වයස 20 ගණන් වලදී මේ හැම දේම කරන්න - 01

October 14, 2017
9,467
Do all of these when you are in your twenties
ඔබ මේ මොහොතේ ගත කරන වයස තමයි ඔබේ ජිවිතයේ පසු කරන පොඩිම
වයස. තත්පරයෙන් තත්පරය ඔබේ වයස වැඩි වෙනවා මිසක්, ඔබ වයසින් බාල වෙන්නේ නෑ. ඉතින් ජිවිතයේ පස්සේ කරන්නම් කියලා එක එක දේවල් පස්සට දාන්න යන්න එපා. මොකද ඒ දේවල් කරන්න ඕනේ කියලා හිතුන වෙලාවට ඔබ වයසට ගිහින් වෙන්න පුළුවන්. වයස අවුරුදු විසි ගණන් වලදී ඕනෙම කෙනෙක් මේ දේවල් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ, වයසට ගිහින් පසුතැවෙන්න වෙන එක.

කාලය නොමිලයේ ලැබුනට, කාලය මිල කල නොහැකියි. ඔබට කාලය අයිති කරගන බෑ හැබැයි කාලය පාවිච්චි කරන්න පුළුවන්.

අවුරුදු 20 ගණන් වල මුල් කාලය තමයි,ඔබ පාසල් ජිවිතයෙන් ඉවත් වෙලා සැබෑ සමාජය එක්ක ඇත්තටම මුහු වෙන ප්‍රථම අවස්ථාව. රැකියාව, පරස්තාව, පෞද්ගලික ජීවිතය මේ හැම දේම විවිධ වෙනස්කම් වලට භාජනය වෙන්නේ මේ කාලයේදී. ඉතින් මේ හැම දේම එක්ක කාලය හරියට කළමනාකරණය කර ගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ජීවිතය උවමනාවට වඩා සංකීර්ණ කර ගන්න යන්න එපා. හැමදේම හරි විදිහට විදින්න.

ලෝකයේ වටා සංචාරය කරන්න

වයසට යන්න යන්න නිදහසේ එහෙ මෙහෙ යන්න තියෙන හැකියාව මදි වෙනවා. තරුණ
වයසේදී ඔබට ඔබේ කියලා දරුවන්, පවුලක් නැති කොට නිදහස වගේම සම්පුර්ණ හැකියාව තියෙනවා ලෝකේ වටේ සංචාරය කරන්න. ගිහින් අලුත් අත්දැකීම් ලබා ගන්න දෙපාරක් හිතන්න එපා.

මුදල් එකතු කරන්න

ඇත්තටම මේක කරන්න පුළුවන් ද කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි වයසට ගිය ගොඩාක් දෙනා කියන කාරනාවක් තමයි, තරුණ වයසේදී හරි විදිහට එකතු කර ගත්තානම්, සැනසිල්ලේ වයසට යන්න තිබුනා කියන එක. වගකීම් අඩු කාලයේදී ඔබේම කියල කියක් හරි ඉතුරු කරගන්න මහන්සි ගන්න. ඔබේ ඉදිරි ජීවිතය පහසු කර ගන්න එය හේතු වේවි. වෙඩින් එකක් ගන්න කාලයකදී වුනත් තමන් සතුව තියෙන ඔක්කොම සල්ලි වියදම් කර ගන්න එපා කියලයි මේ මතක් කරන්නේ.

කතා කරන්න

පිරිසක් ඉදිරියේ වගේම තමන්ගේ හිත මිත්‍රයන් එක්ක කතා කරන්න. කෙනෙක් එක්ක
තමන්ගේ අදහස් බෙදා ගන්නවා කියන්නේ ඉතාමන්ත්ම වටිනා දෙයක්. ලැජ්ජාව බය නැතිව පිරිසක් අමතන්න ඔබ තරුණ වයසේදීම හුරු පුරුදු වෙනවා කියන්නේ, ඔබේ වෘතීය ජිවිතයට වැදගත් පුහුණුවක් ලබනවා කියන එක.

ඉලක්ක හඳුනා ගන්න

විසි ගණන් වල ජීවිතය ගත කරන තරුණ පිරිසට ඇත්තටම ජිවිතයේ ඉලක්ක නොතියෙන්න පුළුවන්. හැබැයි ඒ කාලයේදීම ඔබ ඔබේ ජිවිතයට අදාළ ඉලක්ක හඳුනාගත්තොත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කම ලැබෙනවා. තිස් ගණන් වලට ආවහම ඔබ හොඳ තැනක ඉන්නවා ඔබට ම වැටහේවි. තමන් ඉන්න තැනින් අවුරුදු පහක්, දහයක් ඇතුලත තමන් මෙන්න මේ ඉලක්ක ළඟා කර ගන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 450 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:11 AM
Script:/article/450/do-all-of-these-when-you-are-in-your-twenties.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:11 AM
Script:/article/450/do-all-of-these-when-you-are-in-your-twenties.html