හදිසියේම දරුවා තුලින් මේ කියන ලක්ෂණ දකින්න ලැබුනොත් මොකද කරන්නේ?

February 20, 2018
4,079
What would you do if your child shows sudden changes like these
පොඩි පැංචන් කර ගන්න අනතුරු, දඟ වැඩ ගැන නම් ඉතින් අමුතුවෙන්න් කතා කරන්න අවශ්‍ය නැහැ. හැම කෙනෙක්ටම ඒ ගැන අත්දැකීම් තියෙනවනේ. පොඩ්ඩක් හරි ඇහැ වෙන කොහෙට හරි ගත්තොත් මොකක්ම හරි විනාශයක් තමයි. ඒ ඉතින් දරුවන්ගේ හැටි. බිම පය තියල ඇවිදින්නත් කලින් ඉදලම පස්සෙන්ම ඉන්න ඕන කියන්නේ ඒකයි. අපි දරුවට මොන තරම් ආදරය කරත් වැඩක් නැහැ දරුවා ගැන හොඳ අවධානෙකින් නැත්තන්. මේ කියන්නේ දරුවා ගැන ඔයාගේ අවධානය දෙන්න ඕන එක තැනක් ගැන.

පොඩි දරුවෝ ඉතින් අතට අහු වුණ දේ කටට දාගන්නවා. ඒත් ඒක හරිම භයානකයි. ඒ මොනවා හරි දෙයක් දරුවාගේ උගුරේ හිර වුනොත් ඒක දරුවගේ ජිවිතයට පවා තර්ජන ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වේලාවකදී ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි කලබල නොවී ඉන්න එක. ඔයා කලබල කරන්න ගත්තම දරුවාත් බියට, කලබලයට පත් වෙනවා. ඒ වගේම අපි කලබල වෙලා, හදිස්සි වෙලා ගන්න වැරදි තීරණ නිසා තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා මොනවද කරන්න ඕන කියලා දැන ගෙන ඉන්න එක ගොඩාක් වැදගත්.

හදිසියේම දරුවා තුලින් මේ කියන ලක්ෂණ දකින්න ලැබුනොත් දරුවාගේ උගුරේ මොනවා හරි හිර වෙලා කියලා අනුමාන කරන්න පුළුවන්.

දරුවාට කතා කර ගැනීමට නොහැකි වීම

ශබ්ධ පිට කිරීමට නොහැකි වීම

අපහසුවෙන් හුස්ම ගැනීම

හැඩීම පිට කර ගැනීම නොහැකි වීම

කලබල ස්වභාවයක් පෙන්වීම

දරුණුම තත්වයකදී දරුවාව සිහිසුන් වීම

මේ වගේ වෙලාවක ඔයා මොනවද කරන්න ඕන සහ ඒ කොහොමද?

මේ වගේ වෙලාවක කරන්න ඕන හොඳම දේ තමයි හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙක් වෙත ගෙනයාම හෝ ප්‍රථමාධාර පුහුණු කරුවෙක් වෙත ගෙන යාම. නමුත් ඔයාට ඒකට කාලයක් නැත්තම්ද හෝ වෛද්‍යවරයෙක් වෙත ගෙන යන අතරතුර හරි දරුවා මුනින් අතට ගෙන හිස පහළට හිටින සේ හරවා පිටට තට්ටු කරන්න. මෙහිදී තට්ටු කරන්න ඕන දරුවාගේ පිටේ උරපතු දෙක අතර ප්‍රදේශයටය. මේක කරන්න පුළුවන් අවුරුදු 1 හෝ ඊට අඩු දරුවන්ට.

දරුවාගේ වයස ඊට වඩා වැඩි නම් දරුවාගේ පිටුපසින් සිටගෙන දරුවා මදක් ඉදිරියට නැවීමට සලස්වා දරුවාගේ ඉණ වටා දෑත් යවා දරුවාගේ නාභියට මදක් ඉහලින් තබාගන්න. ඉන්පසු දරුවාගේ උදරය ඉක්මනින් සහ වැරෙන් උඩු අතට තෙරපන්න. ඒ වගේම පිටට වරෙන් තට්ටු කරන්න. උදරය තෙරපීම සහ පිටට තට්ටු කිරීම මාරුවෙන් මාරුවට සිදු කරන්න.

යමක් හිර වීම නිසා දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුනු අවස්ථාවක හෝ සිහිසුන් වූ අවස්ථාවක කෘතීම ස්වසනය ලබා දෙන්න.එත් ගොඩක් දෙනෙක්ට ඒ ගැන නිවැරදි අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවක හැකි ඉක්මනින් දරුවා වෛද්‍ය වරයෙක් වෙත ගෙන යන්න. සිර වූ දේවල් පිටතට ගන්න කියලා දරුවාගේ මුව තුලට අත ,ඇඟිලි දැමීම හෝ වෙනත් උපකරණ ඇතුළු කිරීම නොකළ යුතුයි.

සිර වූ දෙය පිටතට ගත්තත් දරුවාව වෛද්‍යවරයෙක් වෙත ගෙන යන එක වැදගත්. මොකද ඒ වගේ වෙලාවක දරුවාගේ උගුර තුවාල වෙන්න පුළුවන්. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.

දරුවාගේ ආරක්ෂාව ගැන නිතරම සොයා බලන ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 665 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:18:52 AM
Script:/article/665/what-would-you-do-if-your-child-shows-sudden-changes-like-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:18:53 AM
Script:/article/665/what-would-you-do-if-your-child-shows-sudden-changes-like-these.html