වල්පයක්, මුදවාපු කිරි සහ රෝස වතුර සියල්ල එකට කලවම් කර පැක් එකක් මෙන් සකස් කර මුහුණෙහි තවරා සෙමින් පිරිමදින්න. මුහුණ පැහැපත් බවක් මෙන්ම මුහුණෙහි ඇති කුණු දුහවිලිද පහසුවෙන් ඉවත්වී මුහුණ ප්‍රබෝධමත්ව තබිමට ක්‍රියා කරයි. ඕනෑම සමකට මෙම සත්කාරය සිදු කළ හැකියි.

මේ ආකාරයට නිවසේදීම ඔබට ඉහත දැක්වු ආකාරයයේ ඕනෑම ආකාරයේ ස්වභාවික ක්ලෙන්සර් එකක් හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ නිවසෙන් පිටවී යළි නිවසට පැමිණි පසු ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරගන්න පුරුද්දක් බවට පත් කර ගන්න. එවිට මුහුණේ රැදුණු කුණු දුහුවිලි ඉවත්වී පැහැපත් සමක් ලබාගන්න ඔබට හැකි වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,021
   44

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
The super fruit good for any beauty matter
   15,245
   34

සමට, හිස කෙස් ඇතුළු මුළු සිරුරටම එක සමාන ගුණ දෙන සුපිරිම පළතුර

මේ පලතුරින් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙනවාට අමතරව එයින් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ නොඅඩුව ලබා ගන්න පුළුවන්
How to reduce under arm sweating
   23,217
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Food to regulate your menstrual circle
   46,369
   24

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Changes in your body if you consume cod-liver oil daily
   96,477
   24

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed