වයස අවුරුදු 4ත් 5ත් අතර දරුවකු දිනකට කොපමණ ආහාර ප්‍රමාණයක් ලබා ගත යුතුයිද?

July 20, 2021
17,652
How much food for kids in 4 to 5 years?
කුඩා දරුවන්ට ආහාර ලබාදීම මවුවරුන්ට ඇති විශාල අභියෝගයක්.. විශේෂයෙන් වයස අවුරුදු 4ත් 5ත් අතර කුඩා දරුවකු සිටින මවක් නම් ඔබට මෙය විශාල අභියෝගයක් වී ඇති.. මෙම වයසේ දරුවන්ට ආහාර ගැනීමට වඩා අවශ්‍ය වන්නේ කෙළි සෙල්ලමින් කාලය ගත කිරීමටයි. ඔබටත් වයස අවුරුදු 4ත් 5ත් අතර කුඩා දරුවකු සිටිනවා නම් දරුවා දිනකට ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් ලබාගන්නවාද? නැතිහොත් දරුවාගේ වයසට ඔබ ලබාදෙන ආහාර ප්‍රමාණවත්ද යන ගැටළුව ඇති.

එසේ නම් මෙම ලිපිය ඔබටයි..

වයසින් වැඩෙන විට දරුවන්ගේ ආහාර රුචියද වර්ධනය වනවා. සෑම දරුවකුම නිශ්විත ආහාර ප්‍රමාණයක් ලබාගන්නේ නැති අතර ආහාර රුචියද එක් එක් දරුවාගෙන් වෙනස් වනවා. දරුවකු ලබාගන්නා ආහාර ප්‍රමාණය කෙරෙහි දරුවා කොපමණ ක්‍රියාශීලි ජිවිතයක් ගත කරනවාදැයි යන්න බලපානු ලබනවා.

ව්‍යායාම් සහ ක්‍රියාශීලීත්වය

දරුවන් ක්‍රියාශීලී වන විට ඔවුන්ගේ සිරැර තුළින් ශක්තිය දහනය වනවා. ඔබගේ දරුවා සෑමදිනකම අවම වශයෙන් පැය 3ක් පමණ ශාරිරික ක්‍රියාකාරකම් හි නිරත වීම වැදගත් වනවා.. එසේ ශක්තිය වැය වන විට ඒවා නැවත ශරීරයට ලබාදිය යුතු අතර ශරීරයට ශක්තිය ලැබෙන ප්‍රධාන ප්‍රභවයන් වන්නේ සෞඛ්‍යය සම්පන්න ආහාර, ප්‍රමාණවත් පිරිසිදු ජලය පානය සහ සුව නින්ද යන කාරනා යි.

වයස අවුරුදු 4ත් 5ත් අතර දරුවකු සදහා දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණය

1. උදෑසන ආහාරය - Breakfast
- පාන් ටෝස්‍ට්, චීස් සමග බිත්තර
- කව්පි,කඩල, මුංඇට වැනි ධාන්‍ය
- ආප්ප, ඉදිආප්ප හෝ කිරිබත්
- ධාන්‍ය සීරියල් සමග කිරි

2. දිවා ආහාරය - Lunch
- බත් සමග එළවලු, පලාකොල සහ මස් , මාලු, බිත්තර වැනි ප්‍රෝටින් බහුල ආහාරයක්
- දරුවන් ප්‍රිය කරන සලාද
- මස් හෝ මාලු අඩංගු සැන්ඩ්විච්

3. රාත්‍රී ආහාරය
- එළවලු මිශ්‍ර පැස්තා
- තැම්බූ එළවලු සමග බිත්තර
- නූඩ්ලස්
- ආප්ප/ ඉදිආප්ප/නූඩ්ලස්
- බත් සමග එළවලු , මස් හෝ මාලු

සෑම වේලක් සඳහාම ඒකාකාරි රටාවෙන් මිදී විවිධ ආහාර වර්ග එක් කිරීමෙන් දරුවාගේ ආහාර රුචිය වර්ධනය කරගත හැකියි. එමෙන්ම ප්‍රධාන ආහාර වේල් අතරතුර කෙටි ආහාර වේල් සඳහා දරුවා ප්‍රියකරන පළතුරු, කේක් හෝ නිවසේ පිළියෙල කරන ලද කෙටි කෑම වර්ගද ලබාදිය හැකිය.

ආහාර කොපමණ ප්‍රමාණයක් ලබාදිය යුතුයිද..?

ආහාරවල ප්‍රමාණය ඔබ දරුවාට ලබාදෙන ආහාර වර්ග අනුව වෙනස් වනු ලබනවා. උදාහරණ ලෙස,
- පළතුරු - වියළි පළතුරු නම් කෝප්ප 1ක් නැතිනම් කෙසෙල් ගෙඩියක් හෝ අලිගැට පේර ගෙඩි 1ක් පමණ
- පිසින ලද එළවලු නම් වර්ගයකින් කෝප්ප භාගයක් පමන
- ධාන්‍ය කෝප්ප භාගයක්
- පාන් පෙති 1ක් හෝ 2ක්
- ප්‍රෝටීන් සඳහා - මස් වර්ග ග්‍රෑම් 80ක් පමණ හෝ බිත්තර 2ක්
- කිරි කෝප්ප 1ක් හෝ චීස් කැබලි 2ක්

මෙම වයසේ පසුවන්නන් බොහෝ විට පොඩි බඩගිනි කාරයෝයි.. එබැවින් ඔවුන්ට දවස පුරාම විටින් විට මොනවා හෝ හැපීමට වුවමනා වේවී.. එමනිසා ඔවුන් ප්‍රිය කරන සෞඛ්‍ය සම්පන්න කෙටි කෑම නිතර නිතර ඔබේ මුළුතැන්ගෙය තුල තබා ගැනීමටත් ඔබට සිදුවේවි..
නමුත් සෑම විටම ප්‍රධාන ආහාර වේල වෙනුවට කෙටි ආහාර මගින් බඩ පුරවා ගැනීමට නම් දරුවන්ට ඉඩ දෙන්න එපා.. එවිට ප්‍රධාන ආහාර වේල මගින් ඔවුන්ට ලැබෙන පෝශණය මගහැරී යාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 2019 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:50:17 AM
Script:/article/2019/how-much-food-for-kids-in-4-to-5-years.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:50:17 AM
Script:/article/2019/how-much-food-for-kids-in-4-to-5-years.html