මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

June 9, 2018
51,671
How to keep your feet beautiful
ඔයත් ලස්සනට ඉන්න කැමති කෙනෙක්නම් මුහුණට විතරක් සත්කාර කරලා නතර වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද එහෙම වුනොත් ඒක ඔයාගේ සුන්දරත්වයට බලපානවා කියලා ඔයා දන්නවා.ඒ නිසා ඔයාට ඔයාගේ මුහුමේ සුන්දරත්වය වගේම අත් සහ දෙපා ලස්සනට තියා ගන්න එකත් වැදගත්. හැබැයි ඔයා ඔයාගේ කකුල් දෙක අමතකම කරලා දැම්මොත් කෙනෙක් මුහුණ බලලා කකුල් දෙක බලද්දී ඔයාගේ මුහුණේ තිබුණු ලස්සනෙනුත් වැඩක් නැතුව යනවා.

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන. දෑත් සහ දෙපය අලංකාරව සහ නිරෝගීව තබා ගැනීම ඔයාගේ ලස්සන සඳහා මෙන්ම පෞරුෂය සඳහාත් ඉතාම වැදගත්. ඉතින් මේ කියන්නේ දෙපා වලට නිවසේදීම පහසුවෙන්ම කොහොමද සත්කාර කරන්නේ කියලා.

මුලින්ම ඔයා කරන්න ඕන නියපොතු පිරිසිදු කරගන්න එක. සමහර විට කාලෙකට කලින් ගල්වපු නිය ආලේපනත් තවම ඔයාගේ නිය මත ඉතිරි වෙලා ඇති. මුලින්ම ඒ නිය ආලේපන ඉවත් කර ගන්න. හැබැයි නිය ආලේපන ඉවත් කරන්න නියපොතු සූරන්න එහෙම එපා. ඒ සඳහා Nail Polish Remover එකක් භාවිතා කරන්න. නියපොතු වැවිල තියෙනවා නම් කපා ගන්න.

ඊළඟට ඔයා කරන්න ඕන මේකයි. මද උණුසුම් වතුර බේසමකට Bath salt සහ shampoo මිශ්‍ර කර විනාඩි 20 ක් පමණ වෙලාවල් ඔයාගේ දෙපා එම උණුවතුර බේසමේ දමා දෙපා පෙගෙන්නට හැර පිරිසිදු තුවායකින් තෙතමාත්තු කර ගන්න. ඊළඟට කකුල් ස්ක්‍රබ් කරන්න ඕන. හොඳ Foot Scrub එකකින් තෙත මාත්තු කර ගත් කකුල් Scrub කර ගන්න. වළලුකර සහ යටි පතුල් හොඳින් Scrub කර මැරුණු සම ඉවත් කර ගන්න.

දැන් ඔයාගේ කකුල් දෙක හොඳින්ම පිරිසිදු වෙලයි තියෙන්නේ. දැන් ඔයා කරන්න ඕන හොඳ ප්‍රමිතියෙන් උසස් මොයිස්චරයිසින් ක්‍රීම් එකක් යටිපතුල් වල ආලේප කරන එක සහ හොඳින් සම්භාහනය කරන එක. එයින් ඔයාගේ කකුල් වල තෙතමනය රැක ගන්න පුළුවන්.

ඊළඟට ඔයා කැමති නම් හොඳ නිය ආලේපන වර්ගයක් නියපොතු වල ගල්වන්න. පිරිසිදු කර ගත්ත ඔයාගේ කකුල් වලට තවත් ලස්සනක් එක කරාවි. හැබැයි නිකන්ම අහුවෙන නිය ආලේපනයක් ගල්වන්න යන්න එපා. මුලින්ම නියපොතු වල බේස් කෝට් එකක් අලේප කරලා ඊට පස්සේ ගැලපෙන වර්ණයකින් නිය අලේපනයක් ගල්වන්න. ඊටත් පස්සේ ටොප් කෝට් එකක් අලේප කරන්න. ඒ වගේම ගැල් වූ නිය ආලේපන දින තුනකට වඩා නිය මත තියෙන්නට හරින්න එපා. නිය පොතු වලට එය හානියක්. හොඳම දේ තමයි ස්වභාවික ලස්සන රැකෙන විදියට ඔයාගේ නිය පෙළ රැක ගන්න එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 865 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:51 AM
Script:/article/865/how-to-keep-your-feet-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:52 AM
Script:/article/865/how-to-keep-your-feet-beautiful.html