කාන්තාව සැබවින්ම දුර්වලයි. ඔබත් හිතන්නේ එහෙමද?

February 10, 2018
10,936
Do you think women are weak?
 
කාන්තාව කියන්නේ දුර්වල චරිතයක් කියන එක ඈත අතීතයේ ඉඳලා කියවෙන දෙයක්නේ. මීට සියවස් ගණනාවකට පෙර ඉඳලම කාන්තාව ගැන බොහෝ දෙනෙක් දැක්වුවේ ධනාත්මක ආකල්පයක් නෙවෙයි. කාන්තාව අපවිත්‍ර ජාතියක් කිව්වා, ඇය විශ්වාස කළ නොහැකි කෙනෙක් කිව්වා, කාන්තාව කියන්නේ හැම අතින්ම දුර්වල කෙනෙක් කියන එක අදට සාපේක්ෂව අතීතයේ ඉතා තදින් මුල් බැස ගෙන තිබුණු දෙයක්. ඒ නිසාවෙන්ම පුරුෂාධිපත්‍ය තුළ ඇය අඹු දරුවන් හදා වඩා ගැනීමට සහ සැමියාගේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් කටයුතු කළ යුතු වුණා. සියල්ලක් අවසානයේ තමන්ගේ සැමියා වෙනුවෙන් ඔහු දැවෙන දර සෑයට පැනලා මැරෙන්න වෙන තරමට කාන්තාව අසරණ වුණා. අසාධාරණයට ලක් වුණා.

ඉතින් ඔබ තවමත් ඉන්නේ අතීතයේ ඔබ මත පැටවූ ඒ අදහස් වලම එල්බ ගෙනද? සමහර විට ඔබේ පිළිතුර "ඔව්" වෙන්න පුළුවන්. කාන්තාවක් වුනු ඔබත්, ඔබ දුර්වලයි කියලා හිතනවා නම් ඒක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්. ඒ වගේම වෙනස් කර ගත යුතු අදහසක්. ඔව්, කාන්තාව දුර්වලයි තමයි. හැබැයි ඒ කායික ශක්තිය අතින් විතරයි කියලා මම කියනවා. කායික ශක්තිය අතින් ගත්තහම අපිට පිරිමි පාර්ශවය එක්ක හරි හරියට හැප්පෙන්න බෑ තමයි. එත් මනනසික ශක්තිය අතින්, ආත්ම ශක්තිය අතින් කාන්තාව ඉන්නේ පිරිමි පාර්ශවයට වඩා ඉහලින්. ඒක තමයි ඔබ නොදකින ඇත්ත.

බලන්න, අද වෙද්දී සාම්ප්‍රදායික ගැහැනියගේ භූමිකාව ඉක්මවා යමින් කටයුතු කරන දිරිය කාන්තාවන් මොන තරම් නම් මේ සමාජයේ ඉන්නවද? ඉස්සර වගේ ගේ අස්සටම වෙලා හිටපු කාන්තාවන් දැන් දකින්න නැති තරම්.හැමෝම තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් එක්ක ඉදිරියටම ගිහින්. හැමෝම තමන් ළඟ තියෙන කුසලතාවයන් ඔප් නංවා ගන්න උත්සාහ කරනවා. හැමෝම තම තමන්ගේ සාර්ථකත්වය ලඟා කර ගන්න උත්සාහ කරනවා. තමන්ගේ උත්සාහයෙන් ජීවිතය දිනන්න හැම කාන්තාවක්ම සටන් කරනවා. ඒක අපි දකිනවා.

ස්ථිර රැකියාවක් නොකලත් අද වෙද්දී බොහෝ දෙනෙක් ස්වයං රැකියාවක් හෝ කරන්න පෙළඹිලා. පිරිමි පාර්ශවය එක්ක රැකියා හා වෘත්තියමය සේවාවන්හි දී කරට කර හැප්පෙන්න තරම් කාන්තාව ශක්තිමත් වෙලා. රැකියා ස්ථාන වල නායිකාවන්, ප්‍රධානින් බවට කාන්තාව පත් වෙලා. අතීත සාම්ප්‍රදායික කාන්තාව සම්පුර්ණයෙන්ම යැපුණේ පිරිමියාගෙන්. එත් අද ඒ තත්ත්වය ගොඩාක් වෙනස් වෙලා. මුදල් හරි හම්බ කරන්න වගේම කිසිවෙකුටත් අත නොපා ජිවත්වීමේ හැකියාව ඇයට තියෙනවා.

අද වෙද්දී ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක්ම පාලනය කරන්නේ කාන්තාවන්. තෙරේසා මේ, ඇන්ජෙලා මාකල් එයට කදිම නිදසුන්. එවැනි බලවත් කාන්තාවන් අපිට පෙන්වන්නේ ස්ත්‍රීත්වය අපේ ගමනට බාධාවක් නෙවෙයි කියන එක. කාන්තා අපේ ශක්තිය. කාන්තා ඔබ කිසි ලෙසකින් දුර්වල නැහැ කියන එක. වැදගත්ම දේ ඒක නෙවෙයි අපේ රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන රැකියාවන් වල දහදිය, ශ්‍රමය වැය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි කාන්තා ඔබ. ආත්ම ශක්තිය නිසාවෙන් ඇස් වලින් වැටෙන හැම කඳුලක්ම සඟවා ගෙන රටට බරක් නොවී ජිවත් වෙන්න තරම් කාන්තා ඔබ මොන තරම් ශක්තිමත් වෙලාද ...

ඒත් කාන්තාවක් වෙලා ඉපදීම නිසා සමහර අවස්ථා වලදී ඔබව සමාජය විසින් සිමා කරන්න උත්සහ කරයි. නමුත් කාන්තා ඔබට,මට නිදහසක් තියෙනවා මේ ජිවිතයේදී අපි කැමති දේවල් කරන්න. අපේ ඉලක්ක වලට ළගා වෙන්න වගේම අපේ ජීවිතය දිනා ගන්න. ඒ සඳහා පිරිමි දහයක් ළඟ නැති ආත්ම ශක්තිය එක් කාන්තාවක් ළඟ තියෙනවා. ඒ නිසා කාන්තාවක් වීම නිසා සමාජය ඔබව සිමා කරන්න උත්සහ කරනවා නම් ඔබට හැකියාවක් තිබිය යුතුයි ඒ සීමා මායිම් බිදගෙන ගිහිං ඔබේ ජීවිතය විඳින්න. ඔබේ ජීවිතය දිනන්න. මොකද ඔබ ශක්තිමත් කාන්තාවක්.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 657 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/657/do-you-think-women-are-weak.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/657/do-you-think-women-are-weak.html