ඉස්සෝ වඩේ

November 30, 2019
4,813
Isso wade
අද හැඩකාරි අපි ඔයාට ගෙදර අයත් එක්ක හවස තේ වෙලාවට ඉස්සෝ වඩේ ටිකක් ලේසියෙන්ම හදාගන්න හැටි කියලා දෙනවා

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉස්සන් 150g
කඩල පරිප්පු කෝප්ප 1 1/2
කපා ගත් ඉඟුරු මේසහැඳි 1
ලූණු ගෙඩි 6
වියලි මිරිස් කරල් 12
සුදුලූණු බික් 3
කරපිංචා කිනිති 3
කහ කුඩු තේහැඳි 1
මිරිස් කුඩු තේහැඳි 2
ලුණු රස අනුව
දෙහි යුෂ තේ හැඳි 1
පාන් පිටි මේසහැඳි 3
පොල් තෙල්

උඩින් දැමීමට:
කපා ගත් ලොකු ලූණු ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 4
පොත්ත සුද්ද නොකල ඉස්සන්

සාදන ක්‍රමය :

01. ඉස්සන් සුද්ද කර එයට දෙහි බැයක යුෂ සහ කහ කුඩු ස්වල්ප‍යක් දමා අත ගා ගන්න.

02. පැය තුනක් පමණ වෙලා පරිප්පු දියේ දමා වතුර බේරා කොටා ගන්න.

03. පසුව කොටා ගත් පරිප්පු වලට ඉඟුරු, සුදුලූණු, රතුලූණු, වියළි මිරිස් කරල්, කරපිංචා, ඉස්සන් 6ක් දමා හොඳින් කොටා ගන්න.

04. ඉන් පසු එය භාජනයකට දමා එ‍යට ලුණු, පාන් පිටි සහ මිරිස් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.

05. ඉන් පසු අත් වල හොඳින් වතුර තවරා ගෙන අවශ්‍ය ප්‍රමාණ‍යට පරිප්පු මිශ්‍රණය ගෙන බෝල‍යක් සදා එ‍ය අත් වලින් තද කර පැතලි කර ගන්න.

06. ඉන් පසු එයට උඩින් පොත්ත සුද්ද නොකල ඉස්සන් දෙකක් තබා තරමක් තද කරන්න.

07. භාජනයක් ගෙන තෙල් දමා ඉස්සෝ වඩේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.

08. ඉන් පසුකපා ගත් ලූණු සහ අමු මිරිස් ඊට උඩින් දමා ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1464 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:27:09 AM
Script:/article/1464/isso-wade.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:27:10 AM
Script:/article/1464/isso-wade.html