වැලිතලප

August 7, 2020
4,599
welithalapa
උදේට පිට්ටු තම්බා ඉතිරි පිට්ටු තිබුනොත් එයින් හවස තේ මේසයට වැලිතලප හදා ගන්නත් ඔබට පුලුවනි. එහෙම නැතුව වැලිතලප වෙනුවෙන්ම උනන්දුවක් දක්වන හැඩකාරියන්ටයි මේ වට්ටෝරුව..

අවශ්‍ය දේ :

හාල් පිටි ග්‍රෑම් 500 ක්
පොල් ගෙඩියක්
හකුරු හෝ පැණි ග්‍රෑම් 500 ක්
එනසල්, මහදුරු සහ කරදමුංගු සියල්ල එකතුව තේ හැන්දක් පමණ

සාදන අන්දම :

01. මුලින්ම පිටි හා පොල් හොඳින් සිහින් කැට වෙන සේ මල් කර ගෙන පිට්ටුව තම්බා ගන්න.

02. දැන් තම්බා ගත් පිට්ටුව කැට කඩා පැතත්ක තබන්න. ඔබට අවශ්‍ය නම් පිට්ටුව බම්බුවේ නොදමා ස්ටීමරයකින් තම්බා ගන්නත් පුලුවනි. එවිට නැවත කැට කිරීමත් පහසුයි.

03. දැන් හකුරු හෝ පැණි ලිප තබා හොඳින් උනු කරන්න. එයටම එනසල්, කරදමුංගු මහදුරු එකතු කරන්න.

04. පැණි පදම් වූ පසුව පිට්ටුව දමා හොඳින් මිශ්‍ර කරන්න. භාජනයේ නොගෑවී එකතු වෙන තරමට පිට්ටුවට පැණි උරා ගත් පසුව ලෑල්ලක බටර් හෝ මාගරින් තවරා ගෙන එයට පිට්ටුව දමා තුනී කරන්න.

05. දැන් කැට කපා ගන්න. මෙය කෙසෙල් ගෙඩි සමග මේසයට යවන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1752 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:28 AM
Script:/article/1752/welithalapa.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:28 AM
Script:/article/1752/welithalapa.html