නමට සමරණ කාන්තා දිනයේ නොදුටු පැත්ත ගැන තරුණියකගේ ඇසින් හදවතට දැනෙන කතාවක්

March 9, 2017
6,667
Women need freedom not protection
ජාත්‍යන්තර කාන්තා දිනය ඊයේ අපේ ලංකාවේ වගේම ලෝකයේ අනිත් රට වලත් ඉහලින් සැමරුවා. අපේ රටේ ජාතික කාන්තා දින උත්සවය කියලා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේදී උත්සවයකුත් පැවැත්වුනා. කාන්තාවන්ට කාන්තා දිනයක් ඇත්තටම අවශ්‍යද?

කාන්තාවෝ විදිහට අපි සමාජයේ ගත කරන ජීවිතය ගැන හිතලා බැලුවොත් ඔබ ඔබ ගැන තෘප්තිමත්ද? විශේෂයෙන් අපිටම වෙන් වූ දිනයක් සමරන්නේ අපි මොන පදනමක් මත ඉඳලාද?

හැම අවුරුද්දකම මාර්තු මාසේ 8 වෙනිදා මහා ඉහළින් කාන්තාවන්ගේ වටිනාකම් ගැන, විශේෂත්වය ගැන,b ලස්සන ගැන ඉහළින් කතා කරන සමාජය, මාර්තු මාසේ 9 වෙනිදා ඉදන් ආපහු හැසිරෙන්නේ පරණ විදිහටමයි නේද?

අපෝ ඒ කෙල්ල අරමයි, මෙහෙමයි...
මාර ඇඳුම... පුදුම කොටක් නේ... ගෙදර අම්ම කෙනෙක් නැද්ද?
ඔෆිස් එකේ වැඩ කරන විදිහ ගැන කියලා වැඩක් නෑ
අරකි නම් පුදුම බඩ්ඩක් තමයි...

මේ විදිහට නේද කාන්තාවෝ ගැන සමාජයේ බොහෝ දෙනා අදහස් දක්වන්නේ? මේ ලෝකයට එන හැම කෙනාටම තමන්ගේ ජීවිතය අනතුරට ලක් කරගෙන ජීවිතය දෙන කාන්තාවට ලැබෙන්න ඕන වටිනාකම් මේකද?

අපි කව්රුවත් ලස්සනට ඉන්න කැමතියි. කොටට ඇන්දා කියලා පිරිමි යාළුවො ආශ්‍රය කළා කියලා අපි කව්රුත් බඩු නෙමෙයි.

අපේ වටිනාම හැමදාටම රැකෙන විදිහට අපි කටයුතු කරන්න ඔනී. කාන්තා දිනයක් සමරගෙන කාන්තාවන්ට අරම කරමු, මෙහෙම කරමු කියලා කිව්වට ඔය ප්‍රතිපත්ති නීති සම්පාදනය කරන්න මුල් වෙන මිනිහාගේ ගෙදර ගෑනිට කොහොම සලකනවාද කියලා කියන්න අපි කව්රුත් දන්නේ නෑ.

පාරේ තනියම නිදහසේ ගමනක් ගිහින් එන්න අපිට පුළුවන්ද? බස් එකක, කෝච්චියේ යද්දී අපහසුතාවයට පත් නොවුණු ගැහැණු කෙනෙක් හොයා ගන්න පුළුවන්ද? කෙලින් එළිපිට නොකිව්වට තමන්ගේ කසාද මිනිහා අතින්ම ලිංගික පීඩනයකට ලක් වෙමින් ජිවත් වෙන කාන්තාවෝ කොයි තරම් නම් අපේ ලංකාවේ ඇද්ද?

පවුලේ සම්පුර්ණ බර කරට අරගෙන හැමෝගෙම යහපතට තමන්ගේ ආසාවල් කැප කරන අම්මලා, අක්කලා කීදෙනෙක් මේ ලෝකයේ ජිවත් වෙනවා ඇද්ද?

හරියටම මෙන්න මෙහෙමයි කියලා කියන්න අපිට බෑ. කාන්තාවට සලකන්න ඕනේ මෙහෙමයි කියලා කාටවත් කියන්න බෑ වගේම ඒ කියන විදිහට සැලකුම් ලැබෙන්නෙත් නෑ කියන කාරනාව අපි හැම දෙනාම අවබෝධ කර ගන්න ඕනේ. අපේ වටිනාකම රැකෙන විදිහට අපේ ජීවිතය ගත කරන එක අපි හැමෝගෙම වගකීමක්.

ඉගෙන ගන්න වයසේදී පුළුවන් උපරිම විදිහට අපේ අධ්‍යාපන කටයුතු ඉවර කරන එක අපේ වගකීමක්. තරුණ වයසට ආවහම බොරුකාර හොර පිරිමින්ට අහු වෙන්නේ නැතුව ලස්සන ජිවිතයක් ගත කරන එක අපේ වගකීමක්. කසාදයක් බැන්දහම තමන්ගේ සැමියාට දරුවන්ට සලකාගෙන සුන්දර ජිවිතයක් ගත කරන එක අපේ වගකීමක්. වයසට යනකොට හැමෝටම කට පුරා ආදරයෙන් ආච්චි අම්මා කියලා කතා කරන්න පුළුවන් විදිහට ආදරණිය ජිවිතයක් ගත කරන එක අපේ වගකීමක්.

මේ වගකීම් අපි අවබෝධ කරගෙන අපේ ජීවිතය අපිට ඕනේ විදිහට ලස්සන කර ගන්න එක අපේ වගකීමක්. කව්රුත් අපේ ජිවිත ලස්සන කරන්න එනකල් අපි බලාගෙන ඉන්නවානම් අපි කරන්නේ වචනෙන් විස්තර කරන්න බැරි මෝඩ කමක්.

අපි අද ජිවත් වෙන තැනින් එක අඩියක් හරි ඉස්සරහට ගිහින් ලෝකයම වර්ණවත් කරගන්න සම්පුර්ණ හැකියාව තියෙන්නේ අපිටම විතරයි.

අපි අද ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන්න අපි උත්සාහයෙන් කටයුතු කරන්න ඔනේ. හරි විදිහට කැපවීමෙන් උත්සාහයෙන් අරමුණක් ඇතුව යන ගමනක් වලක්වන්න කාටවත්ම බෑ. ඒ නිසා අපේ ගමන අපි හදා ගන්න ඕනේ. අපේ පාර අපිම කපා ගන්න ඕනේ. අපේ ලෝකය ලස්සන කරගන්න සම්පුර්ණ හැකියාව සහ දක්ෂකම තියෙන්නේ අපි තුලම තමයි.

හවස 5ට වැඩ ඇරිලා කිසිම නරක වචනයක් අහන්නේ නැතුව කොටුවෙන් බස් එකේ ගෙදර එන්න පුළුවන් දවසක, අපි හැමෝම එකතු වෙලා ලොකුවටම කාන්තා දිනය සමරමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 110 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:14:36 PM
Script:/article/110/women-need-freedom-not-protection.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:14:36 PM
Script:/article/110/women-need-freedom-not-protection.html