දෙදෙනාම කොච්චර කාර්යබහුල උනත් සබදතාවයක් ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ මෙහෙමයි

May 23, 2017
8,339
6 Tips on how to keep your relationship strong when you both super busy
අපේ ජීවිත වල දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වෙලාව මදි කම. මොකද අද තියෙන ආර්ථික රටාවත් එක්ක අපිට වෙනදට වඩා වැඩි වෙලාවක් යොදවන්න වෙලා තියෙනවා මුදල් උපයන්න. මේ නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැතුව ගිහින් තියෙනවා. මේ නිසා අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ පවුල් ජීවිත අවුල් වෙලා ගිහින්. නමුත් ඉතින් අපි හොදට කල්පනා කරලා හිතලා මතලා වැඩ කටයුතු කරන අය නම් අපිට පුළුවන් අපේ පවුල් ජීවිතය වගේම රැකියාවත් හොදින් කරගෙන යන්න. ඒ කාර්යට මේ කාරණා ටිකත් ඔබට වැදගත් වේවි.

1. දෙදෙනාම එකතු වෙලා ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්න

ඔබ දෙදෙනා කරන රැකියාවල ස්භාවය අනුව ඔබ දෙදෙනාට විවේකයක් ලැබෙන කාලය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා හොදම දෙය තමයි දෙදෙනාම එකතු වෙලා දෙදෙනාටම ලැබෙන විවේක කාලයන් එකට ගත කරන්න පුළුවන් විදිහට කළමනාකරණය කරගන්න එක. එවිට ඔබ දෙදෙනාටම පුළුවන් ආදරයෙන් වගේම හොද අවබෝධයකින් කාලය ගත කරන්න.

2. හැකි සෑම අවස්ථාවකම වැඩ කටයුතු එක්ව සිදුකරන්න

ඔබ දෙදෙනා නිවසේදීත් කාර්යාලයේ වැඩ කටයුතු සිදු කරනවා නම් ඒ සදහා නිවසේ වෙන වෙනම ස්ථාන තෝරාගන්න එපා. එක ස්ථානයකට වෙලා දෙදෙනාගේ වැඩ කටයුතු සිදු කර ගන්න, එවිට ඔබ දෙදෙනාට තරමක් හෝ කතාබහ කිරීමට වගේම අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා.

3. තාක්ෂණය ප්‍රයෝජනයට ගන්න

වෙලාවක් ලැබෙන සෑම අවස්ථාවකම දෙදෙනා අතර කෙටි පණිවිඩ හුවමාරු කරගන්න. ඔබ ඔහු ගැන සොයා බලන බව ඔහුට නිතරම දැනෙන්නට ඉඩ හරින්න. මේ නිසා ඔබ දෙදෙනාගේ සබදතාවය ආරක්ෂා කරගන්න තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්න.

4. එකිනෙකා වෙනුවෙන් සටහන් තබා යන්න හුරුවෙන්න

ඔහු නිවසට පැමිණීමට පෙර ඔබ නිවසින් පිටව යනවා නම් සටහනක් ඔහුට පෙනෙන තැනක තබා යන්න. එය ඔහුගේ මුහුණට සිනහවක් ගෙන එන ලෙස ලියන්න. ඔබ ඔහු වෙනුවෙන් සකස් කල ආහාර ගැන වගේම තවත් වැදගත් දේවල් එහි ලියන්න. එවිට ඔහුට දැනේවි ඔබ නිතරම ඔහු ගැන සිතන බව. මෙය ඔබ දෙදෙනාගේ සබදතාවය හොදින් පවත්වාගෙන යන්න ඉතා වැදගත් වේවි.

5. එකිනෙකාගේ හැගීම් ගැන අවධානයෙන් ඉන්න

දෙදෙනාම කාර්යබහුල වුනාම සමහර අවස්ථා වලදී තනි වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ නිසා දෙදෙනාම දෙදෙනාගේ හැසිරීම වගේම හැගීම් ගැනත් හොද අවබෝදයකින් ඉන්න. එතකොට ඔබ දෙදෙනාටම පුළුවන් එකිනෙකාගේ ප්‍රශ්න විසදාගෙන සතුටින් ඉන්න.

6. වැදගත් අවස්ථාවන් සමරන්න අමතක කරන්න එපා

ඔබ දෙදෙනාගේ උපන්දින විවාහ සංවත්සර වගේ ජිවිතයේ වැදගත් දේවල් සමරන්න අමතක කරන්න එපා. මොකද මේ දේවල් වලට පුළුවන් ඔබ දෙදෙනාගේ සබදතාවය ආරක්ෂා කරන්න වගේම අලුත් කරමින් ආරක්ෂා කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 287 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:38 AM
Script:/article/287/6-tips-on-how-to-keep-your-relationship-strong-when-you-both-super-busy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:38 AM
Script:/article/287/6-tips-on-how-to-keep-your-relationship-strong-when-you-both-super-busy.html