නිවාඩු කාලයේ දී වැඩි වුණ බර අඩු කරගන්න ටිප්ස් මෙන්න

June 17, 2020
2,785
Tips to reduce your weight
පහුගිය නිවාඩු කාලයේදී ගොඩක් අය ගෙවල් වලට වෙලා වැඩියෙන්ම කළේ රසවත් ආහාර හදමින් ඒවායේ රස බලන එකයි. විවිධ පැණි රස, තෙල් බැදුම් ආහාර වගේම අලුත් අතුරුපස වර්ග කොච්චර ප්‍රමාණයක් කෑවාද කියලා මතක් කරගත්තොත් ඒ සියල්ල එකට තියලා පහු ගිය මාසයේ කැලරි කීයක් පරිභෝජනය කළාද කියලා ඔබට ම වැටහෙයි. දැන් තිබ්බාට වඩා බර වැඩි වීම ගැන කණගාටු වෙනවාත් ඇති. එහෙනම් ඔය ප්‍රමාණයෙන් එහාට බර වැඩි කරගන්නේ නැතුව දැන් ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අපි ඔබට කියන්නම්...


1. සැලසුම් කිරීම
ඔබේ ආහාර වේල සැලසුම් කිරීමෙන්, ඔබ නරක ආහාර පුරුදු වලින් වැළකෙන්න පුළුවන්. රාත්‍රී ආහාරය සඳහා ඔබට කන්න සුදුසු මොන වගේ ආහාර ද කියලා සැලසුම් කරන්න උත්සාහ කරන්න. ඊළඟට, ඔබට කෑමට අවශ්‍ය දේ සහ ඔබ ලබා ගන්න ඕනේ ආහාර මොනාද කියලා තීරණය කරන්න පුළුවන්. ඔබේ බර වැඩි කළත්, ඒත් අතිශය කැමති ආහාරයකින් කුඩා කොටසක් අරගත්තාට කමක් නෑ. හැබැයි හැමදාම කන්න යන්න එපා. 

2. ජලය පානය කරන්න
කොවිඩ් කාලේ අපි වැඩිපුර වතුර බොන එක වැදගත්. මෙම ක්‍රමයට අනුව කටයුතු කලොත් වඩා හොඳ වෙයි : ආහාර ගැනීමට පෙර වතුර වීදුරුවක් බොන්න. මේ ආකාරයට ඔබට අධික ලෙස ආහාර ගැනීමෙන් වළකින්න පුළුවන් වෙයි.

3. කුඩා පිඟානකට කන්න
ඔබ අඩුවෙන් ආහාරයට ගන්නා බවට සහතික කර ගැනීම සඳහා උපක්‍රමයක් මෙන්න: කුඩා පිඟානක් තෝර ගන්න. ස්වභාවිකවම ලොකු පිඟානකින් ආහාර සඳහා වැඩි ඉඩක් ඇති ලැබෙනවා. ඒකෙන් වෙන්නේ ඔබ වැඩි ආහාර ප්‍රමාණයක් ඒකට අරගෙන විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන එකයි. කුඩා පිඟානක් ගන්න. එතකොට ඔබ ස්වයංක්‍රීයව අඩුවෙන් ආහාරයට ගන්න පුරුදු වෙනවා කියලා ඔබට ම පෙනෙයි. 

4. ඔබේ කැලරි ඉතිරි නොකරන්න
අපි බොහෝ විට කරන දෙයක් තමයි දිවා කාලයේදී පුළුවන් තරම් සුළු ප්‍රමාණයක් ආහාර ගෙන රාත්‍රියේදී වැඩිපුර ආහාර ගන්න එක. නමුත් ඔබ ඉතා සුළු ප්‍රමාණයක් අනුභව කරනකොට ඔබේ රුධිරයේ සීනි මට්ටම පහත වැටෙන අතර ඒකෙන් ඔබේ ශරීරයට අහිතකර ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමට අවශ්‍ය වෙනවා. එය වළක්වා ගැනීමට රාත්‍රී ආහාරය ගන්න කලින් පැය කිහිපයකට පෙර පළතුරු හෝ තම්බපු එළවළු ටිකක් හෝ ධාන්‍ය ආහාරයට අරගන්න. එහෙම කළාම ඔබට සවස් වරුවේ අධික ලෙස බර ආහාර හෝ මත්පැන් අධික ලෙස ගැනීමට අවශ්‍ය වෙන්නෙත් නෑ.

5. ඔබට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න
ඔබ වෙහෙසට පත් වෙලා ඉන්නකොට ඔබට වැඩියෙන් බඩගිනි වෙනවා. ඔබ රෑට නිදාගන්නේ පැය පහකටත් වඩා අඩු කාලයක් නම්, ඔබේ ශරීරයෙන් නිපදවෙන්නේ හෝමෝන අඩු ප්‍රමාණයක්. ඉතින්, ඔබ හොඳ නින්දක් ලබා ගන්න වග බලා ගන්න!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1653 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/1653/tips-to-reduce-your-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/1653/tips-to-reduce-your-weight.html