Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
අද කාලෙට ගැළපෙන විදිහට යුවතියන්ට අඳින්න පුළුවන් ඇඳුම් වර්ග 05 ක්
November 9, 2018
11,464
Share this article
Tweet this article
කාන්තා විලාසිතාවන් අතර අතිශය ජනප්‍රිය විලාසිතාවක් තමයි ඇඳුම් විලාසිතාව. දවසින් දවස කාන්තා ඇඳුම් විලාසිතාව දියුණු වෙනවා හිතා ගන්නවත් බැරි විදිහට. අද ඔයා ඇඳුම් සාප්පුවකට ගිහිල්ලා බලන ඇඳුම හෙට වෙනකොට ඒ සාප්පුවේ නැති වෙන්නත් පුළුවන්. මොකද ඒ තරමට අද ඇඳුම් විලාසිතාව කාන්තාවන් අතරේ ජනප්‍රියයි. හැමදාම වගේ අදත් අපි ඔයාට හැඩකාරී වෙතින් අද කාලේ යුවතියන් අතර වඩාත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවන් කිහිපයක් ගැන කතා කරන්න තීරණය කළා. හැඩට වැඩට ඇඳලා ලස්සනට ඉන්න කැමති ඔයා මේ ලිපිය කියලා බලන්නකෝ අද කාලේට ගැළපෙන ඔයාට අඳින්න පුළුවන් ඇඳුම් මොනවද කියලා.
කෙටි සාය (Mini skirt)
අද වන විට යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුමක් තමයි කෙටි සාය විලාසිතාව. උසින් අඩු යුවතියන්ට මේ කෙටි සාය විලාසිතාව හොඳින්ම ගැළපෙනවා. ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් මෙවැනි ආකාරයේ ස්කර්ට් එකක් ඉතාමත් ලස්සනට අඳින්න පුළුවන්. මේ මිනි ස්කර්ට් එක ගොඩක් වේලාවට දණහිසට හෝ දණහිසට තරමක් උඩින් තමයි අඳින්නේ. මෙවැනි ස්කර්ට් විලාසිතාවකට හොඳින්ම ගැළපෙන්නේ ෂර්ට් බ්ලවුසයක්. කොලර් සහිතව හෝ රහිතව මෙවැනි ස්කර්ට් එකකටක් අඳින්න පුළුවන්. මේ ඇඳුම තවත් කැපිලා පේන්නේ බ්ලවුසය ස්කර්ට් එකට යට කරලා ඇන්දාම.
කෙටි ගවුම (Mini dress)
සමාන්‍ය ගමනකට වගේම පාටියකට යන විටත් එහෙමත් නැති නම් මිතුරු හමුවකට යනකොටත් මෙවැනි ආකාරයේ ගවුමක් හොඳින්ම ඔයාට ගැළපෙනවා. අද ගොඩක් යුවතියන් කෙටි ගවුම් විලාසිතාවට කැමතියිනේ. ඉතිං මෙවැනි වර්ගයේ ගවුමක් ඔයාගේ රුචිකත්වයට මුල් තැන දීලා තෝරා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ පෙන්සිල්කට් වර්ගගේ කෙටි ගවුම් විලාසිතාවක් නම් එවැනි ආකරයේ ගවුමක් අඳින්න පුළුවන්. එහෙමත් නැති නම් ෆ්ලෙයාඩ් හෝ ඒ ලයින් යන ඕනෑම වර්ගයේ ගවුමක් තෝර ගන්න පුළුවන්. ඔයා ගවුමක් තෝරා ගැනිමේදී ඔයාගේ උසට සහ සිරුරේ ෂේප් එකට ගැළපෙන ආකරයේ ගවුමක් තෝරා ගන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම උස, මහත ගැන අවධානය යොමු කළොත් ඔයාට හැඩට වැඩට අඳින්න පුළුවන් විදිහේ ගවුමක් තෝරගන්න පුලුවන් වෙයි.
