උපන් දවසෙන් කියවෙන ඔබේ ගතිගුණ

May 11, 2017
45,083
What Does Your Birth Date Say About Your Personality
අපේ අනාගතය ගැන කතාකරන කේන්දරය පවා හදන්නේ ඔබ උපන් දවස සහ වෙලාව අනූව. නමුත් ඉතින් හැමෝටම කේන්දර බලලා තමන්ගේ ගතිගුණ හෝ අනාගතය ගැන දැනගැනීමේ හැකියාවක් නෑනේ. එකට ඉතින් කේන්දර බලන්න ඉගනගෙන ඒ වැඩේ කරන කෙනෙක් ළගටම යන්න ඕනේ. නමුත් ඉතින් සමහර ක්‍රම තියනවා ඔබටම ඔබේ ගතිගුණ වගේම අනාගතය ගැනත් පහසුවෙන්න දැනගත හැකි. අද අපි ඔබට කියන්නේ ඕනෑම මාසයක, ඔබ උපන් දිනය අනුව කියවෙන ඔබේ ගතිගුණ. මේ ලිපිය කියවීමෙන් පසුව නම් ඇත්තටම ඔබ පුදුමයට පත්වේවි. ඒ නිසා කියවලාම බලන්නකෝ.

අංක 1 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 01, 10, 19, 28 නම්
අංක 2 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 02, 11, 20, 29 නම්
අංක 3 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 03, 12, 21, 30 නම්
අංක 4 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 04, 13, 22, 31 නම්
අංක 5 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 05, 14, 23 නම්
අංක 6 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 06, 15, 24 නම්
අංක 7 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 07, 16, 25 නම්
අංක 8 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 08, 17, 26 නම්
අංක 9 - ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 09, 18, 27 නම්


අංක 1 හිමි පුද්ගලයන්

ඔබ බොහොම කඩවසම්, කෙලින් කතාකරන, කාරුණික හදවතක් ඇති, විටක තරහා ගන්න , කාඅතරත් ජනප්‍රිය අයෙක්. ඔබ තරුණ අවදියේදීම ආදරයක පැටලෙනවා. නමුත් විවාහ වෙන්නේ දැනුම් තේරුම් ඇති වයසේදී. ඔබ කැමතියි ධනාත්මකව සිතන අයත් සමග ප්‍රශ්න ඇතිකර ගන්න. ඔබ වැඩිපුර වියදම් කිරීමට උත්සහ කරන කෙනෙක්. නමුත් අනාගතයේදී ඔබ හොද වැටුපක් සහිත රැකියාවක නිරත වෙනවා. ඔබට දේශපාලනය ගැන වැඩි කැමැත්තක් තිබෙනවා. ඒ වගේම ඔබට දේශපාලනයෙන් ඉහලටම යාමේ හැකියාවත් තිබෙනවා. ඔබට හිමිවෙන්නේ බොහොම සාමකාමී පවුල් ජිවිතයක්. බිරිද වගේම දරුවනුත් ඔබට ආදරෙයි. ඔබ සුවිශේෂී පුද්ගලයෙක් සහ නිදහස් පුද්ගලයෙක්.


