මේ වගේ කාන්තාවන්ට පිරිමින්ගෙන් ලැබෙන්නේ ඉහළ ආකර්ෂණයක්

June 10, 2017
29,426
Qualities Of Highly Attractive Women
ඔබ ජීවිතේ කවදාහරි දවසක හිතලා තියෙනවද මොන වගේ කාන්තාවන්ටද පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමිවෙන්නේ කියලා. අපි හිතුවට පිරිමින් වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මොකද පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයගේ ගතිගුණ වලට. මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවා කාන්තාවන්ට පිරිමින්ගෙන් වැඩි ආකර්ශනයක් හිමිවෙන කාන්තා ගතිගුණ ගැන.

1. කාරුණික භාවය

කාන්තාවන් තද ගතිගුණ තියෙන අය විදිහට හැසිරෙන විට ඔවුන්ගේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. මොකද කාන්තාවක් කියන්නේ බොහොම මෘදු ගතිගුණ තිබිය යුතු කෙනෙක්. ඇයට තිබෙන්නේ කාරුණික හදවතක් නම් ඇයගේ ලස්සන තව තවත් ඔප නැංවී පෙනෙන්න ගන්නවා. මේ නිසාම පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් ඔවුන්ට හිමි වෙනවා. ඔබටත් කාරුණික කාන්තාවක් වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම හැකියාවක් තිබෙනවා පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් දිනාගන්න.

2. ආත්ම විශ්වාසය

කාන්තාවක් සමාජය විසින් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සහ කරත් ඔබ හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔබට පිරිමින්ගෙන් ලැබෙන්නේ වැඩි ආකර්ශනයක්. මොකද හැම ප්‍රශ්නෙකටම අඩන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දක්වනවා.

3. සැහැල්ලු බව

සමහර කාන්තාවන් සිටිනවා හැම දෙයක් ගැනම හිතන්නේ බොහොම බරපතළව. මේ අයට කිසිම වැඩක් පහසුවෙන් කරගන්න බැහැ. ඔවුන් ජිවිතේ බොහෝ තැන් වලදී අසාර්ථකයි. මේ නිසා සැහැල්ලුවෙන් කාලය ගත කරන කාන්තාවන්ට පිරිමි ආකර්ෂණය වැඩියි.

4. වගකීම් සහගත බව

කාන්තාවක් කියන්නේ සමාජයේ වැඩි වගකීම් ප්‍රමාණයක් හිමිවෙන කෙනෙක්. මේ නිසා පිරිමියෙක් සොයා බලන මුලිකම දෙයක් තමයි කාන්තාවකට මේ සියලු වගකීම් දරන්න පුලුවන්ද කියන කාරණාව. ඇත්තටම හැම කාන්තාවක් සතුවම තියෙනවා මේ වගකීම් හොදින් ඉටු කිරීමේ හැකියාව. නමුත් සමහර කාන්තාවන් උවමනාවෙන්මයි මේ වගකීම් පැහැර හරින්නේ. මේ නිසා ඔබට පුළුවන් නම් වගකීම් සහගත කාන්තාවක් වෙන්න අනිවාර්යෙන්ම ඔබට හිමිවෙන පිරිමි ආකර්ෂණය වැඩියි.

5. සරල බව

සමහර කාන්තාවන් ඉන්නවා මේ අය හරියට ඇවිදින විසිතුරු බඩු කඩ වගේ. මේ අය අදින්න පළදින්න ගියත් මොන වැඩක් කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. නමුත් පිරිමින් නම් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. මේ නිසා ජීවිතේ හැම දෙයක්ම සරලව දකින සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගෙන් හිමිවෙන්නේ වැඩි ආකර්ශනයක්.

6. බුද්ධිමත් බව

කාන්තාවක් බුද්ධිමත් කෙනෙක් නොවුනොත් ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ප්‍රමාණය ඉතා වැඩියි. හිතන්න කාන්තාවකට තේරෙන්නේ නැතිනම් පවුල් ජීවිතේ වගකීම් ගැන, ඇය සකසුරුවම ගැන දැනුවත් නැතිනම්, දරුවන්ට හොද නරක කියාදීමට තරම් දැනුමක් නැතිනම් මේ හැම දෙයකින්ම විනාශ වෙන්නේ ඇයත් සමග ජීවිතය ආරම්භ කරන පිරිමියාගේ ජීවිතය. මේ නිසා පිරිමි වැඩි ආකර්ශනයක් දක්වන්නේ බුද්ධිමත් කාන්තාවන්ට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

www.pearsbaby.com
   24,017
   5,068

මවක් ලෙස ඔබ දැනගත යුතු හැම දෙයක්ම එකම තැනකින්

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ඔබේ හිතට එන ප්‍රශ්න පත්තරයම විසඳගන්න ඕනේ උත්තර හැම එකක්ම තියෙන තැනක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ
Hair turned white? Be aware of dyeing your hair
   280
   249

කළු කොණ්ඩය සුදු වෙලාද? ඩයි කරන්නේ බලාගෙනයි

ඒක හොඳ විසඳුමක් තමයි. හැබැයි ඉතින් කොණ්ඩය ඩයි කරන්න කලින් ඔබ අනිවාර්යෙන් මේ දේවල් ගැනත් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුවා
Mom must dos after a c-section
   15,347
   145

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Don't ever think of marring these 5 men
   2,007
   117

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
Sprats Seeni Sambola Recipe
   392
   71

හාල් මැස්සන් සීනි සම්බෝල - Recipe (Video)

සීනි සම්බෝල කටට රසට ටිකක් වෙනස් විදියකට

Latest Articles

Most Viwed