ඔසප් වූ දිනයෙන් ඔබේ ආයු කාලය දැනගන්න

May 5, 2017
15,786
Age of First Period Can Predict Life Expectancy
අපි මොන දේ කලත් ජීවිත කාලය කොයි තරම්ද කියල දන්නවද? නෑ නේ. දැනගන්න කැමතිද ඔබ කොයි තරම් කාලයක් ජීවත් වේවිද කියල. එහෙම නම් මේක කියවන්නකෝ.

සාමාන්‍යයෙන් අපි හැමෝටම මතකනේ අපිට පළවෙනියෙන්ම ඔසප් වුනු දවස. හරිහැටි තේරුමක් නැති වුනාට අම්මා කාමරයකට ගෙනිහින් අපිව මුල්ලකට කරලා තියලා, ගොඩාක් චාරිත්‍ර වාරිත්‍ර වලට අපිව ලක් කරලා, සමරපු අපේ මල්වරය ගැන දැනගත්තු පලවෙනිම දවස කාටවත්ම අමතක වෙන්නේ නෑ.

ලෝකයේ පුරා කාන්තාවන් 16,000ක් යොදාගෙන කරපු අලුත්ම පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා, ඔබ පළමු වරට ඔසප් වුනු දවසයි, ඔබේ ආයු කාලයයි අතරේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. කැලිෆෝනියාවේ සැන් ඩියෙගෝ කියන විශ්වවිද්‍යාලයෙන් තමයි මේ අලුත්ම හොයා ගැනීම කරලා තියෙන්නේ.

ඒ අය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා, වැඩි වයසින් ඔසප් චක්‍රය ආරම්භ කරන කාන්තාවෝ, සාමාන්‍යයෙන් වයස අවුරුදු 90ක් පහු වෙනකල්ම ජිවත් වෙන්න හැකියාව තියෙනවා කියලා. ඒ කියන්නේ වැඩියෙන් ජිවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියන එක.

වයස අවුරුදු 12න් පස්සේ ඔසප් වීම අරඹන යුවතියන්ට වැඩි ආයු කාලයක් හිමියි. ඒ වගේම තමයි ආර්තවහරණය වැඩි වයසින් සිද්ද වෙන කාන්තාවන්ටත් වැඩි ආයු කාලයක් හිමි වෙනවා. ඒ කියන්නේ වයස අවුරුදු 50න් පස්සේ ආර්තවහරණයට ලක් වෙන කාන්තාවන්.

ඔසප් වීමේ ආරම්භක දිනය සහ ආර්තවහරණයට ලක්වීමේ දිනයත් එක්ක ආයු කාලය තීරණය වෙන සාධකය මොකක්ද, සම්බන්ධතාවය මොකක්ද කියලා නම් මේ අයට තවම හොයාගන්න පුළුවන් කමක් ලැබිලා නෑ.

හර්ද රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග පාලනයකුත් මේ අයගේ දක්නට ලැබෙනවලු. ඒ නිසාම නිරෝගී දීර්ග ආයුෂ ලබන්න මේ අය වාසන්නවන්ත වෙලා කියලයි වෛද්‍යවරු කියන්නේ. කොහොම වුනත්, ඔබට ඔබේ පළමු ඔසප් දිනය සහ ජිවිත කාලය ගැන දල අදහසක් ලබා ගන්න පුළුවන් සොයාගැනීමක් තමයි මේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 258 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 12:20:27 PM
Script:/article/258/age-of-first-period-can-predict-life-expectancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 12:20:27 PM
Script:/article/258/age-of-first-period-can-predict-life-expectancy.html