දරුවන් බොරු කියන එක නවත්තන්න නම් ඔයා අතාරින්න ඕනේ අත්වැරදීම් 5ක්

March 17, 2021
23,194
5 mistakes parents to when kids lie
මොහොතකට ඔබ සිතා බලන්න මේ ජීවිත කාලය තුල ඔබ බොරු කී අවස්ථා කොතෙක් නම් ඇතිද? සමහර අවස්ථා තියෙනවා තව කෙනෙක්ගේ යහපත උදෙසා අපි බොරු කියපු. ඒ වගේම තමා මේ සංසාර ගමනේ නොයෙකුත් අවස්ථාවල අපිට රැවටිලිකාරයින්ව මුණ ගැසිලා තියෙනවා. අපි එවැන්නවුන් ආශ්‍රය කරලා තියෙනවා.

බොරු කියන එක වැරදි දෙයක් වුණත්, පොඩ්ඩා දන්නේ නැහැ බොරු කියන එකේ තියෙන බරපතලකම. දෙමාපියන් විදිහට හරි වැරැද්ද කියලා දීලා තේරුම් කරන එක තමයි දෙමව්පියන්ගේ යුතුකම වෙන්නේ. සමාජයේ ගැඹුරට කිඳා බැස මේ පිලිබඳ ගවේෂණය කිරීමේදී දරුවන් කියන බොරු වලින් දෙමවුපියන් දැඩි ලෙස කම්පනයට පත් වෙන ආකාරය ඕනේ තරම් දැක ගන්න පුළුවන්. දරුවාත් බොරු කියන්න පුරුදු වෙලා නම්, බොරු කීමට හේතුව සොයා ගන්න. ඒ වගේම දරුවා තුළ අවංකකම දිරිගැන්වීම සදහා උපායශීලි උපායන් උත්සහ කර බලන්න.

දරුවන් බොරු කියන එක නැවත්වීමට අවශ්‍ය නම් දෙමාපියන් විසින් මේ වැරදි හැසිරීම් රටා වහාම නිවැරදි කර ගන්න ඕනේ. අපි බලමු ඒ හැසිරීම් මොනාද කියලා.

කලබල වෙන්න එපා
ඔබේ පොඩ්ඩා ඔබට අසීමිත ලෙස ආදරය කරනවා. ඉතින් පොඩ්ඩා අම්මාගේ හිත රිද්දන්න ආස නැහැ. එනිසා ඉබේටම බොරු කියන්න පෙලඹෙනවා. ඔබ අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නැහැ. සමහර විට දරුවන් සත්‍යයක් පවසන විට ඔබ දක්වන ප්‍රතිචාරය අඩු නම්, සත්‍ය තොරතුරු පැවසීමට දරුවන් බිය වෙනවා.

දඩුවම ලිහිල් කරන්න
බොහෝ විට ළමයින් බොරු කියන්නේ දඩුවම් කරයි කියලා තියෙන බය නිසායි. දරුවා අම්මට බය වුණ නිසා ප්‍රශ්නෙට උත්තර දෙද්දී බොරුවක් කියන්න ඉබේම පෙලඹෙනවා. තවද දරුවට තමන්ගේ වරද පිළිගන්නත් දරුවාට ඉගෙන ගන්න කියලා දෙන්න. ඉතින් ඔබේ දරුවා ඔබට බොරුවක් පැවසුවොත් ලබා දෙන දඩුවම අඩු කරන්න. බොරු කීම පිළිගත නොහැකි බව දරුවාට උගන්වා සත්‍යය පැවසීමට දරුවන් දිරිමත් කිරීමට උත්සාහ කරන්න.

ක්ෂණික කෝපය ඇත හැරීම
ළමයින් බොරුවක් පවසන විට එය දරුවන් ඇත්තක් බව විශ්වාස කරන අවස්ථාද තියෙනවා. මෙය විශේෂයෙන් සිදු කරන්නේ ඉක්මණින් දෙයක් අමතක වන දරුවන් තුලය. එවැනි බොරු වලට බිය නොවන්න. දරුවාගේ ක්‍රියාව සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය පැහැදිලි කිරීමේදී ඉවසිලිවන්ත වීමට උත්සාහ කරන්න.

ඔබ නිවැරදි පිළිතුර ලබා ගැනීමට නිවැරදි ප්‍රශ්නේ අහන්න ඕනේ
අපි බොහෝ විට අපේ දරුවන්ගෙන් අසන්නේ එක පිළිතුරක් පමණක් අපේක්ෂා කරන ප්‍රශ්නයක්. උදාහරණයක් ලෙස, “එය රසවත්ද?” කියා අපි අසනවා. දරුවා ඔව් කියලා පිළිතුරු දෙනවා. නමුත් පැහැදිලිවම ඔවුන්ගේ පිඟානෙන් අපට පිළිතුර තීරණය කරන්න පුළුවන්.
එවැනි අවස්ථාවන් වලදී, ඔබේ දරුවා බොරු කියනවා ඔබට දැකීමට අවශ්‍ය නැතිනම්, නිවැරදි ප්‍රශ්නයක් ඇසීම හොඳයි: “පොඩ්ඩෝ, ඔයාට දැන් කන්න ඕනෙ මොනාද?” වැනි දේ අහන්න.

ඔබ දරුවාව මෝඩයෙකු ලෙස සලකන්න එපා
ඔබ ඔබේ දරුවන් බුද්ධිමත් අයෙකු ලෙස සලකන්නේ නැති නම්, දරුවන්ට කෑ ගසමින් හා ඔවුන්ට දොස් පවරන්නේ නම්, හොඳ දේ සහ හරි දේ දෙමාපියන්ගෙන් ඉගෙන ගැනීමට දරුවන්ට පෙළඹවීමක් ඇති වන්නේ නෑ.

ඔබේ දරුවන් සමඟ සමානාත්මකතාවයෙන් කතා බහ කරන්න පුරුදු වෙන්න. මෙවැනි අවස්ථා වල තමන් වැඩිහිටියෙන් ඔවුන් පොඩි අය ලෙස පවසමින් ඔවුන්ගේ පෞරුෂය බිඳ දමන්න එපා. වැරදි දේ පැහැදිලි කරන්න. සෑම දෙයකටම ඔවුන් වරදකරුවන් කරන්න එපා. මේ ආකාරයෙන් දරුවන්ට උස්මහත් වීමෙන් සත්‍යය පැවසීමේ වැදගත්කම ඔවුන් අවබෝධ කරගනු ඇත.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1956 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:18:13 PM
Script:/article/1956/5-mistakes-parents-to-when-kids-lie.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:18:13 PM
Script:/article/1956/5-mistakes-parents-to-when-kids-lie.html