අංක 2 හිමි පුද්ගලයන්

මොනවා උනත් ඔබ හැම කෙනෙක්ගෙම ආදරයට බදුන් වෙන අයෙක්. මොකද ඔබට අධිපති ග්‍රහයා වන්නේ සදු. සදට හැමෝම ආදරෙයි. මේ නිසා නිතැතින්ම සියලු දෙනාගේ ආදරයට ලක්වෙනවා. ඔබ වැඩිපුර දවල් හීන බලන කෙනෙක්. ඔබට තිබෙන්නේ දුර්වල ශක්තියක්. මේ නිසා ඔබට ජිවිතයේ සෑම අවස්ථාවකම තවත් අයෙකුගේ සහය අවශ්‍ය වෙනවා. ඔබ ඉක්මනින් වෙනස් වෙන සුළුයි. ඒ වගේම ඔබ ආත්මාර්ථකාමියි. ඔබ සංගීතයට විශේෂ කැමැත්තක් දක්වනවා. ඔබ අනාගත වෘතියට තෝරාගන්නේ කලාව පැත්තෙන් හරි ව්‍යාපාරිකයෙක් ලෙසයි. ඔබට හිට්ලර් කෙනෙක් වගේම මහත්මා ගාන්ධි කෙනෙකුත් විය හැකියි. ආදරයේදී ඔබ සාර්ථක අයෙක් නොවෙයි. විවාහ වන තුරුම ඔබ ඉන්නේ වැනෙන තීරණයක. ඔබ කාන්තාවක් නම් ඔබ පවුල් ජිවිතයේ වගකීම් හොදින් ඉටු කරන අයෙක්. නමුත් පිරිමි අයෙක් නම් ඔබ විවාහයේදී එතරම් වගකීම් සහගත නැහැ.

අංක 3 හිමි පුද්ගලයන්

ඔබට තියෙන්නේ දැඩි සිතක්. ඒ වගේම ඔබ ටිකක් ආත්මාර්ථකාමියි. නමුත් ඔබ ආගමට දහමට ලැදි අයෙක්. ඔබට අවශ්‍ය ජිවිතයේ ඉහලටම යන්න. පවුල් ජිවිතයේ ආරම්භයේදී ප්‍රශ්න ඇතිවුණත් පසුව ඒවා හොදින් විසදෙනවා. ඔබේ ප්‍රශ්න දීර්ගකාලීනව ඔබට ගැටළු ඇතිකරන ඒවා නොවෙයි. ඔබ සතුව තිබෙන්නේ බොහොම තද වචන. ඔබට ප්‍රියමනාප මුහුණක් උපතින්ම හිමිවෙනවා. ඔබ කොතැනකට ගියත් ඔබට අවශ්‍ය දේවල් කෙසේ හෝ ලබාගන්නවා. ඔබ මහන්සියෙන් තොරව කිසිවක් ලබාගන්න අයෙක් නොවෙයි. මේ නිසාම ඔබ අනෙක් අයට හොද උදාහරණයක්. නමුත් ඔබ එතරම් සාමකාමී කෙනෙක් නොවෙයි. ඔබත් සමග ගනුදෙනු කිරීම ඉතා අපහසු කටයුත්තක්. නමුත් ඔබ කෙනෙකුගේ ගතිගුණ වලට කැමති උනොත් ජිවිතයේ කිසිම දවසක ඒ පුද්ගලයාව අතහරින්නේ නැහැ. මේ නිසා ඔබ තමන්ගේ පවුලට වගේම මිතුරන්ටත් උදවු කරන නිදහසේ ජිවත් වෙන්න කැමති කෙනෙක්.

අංක 04 හිමි පුද්ගලයන්

ඔබ තරමක් මුරණ්ඩුයි. නමුත් ඔබ නිතරම මහන්සි වී වැඩ කරන අයෙක්. ඒ වගේම සැහැල්ලු ගතිගුණ ඇති අන් අයට නිතරම උදවු කරන අයෙක්. ඔබ පිරිමි කෙනෙක් නම් ඔබ තරමක් අනෙක් අයට කරදර කරන කෙනෙක්. නමුත් ඔබට පුළුවන් අන් අයගේ ප්‍රශ්න හොදින් හදුනාගන්න. ඔබ කාන්තාවක් නම් අධ්‍යාපන කටයුතු වලට වගේම කලාවටත් ඔබ ඉතා දක්ෂයි. මේ දින වල ඉපදුන පිරිමි ළමුන් කැමති වැඩිපුර කාලයක් තමන්ගේ පෙම්වතිය සමග විනෝදයෙන් ගත කරන්න. නමුත් ඔබේ මිතුරන් ඔබේ කාලය සහ මුදල් විනාශ කිරීමට ඇති අවස්ථාව ඉතා වැඩියි. මේ නිසා ඔබ ආශ්‍රය කරන මිතුරන් ගැන හොද අවධානයකින් සිටිය යුතුයි. ඔබ නිතරම පවුලේ අයට සහ අනෙක් අයට උදවු කරන කෙනෙක්. විශේෂයෙන් කාන්තාවන්. ඒ වගේම ඔබ තරුණ කාලයේදීම ආදර සබදතා ආරම්භ කරනවා. නමුත් ඔබට නිතරම ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් මොනතරම් ප්‍රශ්න ඔබේ ජීවිතයට පැමිණියත් ඔබ ඔබේ පවුල හොදින් රැකබලා ගන්නවා. ඒ වගේම ඔබ නිතරම අවධානයෙන් සිටිය යුතුයි ඔබේ කාරුණික භාවයෙන් ප්‍රයෝජන ලබාගන්න බලාගෙන සිටින අය ගැන.

අංක 05 හිමි පුද්ගලයන්

ඔබ සමාජයේ ජනප්‍රිය පුද්ගලයෙක්. ඔබට බොහොම සරලව ඕනෑම කටයුත්තක් සිදුකළ හැකියි. ව්‍යාපාරික කටයුතු වලට ඔබ ඉතා දක්ෂයි. ඔබට යමක් කිරීමට අවශ්‍ය උනොත් අනිවාර්යෙන්ම ඔබ එය සිදු කරනවා. ව්‍යාපාරික කටයුතු නිසා ඔබ ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ වගේම ඔබ ඉතා මානුෂියව හිතන පතන කෙනෙක් නිසා හැම කෙනෙක්ම මුලින්ම උදවු ඉල්ලන්නේ ඔබගෙන්. ඔබේ ජිවිතයේ ඔබ එක් ප්‍රේම සබදතාවයකට වඩා පවත්වනවා. ඔබ ආර්ථික අතින් ස්ථාවර භාවයකට පැමිණි විට තරමක් ආත්මාර්ථකාමී අයෙක් බවට පත්විය හැකියි. ඔබේ ප්‍රේම සබදතා නිසා ඔබේ හොද නමට කැලලක් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඔබ නිදහස්ව ජීවත් වීමට කැමති කෙනෙක් වගේම ඔබේම ජීවිත අත්දැකීම් තුළින් සාර්ථක භාවයට පත්වෙන අයෙක්.

අංක 06 හිමි පුද්ගලයන්

ඔබ ජීවිතය විනෝදයෙන්ම ගත කිරීමට උපන් අයෙක්. අනෙක් අය ගැන කිසිදු තැකීමක් ඇති අයෙක් නොවෙයි. ඔබ අධ්‍යාපනයට රැකියාවේ කටයුතු වලට ව්‍යාපාර කළමනාකරණයට ඉතා දක්ෂ අයෙක්. ඔබ හැකියාවන්ගෙන් පරිපුර්ණ අයෙක් නමුත් ඔබ තරමක් හෝ උදවු කරන්නේ ඔබ කැමැත්තක් දක්වන අයට විතරයි. ඔබට උපතින්ම හිමිවෙන්නේ ආකර්ෂණිය රූපයක්. ඒ වගේම ඔබ කා අතරත් ජනප්‍රිය හිතනවටත් වඩා වාසනාවන්ත අයෙක්. ඔබේ ආකර්ශනීය පෙනුම නිසාම විවාහ වෙන තුරු ඔබට සබදතා කිහිපයක්ම තිබිය හැකියි. ඔබ කාන්තාවක් නම් ඔබ කලින්ම විවාහ වෙනවා. විවාහයෙන් පසුව නම් ඔබ තමන්ගේ පවුල ගැන හොදින් සොයා බලනවා.

