අද සමාජයේ දික්කසාද මෙතරම් සුලබ වෙලා තියෙන්නේ ඇයි?

April 22, 2021
5,465
Why divorce is so common today?
අද කාලයේ දික්කසාදවීමත් (Divorce) ෆැෂන් එකක් වෙලා ද.. ඇත්තටම අද සමාජයේ දික්කසාද මෙතරම් සුලබ වෙලා තියෙන්නේ ඇයි..? කණගාටුදායක ඒ සත්‍යය පිළිබඳවයි හැඩකාරි අවධානය යොමු කළේ..

වර්තමානය වන විට දික්කසාද වීම් ඉතා පොදු සාධකයක් බවට පත්ව තිබෙනවා තිබෙනවා..දිනකට සැලකිය යුතු යුගල සංඛ්‍යාවක් එකිනෙකාගේන් දික්කසාද වීමට ප්‍රාදේශීය උසාවිය වෙත පැමිණෙනවා. නමුත් ඒ ඇයි.? මේ තත්ත්වය වළක්වා ගන්න බැරිද. .? දික්කසාදය සඳහා මිනිසුන් යොමුවන්නේ ඇයි දැයි යන කාරණාව සම්බන්ධයෙන් පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.

අද සමාජයේ දික්කසාද සුලබ වන්නේ ඇයි..?

අද දික්කසාදය එතරම් සුලබ වීමට හේතුවත් දික්කසාද අද සමාජයේ සුලබ වීමමයි. මන්දයත් බොහෝ විට අප අතර සිටින කෙනෙක් එක් කසාදයකින් හෝ දික්කසාද වී ඇති.. නැතහොත් ඔබ දික්කසාද වූ දෙමාපිය කෙනෙකුගෙන් දරුවකු විය හැකියි. සෑම කෙනෙකුම දික්කසාද වීම ජනප්‍රිය දෙයක් ලෙසයි සලකන්නේ. එබැවින් ඔවුන් ඒ පිළිබඳ දෙපාරක් හිතන්නේ නැහැ. අප එදිනෙදා දකින චිත්‍රපට ටෙලි නාට්‍ය ආදියෙහි දී මේ පිළිබඳව නිතර දක්නට ලැබීමත් සමාජයේ දික්කසාදය සුලබ වීමට බලපාන එක් හේතුවක්.

ඇත්ත වශයෙන්ම දික්කසාද වීම ජනප්‍රිය සාධකයක් ලෙස සැලකීම ඉතා අහිතකර තත්ත්වයක්.. බොහෝවිට දිකසාද වීම හේතුවෙන් අනෙක් සහකරුවා, දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල අය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. දැනට දශක දෙකකට වගේ පෙර දික්කසාදය සදහා නීතිමය අවසරය ලබාගැනීම යම් තරමකින් අපහසු කාරණාවක් ලෙසයි සැලකුනේ.. ඒ වගේම එය අපකීර්තිමත් සාධකයක් ලෙසද සැලකුනා.. එබැවින් යම් පුද්ගලයින් අපහසුතාවයෙන් වුවද තම පුද්ගලික සතුට මගහැරගෙන නොගැලපෙන සබඳතාවල සිරවී සිටියා.. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පුද්ගලයන්යන් සඳහන් කරන්නේ ඇත්ත වශයෙන් ම තමන්ට නොගැළපෙන සම්බන්ධතාවයකින් ඉවත් වීමේ අයිතිය පුද්ගලයින්ට තිබිය යුතු බවයි.

ඇත්තටම පුද්ගලයින් දිකසාද වන්නේ ඇයි ..