නිල් වර්ණ දෙකේ ඩෙනිම් විලාසිතාව (Double blue denim out-fit)
මුලින්ම හැඩකාරී අපි ඔයාට මතක් කළානේ ඇඳුම් විලාසිතාව කාලයෙන් කාලයට වෙනස් වෙනවා කියලා. ඩෙනිම් විලාසිතාවත් එහෙමයි. සමාන්‍යයෙන් ඇඳුම් විලාසිතාවක් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යන්නේ නැති තරම්. ගොඩක් වේලාවට වෙන්නේ කාලෙන් කාලයට නව අංග උපාංග එකතු වෙලා අලුත් ඇඳුම් විලාසිතාවක් විදිහට වෙළඳපොළට එකතු වීමයි. ඩෙනිම් විලාසිතාවත් අන්න ඒ වගේ. අද කාලේ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක් තමයි Double blue denim out-fit කියන්නේ. මෙහිදි ඔයාගේ සම්පුර්ණ ඇඳුම් කට්ටලයම ඩෙනිම්වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාගේ ජින්ස් ලානිල් ඩෙනිම් මැටීරියල් එකක් කියලා. ඒ ජින්ස් එකට අඳින බ්ලවුසය හෝ කෙටි ජැකට් එකට ජින්ස් වල වර්ණයට වඩා ටිකක් වෙනස් නිල් වර්ණයක් තමයි භාවිත කරන්නේ. සමස්ථ ඇඳුමට යොදාගෙන තියෙන්නේ ඩෙනිම් මැටීරියල් වීම තමයි මෙහි තියෙන විශේෂත්වය.
සිංගල් ඩිස්නි ගවුම (Single disney dress)
මේ ඇඳුම නම් අපේ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ගොඩක් වේලාවට මෙවැනි ඇඳුමක් භාවිත කරන්නේ උස්සව අවස්ථාවකට. තනි පැහැයෙන් තමයි මේ ඇඳුම ගොඩක් වේලාවට නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඉණට උඩ කොටස සිරුරේ හැඩය ඉස්මතු වෙන විදිහට ඇගේ ගානට දකින්න ලැබෙනවා. නමුත් ඉණෙන් පහළ කොටස කුඩා කුඩා රැලි විදිහට තමයි දකින්න ලැබෙන්නේ. විශාල ෆෙයාර් එකකින් යුක්තව තමයි මෙවැනි ඇඳුමක් උත්සව අවස්ථාවකට භාවිත කරන්නේ. සිහින් සිරුරක් තියෙන කෙනෙක්ට මෙවැනි ඇඳුමකින් සිරුර ටිකක් මහත් කරලා පෙන්වීමේ හැකියාව තියෙනවා. ඉතිං ඉස්සරහට එන්නේ උත්සව සමයනේ. ඉතිං ඔයාට හැඩට වැඩට පාටියකට යන්න ඕන නම් මෙවැනි ආකාරයේ ඇඳුමක් මිලදී ගන්න පුළුවන්.
ක්රැක්ඩ් ජින්ස් සහ බ්ලවුස් (Cracked jeans and blouse)
අද කාලේ යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුම් වර්ගයක් තමයි cracked jeans එක කියන්නේ. මෙවැනි ආකාරයේ ජින්ස් යුවතියන් අතර වගේම තරුණියන් අතරත් ඉතාමත් ජනප්‍රියයි. මෙවැනි ජින්ස් එකක විශේෂත්වය වෙන්නේ දණහිස අසලින් හෝ පාදවල බත් කෙණ්ඩ අසලින් කැපුම් විලාසයක් දිස් වීම. ගොඩක් වෙලාවට පාද මතුපිටට නිරාවරණය නොවන විදිහට නුල්වලින් ආවරණය කරලා තියෙනවා. එහෙමත් නැතිනම් කිසිදු ආවරණයක් නොමැතිව ඩෙනිමේ තැනින් තැන කැපුම් විවර දක්නට තියෙනවා. ඉතිං මෙවැනි ඇඳුමකට ෂර්ට් බ්ලවුස් එකක් හොඳින්ම ගැළපෙනවා. අත් රහිත කෙටි බ්ලවුසයක් වුණත් මෙවැනි ජින්ස් එකකට අදින්න පුළුවන්. ඉතිං දැන් ඔයාටත් පුළුවන් අද කාලේට ගැළපෙන විදිහේ මේ වගේ ඇඳුමක් ඇඳලා හැඩට වැඩට ලස්සනට ඉන්න.
