අද හැඩකාරී අපි හැමෝම කන්න කැමති ගෙදර ඉඳන් පහසුවෙන් පීසා පිළියෙළ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
පිටි- 250g
බිත්තර -2
ලුණු තේ හැඳි -2
ඊස්ට් තේ හැඳි -1
තක්කාලි සෝස්
තම්බා ගත් කුකුල් මස් -100g
රතු ළූණු ගෙඩි - 2
හීනියට කපා ගත් මාළු මිරිස් කරල්
තක්කාලි - 100g
මිරිස් කුඩු
මොසරැල්ලා චීස්- 50g
සාදන ක්‍රමය :
01. අවන් එක සෙල්සියස් අංශක 200-250 (400 F) රත් වෙන්න හරින්න.
02.ඊස්ට් සහ සිනි ස්වල්පයක් මද උණුසුම් වතුරෙන් මිශ්‍රකර පිපෙන්නට හරින්න.
03.පිටි සහ ලුණු එකට හලාගෙන තරමක් ලොකු භාජනයකට පිටි මිශ්‍රණය, වතුර, බිත්තර සහ ඊස්ට් මිශ්‍රණය එකතු කර විනාඩි 10ක් පමණ මිශ්‍ර කර ගනිමින් විනාඩි
15ක් පමණ පිපෙන්නට හරින්න.
04.සදාගත් පිටි මිශ්‍රණය රවුමට තුනී කර ගන්න.
05.තුනී කරගත් පසු සෝස් හොඳින් අලේප කර ග්‍රේට් කරගත් චීස් අතුරා ගන්න.
06.එයට රවුමට කපා ගත් ළූණු, තක්කාලි, කුකුල් මස්, මිරිස් කුඩු සහ ලුණු උඩින් අතුරන්න.
07. අවන් එකේ පහල මැද රැක් එකේ සාදා ගත් පීසා එක සෙල්සියස් අංශක 200-250 උෂ්ණත්වය යටතේ විනාඩි 15-20ක් බේක් කර කරන්න. අවන් තැටි මත බේක් කරන්න එපා.