ගෙදරට ගෙනාපු සුරතලාව බලාගන්න ඕනේ මෙහෙමයි

December 30, 2019
3,984
This is how you look after your new pet
ගෙදරට සුරතල් බලු පැටියෙක් ගේන්නේ ඔබේ පුංචි දරුවන්ගේ ආසාවට වගේම ඔබේ පවුලේ සතුට වෙනුවෙන් නේ. දරුවන්ට වගේම එදිනෙදා කාර්‍යබහුල ජීවිතයක් ගත කරන දෙමාපිය ඔබටත් සුරතල් සතෙක් ඇති කරනවා කියන්නේ ලොකු මානසික සතුටක් ඇති කරවන දෙයක් බවට ඉබේම පත් වෙනවා. බලු පැටවුන්ට තමයි ගොඩක් අය කැමැති. හැබැයි ගෙදරට සුරතල් සතෙක් ගෙනාවා කියන්නේ ඔවුන්ගේ සියලුම වගකීම් වගේම ඔවුන්ගේ රැකවරණය, සෞඛ්‍යය ගැනත් ඔබ සොයා බලන්න ඕනේ. දරුවන් වගේම ඔවුන්වත් රැක ගන්න ඕනේ. මේ ඒ වෙනුවෙන් ඔබට ඉටු කරන්න පුළුවන් කාරණා කීපයක්...

1. සුනඛ ඇඳන් සහ ආරක්ෂිත කූඩ භාවිතා කරන්න

බලු පැටවුන් දිනකට පැය 14 සිට 20 දක්වා නිදා ගන්න පුළුවන්. ඒ සඳහා ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිම කරලා තියෙන සුනඛ ඇඳන් ඔබට මිල දී ගන්න පුළුවන්. නැත්නම් ඔබ ආරක්ෂිත කූඩයක් භාවිතා කරන්නේ නම් එය සුරතලාට නිදාගැනීම සහ සංචාරය සඳහා පමණක් භාවිතා කරන්න. බල්ලන් කූඩු වෙලා ජීවත් වීමට කැමති නෑ. එබැවින් ඔබේ සුරතලා නිතරම වසා දැමීම සහ කූඩු ඕනෑවට වඩා භාවිතා කිරීම නොකරන්න. දොර විවෘතව තබන්න. බොහෝ සුනඛයන් කූඩු ආරක්ෂිත ස්ථානයක් ලෙස දකින අතර කැමැත්තෙන් ඇතුළට හා පිටතට යාමට හැකි වීමෙන් ඔවුන්ට සහනයක් ලැබේ.

2. ඇතුළත හෝ පිටත

බල්ලන් ඔවුන්ට කැමති, සුවපහසු අය සමඟ සිටින විට ඔවුන් වඩාත් සතුටට පත් වෙනවා. ඒ ඔබ විය හැකියි. ඔබ බොහෝ විට ඔබේ බල්ලා එළිමහනේ තබා ගන්නේ නම්, සෑම විටම දිනපතා ඇවිදීමට හා සෙල්ලම් කිරීමට කාලය වෙන් කරන්න. වැටක් සහිත අංගනයක් සමඟ ඔබේ බල්ලා ආරක්ෂාකාරීව තබා ගන්න. එය උණුසුම්ව තබා ගැනීම සඳහා ආවරණයක් සහිත, වියලි ස්ථානයක් සහ ඔවුන්ව සිසිල්ව තබා ගැනීමට සෙවණ සහිත ස්ථානයක් බවට වග බලා ගන්න. ඔවුන්ට ඕනෑ තරම් පිරිසිදු වතුර දෙන්න.

3. ඔබේ බලු පැටියා ගෙදර ගෙන ඒම

 බලු පැටියා නිවසට ගේන පළමු දින ඔවුන්ට එය මානසිකව විශාල වෙනසක් වෙනවා. එබැවින් ඔවුන්ට බොහෝ ආදරණීය විදිහට අවධානය යොමු කරන්න. ඔවුන් සමඟ නිතර සෙල්ලම් කරන්න. පශු වෛද්‍යවරයාගෙන් තොරතුරු දැනගෙන දින සටහන සැලසුම් කරන්න. ඔබේ පශු වෛද්‍යවරයාට ඔබ සතුව ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකි අතර ඔබේ නව සුරතලාට සෞඛ්‍ය ගැටලු ඇති නොවීමට ඔවුන් වග බලා ගනී.

4. පුහුණු කරන්න

ඔබට ඔබේ බලු පැටියාට ගොඩක් දේවල් උගන්වන්න පුළුවන්. චූටි බලු පැටවුන් කියන්නෙත් දරුවන් වගේම නිසි පුහුණුවක්, මගපෙන්වීමක් අවශ්‍ය අය. මළපහ කරන්න, කෑම කන්න, නාවන කොට දඟ නොකරන්න, සෙල්ලම් කරන්න සහ අණ පිළිපදින්න ඔවුන්ව පුහුණු කරගන්න ඕන. දරුවන් ඉන්න ගෙදරක නම් දරුවන් ඔවුන්ට ආදරය කරද්දී වෙන්න පුළුවන් හදිසි අනතුරු හා සෞඛ්‍යමය ප්‍රශ්න වලින් දරුවන් බේරගන්නත් සුරතලුන්ට ලබා දෙන අධ්‍යාපනය ගොඩක් වැදගත්. ඊට අමතරව ඔවුන් සිටින අතරතුර ඔබගේ ගෙදර වැඩ කරගැනීමටත් එය පහසුවක් වෙයි. සුළු වේලාවක් තුළ කරුණාවෙන් සහ ඉවසීමෙන් ඔබේ රළු බලු පැටියාට වඩා හොඳ හැසිරීමක් ඉගැන්වීමට ඔබටත් පුලුවන්.

5. ඔබේ බලු පැටියා සමඟ සෙල්ලම් කරන්න

සෙල්ලම් කිරීම විනෝදජනකයි! ඔබේ බලු පැටියා සමඟ සෙල්ලම් කිරීමට සෑම දිනකම කාලය වෙන් කර ගන්න. එයින් ඔවුන්ට ශක්තිය ලැබෙන අතර, ඔබ හා දරුවන් සමඟ බැඳීමක් ඇති කර ගනියි. සෙල්ලම් කරන විට සෙල්ලම් බඩු භාවිතා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1498 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:47 AM
Script:/article/1498/this-is-how-you-look-after-your-new-pet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:48 AM
Script:/article/1498/this-is-how-you-look-after-your-new-pet.html