හොට් චොකලට් පුඩින් හැදීමට අවශ්‍ය දේ
පාන් පිටි ග්‍රෑම් 100
සීනි ග්‍රෑම් 150
කොකො පවුඩර් මේස හැඳි 2
බේකින් පවුඩර් තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/4
නැවුම් කිරි මිලි ලීටර් 100
එළවළු තෙල් මේස හැඳි 2
වැනිලා රසකාරක තේ හැඳි 1
දුඹුරු සීනි ග්‍රෑම් 225
කොකෝ පවුඩර් මේස හැඳි 4
උණු වතුර මිලි ලීටර් 450
හොට් චොකලට් පුඩින් හදමු
1. මධ්‍යම ප්‍රමාණයේ බෝල් එකකට පිටි, සීනි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් සහ ලුණු දමා කලවම් කර කිරි, තෙල්, වැනිලා දමා මෘදු වනතුරු හැඳිගා ගන්න.
2. ඉන්පසු තෙල් නොතැවරුණු අගල් 9ක බේකින් තැටියකට එම මිශ්‍රණය දමාගන්න.
3. එය මතට දුඹුරු සීනි හා කොකෝ පවුඩර් ඉසින්න. දැන් ඒ මතට උණු වතුර වත්කර කලවම් නොකරන්න. ඉන්පසු සෙල්සියස් අංශක 180 ට රත්කරගත් උඳුනක විනාඩි 35-40 ක් පමණ බේක්කර උණුසුම්ව පිළිගන්වන්න.