අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

December 13, 2023
27,959
How to reduce under arm sweating
දහඩිය දාන එක සාමාන්‍ය දෙයක් උනත්, අත් යට දාඩිය දාන එක ඇත්තටම කරදරයක්. දහඩිය දාන එක අපේ වගේ රටක නවත්තන්න පුලුවන් දෙයකුත් නෙවෙයි. ඒත් ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, එදිනෙදා අපි හුරු කරගන්න හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්. මේ සටහන ඒ ගැනයි.

1. නාපු ගමන් ඇඳුම් අඳින්න කලබල වෙන්න එපා


වොශ් එකක් දැම්මට පස්සෙ, විනාඩියක් දෙකක් ඉඳලා ඇඳුමක් දාගන්න. විශේෂයෙන් උණු වතුරෙන් වොශ් එකක් දැම්මට පස්සෙ. ඇඟට පොඩ්ඩක් කූල් වෙන්න දෙන්න. මේ පොඩි පුරුද්දෙන්, ගෙදරින් එලියට බහින්න කලින් අත් යට දහඩිය දාන එක වලක්වගන්න පුලුවන්.

2. අත් යට ශේව් කරන්න


අත් යට ශේව් කරන එක අනවශ්‍ය ලෙස දහදිය දාන එක පාලනය කරන එක විතරක් නෙවෙයි ඒක හොඳ සෞඛ්‍ය පුරුද්දකුත් වෙනවා.

කෙස් තෙතමනය රඳවගන්න නිසා, මේ තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. අත් යට දුගඳ පාලනය කරන්නත් ශේව් කරන එක ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා.

3. දහඩිය දාන්න පොලඹවන කෑම වලින් වලකින්න


ඔයා දැනන් හිටියද ඇතැම් කෑම වලින් අපිට දහඩිය දාන එක වැඩි කරනවා කියලා.

තන්තු අඩු ආහාර, දිරවන්න ජීර්ණ පද්ධතියට වැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා. සෝඩියම් වැඩි ආහාර ගත්තම ඒවයේ තියෙන ලුණු ටික ඩීටොක්ස් කරන්න සිරුර වැඩිපුර දාඩිය සහ මුත්‍රා පිට කරනවා. ඇතැම් ආහාර වල ඇති අධික මේදය, දිරවන ක්‍රියාවලියෙදි ශරීරය, ඇතුලතින් උණුසුම් වෙනවා.

ඒ වගේ ආහාර වලට උදාහරණ;
* සකස් කල ආහාර
* මත් පැන් සහ බීර
* සුදු ලූණු සහ ලූණු
* කැෆේන්
* දැවිල්ල ආහාර
* අයිස් ක්‍රීම්

(අයිස් ක්‍රීම් කිව්වම පොඩ්ඩක් පුදුම හිතෙනවා නේද.. ඔව් අයිස් ක්‍රීම් වල තියෙන අධික සීනි සහ මේදය දිරවන්න අපේ සිරුර අමතර ශක්තියක් වැය කරනවා. මේ ක්‍රියාවලියෙදී අපේ සිරුර ඇතුලතින් අණුසුම් වීමකට ලක් වෙනවා. ඒක තමයි වැඩිපුර දාඩිය දාන්න හේතුව..)

4. දහඩිය දාන එක අඩු කරන කෑම කන්න


ඇත්තෙන්ම ඇතැම් ආහාර අපේ ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාවලිය සන්සුන් කරනවා.

* ජලය යහමින් ඇති ආහාර (පැණි කොමඩු, මිදි, නිවිති, මල් ගෝවා, බ්‍රොකලි, වම්බටු, ගෝවා..)
* කැල්සියමි යහමින් ඇති ආහාර (කිරි, චීස්..)
* කෙසෙල්
* මෝරු
* බතල
* ඔලිව් තෙල්

5. හොඳින් වතුර බොන්න


හොඳින් වතුර බොන්න. වතුර සහිත ආහාර වර්ග ගන්න. එවිට ඔයාගේ සිරුර ඇතුලතින් සිසිල්ව තියගන්න පුලුවන්. අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක මෙයින් වලක්වගන්න පුලුවන්.

6. සැහැල්ලු ඇඳුම් අඳින්න


සිරිරේ උණුසුම ලෙහෙසියෙන් පිට කරන රෙදි වලින් නිමවූ ඇඳුම් අඳින්න. පුලුවන් හැම වෙලාවෙම සැහැල්ලු ඇඳුම් අඳින්න. අත් යට දහඩිය පැල්ලම් ඇතිවෙන එක වලක්වගන්න පුලුවන්.

7. කැෆේන් වලින් වලකින්න


ඔයා වැඩිපුර දාඩිය දාන කෙනෙක් නම් කැෆේන් වලින් වලකින එක නුවණට හුරුයි. මොකද, කැෆේන් ඔයාගේ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, රුධිර පීඩනය වැඩි කරනවා. ඒ වගේම හෘද ස්පන්ධනය වැඩි කරනවා. මේ ඔක්කොම ඔයාගේ ස්වේද ග්‍රන්ථි වලට උත්තේජනයක් දෙනවා.

8. දුම් පානයෙන් වලකින්න


කැෆේන් වගේම, නිකොටින් වලිනුත් හෘද ස්පන්දනය වැඩි කරනවා. සිරුරේ උෂ්ණත්වය ඉහල යන නිසාත් ස්වේද ග්‍රන්ති වල ක්‍රියාකාරීත්වය වැඩි වෙන එකෙන් සිරුරට වැඩිපුර දාඩිය දානවා.


සිරුර වෙහෙසීමකින් තොරව හෝ රස්නෙ නැති වෙලාවක හරි අනවශ්‍ය විදිහට අධික ලෙස දඩිය දානවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ඉතා වැදගත්.

මොකද හදවත් රෝග, ආර්තවහරනය, ආඝාතය (stroke), හයිපර්තයිරොඩිසම් (hyperthyroidism), පිලිකා සහ වෙනත් තත්ත්ව නිසාත් මෙසේ සිදුවෙන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,706
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
Reasons and symptoms of arshas (Hemorrhoids)
   32,514
   14

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed