ඔබේ සම අඳුරු වෙලා පේන්නේ මේ හේතු 5 නිසායි

May 3, 2020
41,504
This is why your skin look dark
දීප්තිමත්, බබළන හා සෞඛ්‍ය සම්පන්න සමක් අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ‘අහිතකර’ සාධකවලට නිරාවරණය වෙනකොට තමයි ඔබේ සම අඳුරු වීමේ ලකුණු පෙන්වීමට පටන් ගන්නේ. ඔබ දිනපතා පැය අටක් වත් නිදාගන්නේ නැත්නම්, සමබර ආහාර වේලක් ගන්නේ නැත්නම් හෝ අධික ආතතියක් ගැනීම ආදී හේතු කාරණා නිසාත්  ඔබට අඳුරු සමක් ඇතිවීමේ ඉහළ හැකියාවක් තියනවා. මේකට එරෙහිව සටන් කරන්න නම්, ඔබේ සමට අඳුරු පෙනුමක් ඇති වීමට හේතු සොයා ගන්න වෙනවා. හේතු හොයන් අවසන් වුණට පස්සේ ඒ හේතූන් සමඟ සටන් කිරීම සඳහා සුදුසු විසඳුම් යොදන්න ඔබට පුළුවන්. කොහොමත් දැන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න කාලේ ඔබට සම ගැන විශේෂ අවධානයක් දෙන්නත් පුළුවන්...

1. මිය ගිය සමේ සෛල ඉවත් නොකිරීම

අපේ සමේ තියන සක්‍රීය සෛල මතුපිටට ගෙන ඒම සඳහා අපගේ සමේ දිනපතා සෛල මිලියන ගණනක් මැරෙනවා. මෙම ක්‍රියාවලිය තමයි අපගේ සමේ දීප්තිය හා පැහැපත් බව පවත්වා ගන්නේ. කෙසේ වෙතත් සමහර වෙලාවට මේ සියලුම මළ සෛල ස්වභාවිකවම ඉවතට යන්නේ නෑ. අපේ සමට අඳුරු පෙනුමක් ලැබෙන්නේ එතකොටයි. 

විසඳුම: මිය ගිය සමේ සෛල ඉවත් කිරීම සඳහා සතියකට දෙවරක් මැරුණු සම මෘදු ලෙස ඉවත්කිරීම සඳහා මැරුණු සම ඉවත්කරන ප්‍රතිකාරයක් ලබා දෙන්න.
** කෝපි කුඩු මේස හැඳි 2 කට පිරිසිදු පොල් තෙල් මේස හැඳි 1ක් එකතු කර ස්ක්‍රබ් එක සාදා ගන්න. කෝපි සත්කාරය මුහුනේ ඇති අඳුරු ලප ඉවත් කිරීමට ද උදවු වෙනවා.

** කුඩු කරගත් ඕට්මීල් මේස හැඳි 2 කට මී පැණි මේස හැඳි 1/2 ක් එකතු කර ස්ක්‍රබ් කරන්න. මෙය සන්වේදී සමක් සහිත ඔබට විශේෂයි.

** ඔලිවෙ ඔයිල් තේ හැඳි 3 කට සීනි මේස හැඳි 2ක් එක් කර මේ ස්ක්‍රබ් එක සාදා ගන්න. මේය සමේ තෙතමනය රඳවා ගන්නත් පිටුවහලක්.

** ලෙමන් ගෙඩියක යුෂ වලට ඝන දියරයක් වන තෙක් සීනි එකතු කරන්න. මෙය වැලමිට දනහිස යන ස්ථාන ස්ක්‍රබ් කරන්නත් ඉතා සුදුසුයි.


2. වෙහෙසට පත් සමට අවධානය යොමු නොකිරීම

සාමාන්‍යයෙන් ඔබ රැකියාවේදී හෝ නිවසේදී දැඩි ආතතියකට පත් වෙලා ඉන්න දවස් වලට ඔබේ සම ද වෙහෙසට පත්වන අතර අඳුරුවෙන්නත් පටන් ගන්නවා.

