රසම් කියන්නේ ආහාර රුචිය වැඩිකරන වගේම ශරීර ප්‍රතිශක්තීකරණය වැඩිකරන, උදරයේ ඇති අපහසුතාවයන් සමනය කරන දිව්‍ය පානයක්. බලමු අපි රසම් නැතහොත් තැම්බුම් හොද්ද හදන හැටි..
අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙකුට ) :
කොත්තමල්ලි මේස හැඳි 2
සූදුරු මේස හැඳි 1
සියඹලා ඇට 5
ගම්මිරිස් තේ හැඳි 1/2 - 1
සුදු ලූණු බික් 5-6
රතු ලූණු ගෙඩි 5-6
කරපිංචා ඉති 4
වියලි මිරිස් කරල් 2 (කැමැත්ත අනුව)
රස පදමට ලුණු
වතුර කෝප්ප 4
සාදන ආකාරය :
01. කොත්තමල්ලි සහ සූදුරු සෝදා පෙඟෙන්න හරින්න.
02. වතුර කෝප්ප 4ට සියඹලා ටික දමා දිය කර ඇට ඉවත්කර සියඹලා වතුර ටික පසෙකින් තියා ගන්න.
03. පෙඟුනු කොත්තමල්ලි සහ සූදුරු වල වතුර ටික පෙරා ඉවත් කරන්න.
04. සියඹලා වතුර ටික, වියලි මිරිස් සහ ලුණු හැර අනිත් සියළු කලමනා ටික ග්‍රයින්ඩරයක හෝ ගලේ අඹරාගන්න. සිහින්ව අඹරා ගැනීම නොකල යුතුයි. පොඩ්ඩක් ඇඹරුනාම ඇති.
05. දැන් මැටි ඇතිලියක හෝ නොන්ස්ටික් භජනයකට අඹරාගත් මිශ්‍රණය, සියඹලා වතුර ටික, ලුණු සහ වියලි මිරිස් කරල් දෙක දමා සාමන්‍ය ගින්දරේ විනාඩි 7-10ක් පිසගන්න.
06. උණුසුම්ව රසවිඳින්න.