අංක 07 හිමි පුද්ගලයන්

ඔබ බොහොම ආකර්ශනීය පුද්ගලයෙක්. ඔබ බොහොම සරල, ශක්තිමත්, දක්ෂ අයෙක්. අධ්‍යාපනයට වගේම සංගීතයට, කලාවට, ගායනයට, රගපෑමට ඉතා දක්ෂයි. ඔබ ඔබේ දෙමාපියන්ට ඉතා ආදරෙයි. ඔබට ඔවුන් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකළ හැකියි. ඔබ පිරිමියෙක් නම් ඔබට වැඩි කාන්තා ආකර්ශනයක් හිමිවෙනවා. නමුත් ඔබේ විවාහ ජීවිතය ප්‍රශ්න වලින් පිරුණු එකක්. ඔබට ජීවිතය ගැන සතුටක් දැනෙන්නේ බොහොම කලාතුරකින්. ඔබට ජීවිතය ගැන නිතරම දැනෙන්නේ කලකිරීමක්, ඒ වගේම අසම්පුර්ණ බවක්.

අංක 08 හිමි පුද්ගලයන්

ඔබට ශක්තිමත් පෞර්ෂයක් හිමියි. ඔබට යමක් තේරුම් කිරීමේ හැකියාව හොදින්ම තිබෙනවා. ඔබ කුඩා කාලයේදී ජීවිතයේ බොහෝ දුක් විදි කෙනෙක් විය හැකියි. දුප්පත් කම, දෙමාපියන් අහිමි වීම වගේ දේවල් නිසා ඔබ ජීවිතයේ දුක් විද තිබෙන්නට පුළුවන්. මේ නිසාම ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු හොදින් සිදු කිරීමට නොහැකි වන්නට ඇති. නමුත් ඔබ ජීවිතය ඉතා හොදින් ප්‍රායෝගිකව ඉගන ගන්න අයෙක්. ඔබ සාධාරණය වෙනුවෙන් සටන් කරන ඒ වෙනුවෙන් මියයාමට උවත් හැකි අයෙක්. නමුත් ඔබ කැමති සමාජයෙන් ඈත්ව තනිවම සිටීමටයි. නමුත් ඔබේ උදවු යමෙකුට අවශ්‍ය සෑම අවස්ථාවකම ඔවුන්ට සහය වීමට ඔබ සිටින්නේ සුදානමින්. ඔබේ විවාහය ඔබේ ජිවිතයට සතුට රැගෙන එනවා. ඔබේ කරදර විවාහය නිසා මග හැරෙනවා. නමුත් ඔබට සමහර විට හදීසි අනතුරු වගේ නොසිතූ අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවෙනවා.

අංක 09 හිමි පුද්ගලයන්

ඔබ ශාරීරික සහ මානසික අතින් ඉතා ශක්තිමත් අයෙක්. ඒ වගේම ඔබේ ජිවිතයේ අරමුණු ඉතා විශාලයි. ඔබ ඒ අරමුණු ඉටුකර ගැනීමට මහන්සි වී වැඩ කරනවා. ඔබ කුඩා කාලයේදී පවුලේ ප්‍රශ්න නිසා පිඩාවට පත්වූ අයෙක් විය හැකියි. නමුත් ඔබ සතු මානසික හැකියාව නිසා ඔබ ඔබේ අරමුණු ඉටුකර ගන්නවා. ඔබට සමාජයෙන් ලැබෙන්නේ ඉහළ ගරුත්වයක්. ඔබ තරුණ අවධියේදී තරමක් මුරණ්ඩු අයෙක්. ප්‍රශ්න වල පැටලීම නිසා නිතරම හානියක් සිදුකර ගන්නවා. නමුත් වැඩිහිටි අයෙක් වූ පසු ඔබ වැදගත් තැන්පත් අයෙක් බවට පත් වෙනවා. ආදරය ඔබේ ජිවිතයට සරල දෙයක් නොවෙයි. ඔබට සුදුසු වෙන්නේ ඉංජිනේරු වෘර්තිය හෝ බැංකු ක්ෂේත්‍රයට අදාළ රැකියාවක්. ඔබේ පවුල් ජීවිතය ඉතා යහපත් සාර්ථක එකක්. නමුත් දරුවන් නිසා ප්‍රශ්න ඇතිවිය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 267 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:24:22 AM
Script:/article/267/what-does-your-birth-date-say-about-your-personality.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:24:23 AM
Script:/article/267/what-does-your-birth-date-say-about-your-personality.html