සෑම කාන්තාවක්ටම මග හැරෙන ඔසප් සනීපාරක්ෂාව ගැන ඔබ දැනුවත් විය යුතුමයි

August 27, 2020
26,233
Do not avoid these sanitary habits while periods
කාන්තාවන් විසින් අනුගමනය කළ යුතු ඔසප් සනීපාරක්ෂක පිළිවෙත් වල වැදගත්කම හා අවශ්‍යතාවය ගැන ඔයා දන්නවාද? ඒ ගැන වැඩි විස්තරයක් දැනගැනීමට මේ ලිපිය කියවන්න.

2016 වසරේ වාර්ෂික වාර්තාවට අනුව ලංකාවේ කාන්තා ජනගහනය 54% ක් පමණ වෙනවා. එය සැලකිය යුතු විශාල සංඛ්‍යාවක්. ඒත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බොහෝ කාන්තාවන් තමන්ගේ සනීපාරක්ෂාව හා සම්බන්ධ ගැටළු පිළිබඳව තවමත් දැනුවත් නැහැ.

ඔසප් වීම කියන්නේ නව යොවුන් වියට එළඹෙන විට තරුණියන් තුළ සිදුවන සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒකෙන් කියවෙන්නේ ගැහැණු දරුවෙක් වැඩිහිටි තරුණියක් බවට වර්ධනය වීම ආරම්භ වෙනවා කියන එකයි. ඒ නිසාම ඒ අවස්ථාව විවිධ සංස්කෘතීන් ඇතුළේ, සමරනු ලබනවා. ඒත් තාමත් සාම්ප්‍රදායික මති මතාන්තර වල ගිලිලා ඉන්න සමහර අය හිතන්නේ මෙම ක්‍රියාවලිය ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් කියලායි. ඇත්තටම ඒක වැරදියි. ඒ වගේම ගැහැණු ළමයෙකුට ඔසප් දිනවලදී පුලුවන් තරම් විවේක ගන්නට ඉඩ දිය යුතු අතර ඇයව වෙහෙසට පත් නොකළ යුතුයි.

පිරිසිදු කිරීම සහ ස්නානය කිරීම
ගැහැණු දරුවන් වගේම සෑම කාන්තාවක්ම ඔසප් කාලය තුළ පිරිසිදුව ඉන්න එක අනිවාර්‍යයි. ඒ නිසා නොවරදවාම මේ දින වල ගැහැණු දරුවන් ස්නානය කරන්න ඕනේ. ඒක ආසාදන වළක්වා ගැනීමට සහ රෝග වළක්වා ගැනීමට උපකාරී වෙනවා. සනීපාරක්ෂක තුවා වලින් හට ගන්න විශබීජ ශරීරයට ඇලී ආසාදන ඇති කරන්න පුලුවන් නිසා පිරිසිදුකම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබේ ශරීරයේ ලිංගික ප්‍රදේශ නිසි ලෙස සේදිය යුතු අතර විශේෂයෙන් උණුසුම් කාලගුණයක් ඇති කාල වල නිතරම පිරිසිදුව ඉන්න ඕනේ.

සනීපාරක්ෂක තුවා මාරු කිරීම
සෑම පැය 4-6 කට පසුවම කාන්තාවන් සනීපාරක්ෂක තුවා මාරු කරන්න ඕනේ. මොකද ඔසප් වීමේදී ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් සනීපාරක්ෂක පෑඩ් වලට එකතු වන නිසා ඒවා නියමිත වේලාවට බැහැර කරන්න ඕනේ. අනික උණුසුම් කාලගුණය ක්ෂුද්‍ර ජීවීන් වේගයෙන් වැඩි වීමට හේතු වෙනවා. ඒ නිසයි ඔබේ යෝනි ප්‍රදේශය පිරිසිඳු කිරීම ද අත්‍යවශ්‍ය වෙන්නේ.

සබන් හෝ යෝනි සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා නොකරන්න
සබන් හෝ යෝනි සනීපාරක්ෂක නිෂ්පාදන පිළිබඳ වෙළඳ දැන්වීම් හරහා පිරිසිදු ලොවක් මවා පෙන්වූවත් ඔසප් කාලය තුල මේ නිශ්පාදන භාවිතය නුවණට හුරු නෑ. කොහොම වුණත් ඔසප් වීමේදී ස්වාභාවිකවම යෝනි මාර්ගය පිරිසිදු කිරීමේ යාන්ත්‍රණයක් ශරීරයට ඇති බව ඔයා දැන සිටියාද? ඒ නිසා වෙළඳපොළේ තියන කෘතිම නිෂ්පාදන භාවිතා කිරීම යෝනි මාර්ගයේ ගැටළු ඇති වීමට හේතු විය හැකියි. ඒ නිසා ජලය පමණක් භාවිතා කර සේදීම වුණත් ප්‍රමාණවත්.

ප්‍රදේශය වියළිව තබා ගන්න
කාන්තාවක් ස්නානය කිරීමෙන් හෝ සේදීමෙන් පසුව පෞද්ගලික ප්‍රදේශය හොඳින් පිස දැමිය යුතු අතර යෝනි ප්‍රදේශය වියළිව තබා ගන්නත් ඕනේ. ඒ වගේම පිරිසිදු යට ඇඳුම් ඇඳීමෙන් ආසාදන වළක්වා ගන්න පුලුවන්. යට ඇඳුම් එදිනෙදා පිරිසිඳු කරන්න. යෝනි ප්‍රදේශය වියළිව තබා ගැනීමෙන් එම ප්‍රදේශයේ දිලීර වර්ධනය වැළැක්වීමට උපකාරී වෙනවා. ඒ වගේ දවස් වලට කම්මැලි බවක් දැනුනත් ඔයාගේ ඔසප් සනීපාරක්ෂාව මග හරින්න එපා.

තුවා නිසි ලෙස බැහැර කරන්න
තමන්ගේ ඔසප් දිනයක් තුළ එක් තුවායක් පමණක් භාවිතා කිරීම සුදුසු නැහැ. අධික රුධිර ප්‍රවාහයක් පවතින දිනවල ඔයා නිරන්තරයෙන් සනීපාරක්ෂක තුවා වෙනස් කරන්න ඕනේ. කාණු හෝ වැසිකිළි තුළට කෙලින්ම පෑඩ් එක විසික් කරන්න එපා. එමගින් කාණු හා කොමඩ් අවහිර වෙනවා. එය බෑගයකට දාලා ගැට ගහලා කුණු බඳුනකට දමන්න. ඒවගේම සනීපාරක්ෂක පෑඩ් මාරු කිරීමෙන් පස්සේ ඔබේ අත් දෙක සේදීම ද අනිවාර්යයෙන් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1800 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:09:55 PM
Script:/article/1800/do-not-avoid-these-sanitary-habits-while-periods.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:09:55 PM
Script:/article/1800/do-not-avoid-these-sanitary-habits-while-periods.html