විසඳුම: ආතතිය දුරු කිරීම සහ විවිධ භාවනා කිරීම් පිළිබඳ පැහැදිලි උපදෙස් ටිකක් හොයාගන්න. ඔබේ සමට ඔබම යම් ආදරයක් පෙන්වීම වඩා හොඳයි. ඒ වගේම රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීම සඳහා ඔබේ මුහුණට මොයිස්චරයිසර් එකක් සමඟ නිවසේදී හොඳ සම්බාහනයක් ලබා දෙන්න. මෙමඟින් සම පැහැපත් හා දීප්තිමත් වෙනවා.

3. සම සජලීකරණය නොකිරීම

සමේ ඇතුළත තියෙන්න අවශ්‍ය සජලනය නැත්නම් තෙතමනය නැති වූණාම සම අඳුරු පැහැයක් ගන්නවා වගේම හැකිලෙනවා. හුළං ගිය බැලූනයක් ගැන සිතන්න; සජලීකරණ මට්ටම පාලනය කරලා නැති වුණාම විජලනය වූ සම පෙනෙන්නේත් එහෙමයි. ඒමඟින් සම හැකිලෙනවා.

විසඳුම: ඔබට තෙල් සහිත සමක් තිබුණත් එයට සජලනය අවශ්‍යයි. හයොලුරොනික් ඇසිඩ් (hyaluronic acid) සමඟ මුහුණට සීරම් එකක් යොදන්න. සම්පූර්ණ අවශෝෂණය සඳහා ඔබේ සම මත එය අලවන්න. වෙළඳපොලේ තියන වෙළඳ නාම පිළිබඳව ඔබට සැකයක් තියනවා නම් ඔබේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසන්න.

4. නියමිත විටමින් නොතිබීම

අප සියලු දෙනාම ගෙවන කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක ශරීරයට විටමින් සහ ඛනිජ ලවණ ලබා ගන්න එක මඟ හැරෙනවා. නිශ්චිත ඌණතාවයකදී පරීක්‍ෂා කළේ නැත්නම් නම් ඒක දැනගන්න ලැබෙන්නෙත් නෑ. ඒකේ ප්‍රතිඵල එන්නේ සම මත ඒක පේනකොටයි. මොකද එතකොට සමේ ස්වාභාවික දීප්තිය නැති වෙලා. 

විසඳුම: සමබර ආහාර වේලක් ගන්න උත්සහ කරන්න. නැත්නම් දිනපතා විටමින් මාත්‍රාවක් නියම කරන්න කියලා ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන්න. ඔබ කොපර්, සින්ක් සහ යකඩ ප්‍රමාණවත් ලෙස අර ගන්නත් සිහියේ තබා ගන්න.

5. ඍජු හිරු එළිය වළක්වගන්න

මේ දවස් වල නම් අපි හැමෝම ගෙවල් වලනේ ඉන්නේ. ඒත් නිරෝධායන කාලය ඉවර වුණාට පස්සේ අපි නැවතත් සාමාන්‍ය විදිහට එළියට බැහැලා වැඩ කරන්න වෙනවා. ඔබගේ රැකියාවේ ස්වභාවය අනුව ඔබට දිවා කාලයේදී බොහෝ විට පිටතට යන්නත් සිද්ධ වෙනවා ඇති. සමට භයානක ප්‍රතිඵල ලැබෙන්නේ එතකොටයි ; අහිතකර හිරු එළිය ඔබේ සමේ හයිපර්පිග්මන්ටේෂන් නැති නම් අඳුරු ලප ඇති කරවනවා.

විසඳුම: ඔව්, ඔබට මේ සඳහා ගන්න පුළුවන් එකම විසඳුම සන්ස්ක්‍රීන් ආලේප කිරීමයි. ඒ සමඟම රාත්‍රී කාලයේ සම රැකවරණය සඳහා රෙටිනෝල් (retinol) නැතිනම් විටමින් A අඩංගු නිෂ්පාදනයක් භාවිතා කරන්න. එය ඔබේ සමේ පවතින කොලජන් වලට ආරක්ෂාව සපයයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1583 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:17 AM
Script:/article/1583/this-is-why-your-skin-look-dark.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:17 AM
Script:/article/1583/this-is-why-your-skin-look-dark.html