Related Articles
8,688
ඔයාටත් ඇඳින්න පුලුවන් සෝනම් කපූර් සාරි විලාසිතා
7,340
මවක් වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් Fashion එකට ඇඳුම් අඳින්න
2,247
Jumpsuit එකක් ඔබේ ශරීර හැඩයට ගැළපෙන විදිහට තෝර ගන්නේ මෙහෙමයි
Featured Articles
47,685
පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා
3,388
තැම්බුම් හොද්දේ ඇති මේ වාසි 5 දැනගත්තොත් ඔබ එයට තවත් ආස වේවි
1,334
ඔබ නිදි පෙති ගන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න
Trending Articles
9,145
දුරකතනයට සිමා වුණු ආදරය කෙටි කාලයකින් බිඳ වෙටෙන්න නොදී පවත්වාගෙන යන්න
16,285
Reverse Hair Washing කෙස් කළඹට පණක් දෙන්නේ කොහොම දන්නවාද?
12,771
ගැටවලට අහු නොවි වෙනිවැල්ගැට වලින් ලස්සන වෙන්න tips 05 ක්
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
1,075
282
ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවන්ට වැටෙන බැරියර් වලට එරෙහිව චමරි අතපත්තුගෙන් සැර පහරක්
පිට පිරිමි ආශ්‍රය කරන්න එපා, කොල්ලන් ක්‍රීඩා කරන්න හොඳ නෑ, තුවාල කැළල් හැදෙන එක තරුණියකට හොඳ නෑ, බයිසිකල් පදින්න හොඳ නෑ
Read More
19,425
125
සතුට හොයන ඔබ මේ දේවල් අදම අත්හරින්න
අපි ජීවිතය කොයි විදිහට ගත කලත් අපේ හිතට සතුට හොයාගන්න අමාරු වෙලා තියෙනවා. හිතෙන්නේ නැද්ද මොන දේ කලත් ඇයි හැම වෙලේම
Read More
42,900
103
ගොඩක් දෙනෙක් නොදන්නා ඕට්ස් හා එහි වටිනාකම
අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්
Read More
132
101
බර අඩු කර ගැනීමේ අදහස ඔබටත් තියනවා නම් මෙම ක්‍රම 4ට ඕට්මීල් අරගන්න
ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරනවා නම් ඔබේ එදිනෙදා ආහාර වේලට පහසුවෙන් ඕට්මීල් ඇතුළත් කරගන්න පුලුවන් ක්‍රම හතරක් මෙන්න
Read More
6,048
90
ඔයා මේ රෝගවලින් පීඩා විදිනවා නම්, පමා වෙන්නේ නැතුව කුරුඳු ආහාරයට ගන්න
අද අපි ඔයාට කියන්න යන්නේ කුරුඳු භාවිත කරලා ලස්සනට වගේම නිරෝගිව ඉන්න පුළුවන් විදිහක් ගැන. විශේෂයෙන්ම ඔයාගේ සමට, හිසකෙස්වලට වගේම ශරීර සෞඛ්‍යයටත් ඉතා වැදගත් වාසි රැසක් කුරුඳු මගින් ලබාගත හැකියි. ඔයා කුරුඳු භාවිත කළොත් එයින් ලැබෙන ප්‍රතිඵල ගැන දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ
Read More
Latest Articles
බර අඩු කර ගැනීමේ අදහස ඔබටත් තියනවා නම් මෙම ක්‍රම 4ට ඕට්මීල් අරගන්න
ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවන්ට වැටෙන බැරියර් වලට එරෙහිව චමරි අතපත්තුගෙන් සැර පහරක්
මේ ටිප්ස් 5 දන්නව නම් ගර්භණී සමයේදී ඇති වන වමනය නතර කර ගන්න පුළුවන්..
කලින් දවසෙ නින්ද ගියේ අඩුවෙන්ද? නිදිමරපු බව නොපෙනෙන්න පහුවදාට ලස්සනට ඉන්නෙ මෙහෙමයි
ප්‍රීතිමත් යුවළක් නින්දට යාමට පෙර කරන දේවල් මොනවද දන්නවද?
හොඳම ස්වාභාවික මේක් අප් රිමූවර්ස් ලෙස භාවිතා කළ හැකි ඔබේ මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය 7 ක්
Most Viwed
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා
බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්
ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)
විවාහක යුවලක් නිදාගන්න ඉරියව්වෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්