මේ පිළිබඳව පර්යේෂණ රාශියක් කර ඇති අතර ඒවා විවාහ අසාර්ථක වීමේ ප්‍රධානම හේතුව ලෙස මතුව ඇත්තේ එකිනෙකා අතර ඇති දුර්වල සන්නිවේදනයයි. එමෙන්ම පහත දැක්වෙන හේතූන් ද බොහෝමයක් විවාහ අසාර්ථක වීමේ හේතු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

* සම්බන්ධතාවය තුළ අනන්‍යතාවක් නොමැතිව වීම
* එකිනෙකා කෙරෙහි සමීප බවක් නොමැතිවීම
* ආර්ථික ගැටළු
* විවිධ අවශ්‍යතා සහ රුචිකත්වයයන්
* ගැටුම් නිරාකරණය කරගත නොහැකි වීම
* ලිංගික සබඳතා අඩුවීම
* එකිනෙකාගෙන් බලාපොරොත්තුවන අභිප්‍රායන් ඉටුනොවීම

බොහෝ විට එක් කරුණක් සම්බන්ධයෙන් දික්කසාද සඳහා ගොනු කරන පුද්ගලයන් බොහෝවිට ඉහත කරුණු කිහිපයක් අවසානයේ ඉදිරිපත් කරනවා. මීට අමතරව එකිනෙකාගෙන් දික්කසාද වීම කෙරෙහි පහත කරුණු ද බලපාන බව පර්යේෂකයින් සනාථ කරනවා.

1. අපයෝජනය

අද වන විට දික්කසාද වැඩිව වීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ බොහෝවිට අපයෝජනයට ලක්වීමයි.. මෙහිදී අපයෝජනය ලෙස ප්‍රධාන වශයෙන් හඳුන්වා දෙනු ලබන්නේ ගෘහස්ථ හිංසන තත්ත්වයයි. බොහෝවිට මත්ද්‍රව්‍ය භාවිතය නිසා හෝ යම් යම් මානසික තත්ත්වයන් නිසා කාන්තාව හිංසනයට ලක් වෙනවා. බොහෝවිට අනිසි මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිරන්තරයෙන් සිදුවන පහරදීම්, දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත වීම ආදී තත්වයන් දික්කසාදය සඳහා පෙළඹවීම සිදුකරයි.

2 . මනා අවබෝධයකින් කටයුතු නොකිරීම

වර්තමානයේ විවාහ වීම ද බොහෝවිට සිදු කරනු ලබන්නේ රැල්ලටයි.. විවාහය සහ එහි වගකීම් සහ යුතුකම් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව දෙමවුපියන්ගේ අවශ්‍යතාවයට නැතහොත් සමාජයෙන් එල්ලවන බලපෑම ට තරුණ තරුණියන් බොහෝවිට විවාහ වීම සිදු කරයි. නමුත් තමුන් ඇත්තටම විවාහයට සූදානම්ද යන්න පිලිබදව ඔවුන්හට නිසි අවබෝධයක් නොමැති වීම නිසා කෙටි කාලයක් යනවිට සම්බන්ධතාවය බිඳීයාම දික්කසාද වීම කෙරෙහි බලපාන තවත් එක් සාධකයක් බවට පර්යේෂකයින් සනාථ කරනවා.

3.හදිසියේ ආවේගශීලී ලෙස විවාහ වීම

සාමාන්‍යයෙන් යුගලයක් කිනෙකා කෙරෙහි ආකර්ෂණය වී ප්‍රේමයෙන් බැඳී ඔවුන් ඉතාමත් සතුටින් පසුවනවා. බොහෝ තරුණ තරුණියන් එකිනෙකාගේ දුර්වලතාවයන්, නොගැලපීම් හඳුනා ගැනීමකින් තොරව මෙම අවධියේදී ඉක්මන් විවාහයන් කරා යොමු වෙනවා. මෙසේ ආවේගශීලී ලෙස විවාහ වන යුගල් අතරින් බොහෝමයක් විවාහ අසාර්ථක වන බවයි පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ.

ඇත්ත වශයෙන්ම විවාහ වීම සඳහා සුදුසු පුද්ගලයකු සොයා ගැනීම යම් විටක දී ඉතා ලෙහෙසි වුවත් යම් විටකදී ඉතා අපහසු වුවත් වඩාත් වැදගත් කාරණාව වන්නේ විවාහයට එළැඹීමට පෙර ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1967 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:52 AM
Script:/article/1967/why-divorce-is-so-common-today.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:53 AM
Script:/article/1967/why-divorce-is-so-common-today.html