ආහාර ගෙන ටික වෙලාවකින් නින්දට යාමෙන් ඇතිවන අතුරු ආබාධ

July 13, 2021
4,404
Side effects of eating before bed
බොහෝ දෙනා රාත්‍රීයේ නින්දට යාමට පැය දෙක තුනකට පෙර ආහාර ලබා ගත්තත් නින්දට යාමට පෙර කුමන හෝ කෑමක් ආහාරයට ගැනීමට බොහෝදෙනා පෙළඹී සිටිනවා.. ඇත්තටම නින්දට යාමට පෙර ආහාර ගැනීම සුදුසුයිද.. එසේත් නැතිනම් එමගින් යම් අතුරු ආබාධ ඇති කරනවාද..?

පර්යේෂකයන්ට අනුව නින්දට යෑමට පෙර, ප්‍රධාන ආහාරයට පසුව යම් යම් කෙටි ආහාර ගැනීමෙන් ශරීරයට අතුරු ආබාධ ඇති කරනවා.

මේද දහනය අඩුවනවා
ඔබත් ශරීරයේ බර අඩු කර ගැනීම සහ මේද දහනය පිළිබදව සැලකිලිමත් වනවා නම්, රාත්‍රී නින්දට පෙර කෙටි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. පර්‍යේශකයන් පෙන්වාදෙන ආකාරයට රාත්‍රී ආහාරය නින්දට පැය 4කට පෙර ලබාගත් පුද්ගලයින්ගේ මේද දහනය නින්දට කෙටි වේලාවකට පෙරත් ආහාර ගන්නා පුද්ගලයින්ට වඩා වැඩි බවයි.. එමනිසා ඔවුන්ට අනුව ශරීරයේ මේද දහනය වීම ප්‍රමාද කිරීමට නින්දට කෙටි වේලාවකට පෙර ආහාර ගැනීම හේතුවක් වනවා.. විශේෂයෙන් රාත්‍රී ආහාරයට ඕට්ස් මිශ්‍ර ආහාර, ඩාර්ක් චොකලට්, බතල, බෙරි වර්ග, බිත්තර, ග්‍රීක් යෝගට්, නිවිති, මල්ගෝවා වැනි ඉක්මනින් මේද දහනයට උපකාරි වන ආහාර ගැනීම වඩාත් සුදුසු වනවා.

ශරීරයේ බර වැඩිවිය හැකියි
ඔබ සිරැරේ බර අඩුකර ගැනීමට වෙහෙස වනවා නම් රාත්‍රී ආහාරය ප්‍රමාද වී ගැනීමත් නින්දට පෙර කෙටි ආහාරවර්ග ගැනීමත් සුදුසු වන්නේ නැහැ. එමගින් සිරැරේ මේද දහනය ප්‍රමාද කරන අතර සිරැරේ බර වැඩිවීමට හේතුවනවා. එමෙන්ම තරබාරුව සහ පරිවෘත්තිය ක්‍රියා අඩාලවීමේ අවධානම ඇතිවීමට ඉඩ තිබෙනවා.

පරිවෘත්තිය ක්‍රියා අඩාල වීමේ සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවධානම
උදරයේ මේදය තැන්පත්වීම, රුධිර පීඩනය වැඩිවීම, රුධිරයේ සීනී මට්ටම ඉහළයාම, දෙවන ඝනයේ දියවැඩියාව, ආඝාතය වැනි තත්ත්වයන් ඇතිවීමට හේතු කාරකයක් වන පරිවෘත්තිය ක්‍රියා අඩාල වීමේ සින්ඩ්‍රෝම තත්ත්වය ඇතිවීමටත් නින්දට පෙර ආහාර ගැනීම හේතු කාරක වනවා.. විශේෂයෙන් පිශ්ඨය, සීනි සහ මේදය අධික ආහාර ගැනීම ප්‍රධාන වශයෙන් හේතු කාරක වනවා.


නින්දට බාධා එල්ලවීම
ඔබ එතරම් අවධානය යොමු නොකළත් ඔබගේ රාත්‍රී ආහාරය සහ උදෑසන ප්‍රබෝධයෙන් යුතුව අවදි වීම අතර සබඳතාවක් තිබෙනවා.. පර්‍යේශනයකට අනුව රාත්‍රී නින්දට ආසන්නයේ ආහාර ගන්නා පුද්ගලයින් හට නින්ද ලබාගැනීමට ප්‍රමාද වන අත‍ර නින්දට බාධා සිදුවන බවත් එමනිසා උදෑසන ප්‍රබෝධමත්ව දවස ඇරඹීමට නොහැකි බවත් සොයාගෙන තිබෙනවා.


පසුදින කාර්‍යක්ශමව වැඩ කිරීමට නොහැකි වීම
නින්දට පෙර සෞඛ්‍ය ආරක්ශිත නොවන කෙටි කෑම වර්ග වලට හුරු වීමෙන් පසුදින අවදි වීමේ දී හිසරදය පාචනය සහ අප්‍රාණික ගති ඇති වීමේ අවදානමක් තිබෙනවා. එමගින් දෛනික කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට බාධා එල්ල වනවා. ඔබගේ රාත්‍රී ආහාරය අවම වශයෙන් නින්දට පැය 4 කට පෙර හෝ ගැනීමත් එයට ජීර්ණය වීමට පහසු සැහැල්ලු ආහාර ගැනීමත් මගින් මෙම තත්ත්වය අඩු කර ගැනීමට ඔබට පුළුවන්.

සුව නින්දක් ලබා ගැනීමට උපකාරි වන සහ ඔබට අවශ්‍ය පෝශණය සහ ශක්තිය ලබාදෙන ආහාර වර්ග ලෙස උණුසුම් කිරි, ආමන්ඩ්, මේදය අඩංගු මාලු, සලාද කොළ, කඩල , රතුබත්, කෙසෙල්, පරිප්පු, නිවිති, ඇපල්, ඔලිව් තෙල් වැනි ශක්තිජනක ආහාර වර්ග හැඳින්වීමට පුළුවන්..

එමනිසා ඔබත් රාත්‍රී ආහාරයට පෙර කෙටි ආහාර සොයමින් ශීතකරණය පීරනවා නම් අද සිට එය නතර කිරීමට උත්සාහ ගත්තොත් හොඳයි නේද.. එමගින් ඔබට සිරැරේ බර වැඩිවීම පිළිබඳ අවධානමෙන් මිදීමටත් සුව නින්දක් ලබාගෙන ඔබගේ දවස නැවුම්ව ආරම්භ කිරීමටත් හැකියාව ලැබේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2016 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:10 AM
Script:/article/2016/side-effects-of-eating-before-bed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:10 AM
Script:/article/2016/side-effects-of-eating-before-bed.html