ලස්සන ගැන හිතන ඔයාට මඟහැරුණු වැදගත් දෙයක් තියෙනවා

July 24, 2017
7,869
How to Protect Your Eyes
අපි හැමෝටම උපතත් එක්කම උරුම වුණු ආවේනික ලස්සනක් තියෙනවා. ඒත් සමහරු නොසැලකිල්ල හා කරන පොඩි පොඩි වැරදි නිසා තමන්ගේ උපතින් ලැබුන සුන්දරත්වය නැති කර ගන්නවා. ගොඩාක් තරුණියන්ට තමන්ගේ රූපය ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවා.එයින් එකක් තමයි ඇස් යට කළු වීම, මලානික වීම වගේ තත්වයන්.

ඔයාගේ ඇස් දෙක ලස්සනට තියා ගැනීමෙන් ඔයාගේ සුන්දරත්වය වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් අද කියන්න හැදුවේ ඇස් යට කළු වීම වගේ බොහොමයක් ගැටළු වලට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපිට කොහෙන්ද ඕවට වෙලාවක් කියලා මේ කියන දේවල් මඟහරින්න නම් හදන්න එපා. ඔයාගේ රූපය වෙනුවෙනුත් පුංචි වෙලාවක් වෙන් කරන්න. වැඩි වශයෙන් ස්වභාවික සත්කාර වලට යොමු වෙන්න. කෘතීම ආලේප වලටම හුරු වෙනවට වඩා එක ගොඩක් වැදගත්.

ඇස් වලට හානි වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියල ඔයා දන්නවද?

ඔයාගේ සුන්දරත්වය තව තවත් වැඩි කරන්න ලස්සන, දීප්තිමත් ඇස් දෙකක් තියෙන එක ගොඩාක් වැදගත්. එත් එහෙම දෑසක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද? බොහෝ කාන්තාවන්ට එවැනි දීප්තිමත් දෑසක් ලබා ගන්න එක ගොඩාක් අමාරු දෙයක්. එකට හේතු ගොඩාක් තියෙනවා. කියවලා බලන්න, සමහර විට මෙන්න මේ හේතු නිසා ඔයාගේ ඇස් වලටත් නරක බලපෑම් එල්ල වෙලා ඇති.

අධික ලෙස නිදිමැරීම
නුසුදුසු ආලේපන භාවිතය
ශරීරයේ රුධිර ඌනතා
දැඩි උෂ්ණයට දැස නිරාවරණය වීම
මානසික මෙන්ම කායික පීඩනය
විටමින් ඒ සහ ඩී හිඟ වීම
රූපවාහිනිය සහ පරිගණක නිතර භාවිත කිරීම
දෛනික ජල අවශ්‍යතාව සම්පුර්ණ නොකිරීම වැනි ගොඩාක් හේතු සුන්දර දෑසක් ඔයාට අහිමි කරන්න හේතු වෙනවා. එමෙන්ම ඇස් යට කළු වීම, රැළි ගැසීම, ඇස් ඉදිමුණු ස්වභාවයෙන් යූක්ත වීම ඉහත ඌනතා හේතු කොට ගෙන සිදුවන බවත් ඔයා දැන සිටිය යුතුමයි.

මේ තත්වයන් අවම කර ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල්

මේ වගේ තත්වයන් අවම කර ගන්න ඇසට සත්කාර කිරීම අවශ්‍යයි. වැඩි අවධානයක් ඔයා ඒ වෙනුවෙන් යොමු කල යුතුයි. ඇසට සත්කාර කරද්දී ඔයාට ඒ සඳහා ස්වභාවික හා කෘතිම ක්‍රම භාවිත කරන්න පුළුවන්. හැබැයි ඉතින් ස්වභාවික දේ වලින් මේ සත්කාර කරන්න පුලුවන් නම් තමයි ගොඩාක් හොඳ.

ඇස් ඉදිමිලා තියෙන අවස්ථාවලදී තේ කුඩූ භාවිත කිරීමෙන් එහි ඇති කැෆේන් නැමති සංයෝගය රුධිර වාහිනි හකුළුවා ඉඳිමූණ පෙදෙසට අවශ්‍ය රුධිරය මෙන්ම තරල වර්ග සංසරණය වීම සිදු කරනවා. භාවිතා කරපු tea bag විනාඩි 20ක් විතර ඇස් මත තබාගෙන සිටීමෙන් මේ තත්වය අඩු කර ගන්න පුළුවන්. පිපිඤ්ඤා ඉස්ම හෝ පෙති, අර්තාපල් පෙති, බිත්තර සුදු මද ආදිය භාවිත කිරීමෙන්ද මේ කිව්ව තත්වයන් මඟ හරවා ගන්න ඔයාට පුළුවන්.


ඒ වගේම ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් දිනපතා ඇස් වටා තත්වයෙන් උසස් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම කරන්න. ක්‍රීම් වර්ග තෝරාගැනීමේදී සමේ සංයූතිය අනූව සුදුසු හා ගැලපෙන වර්ගයක් තෝරා ගන්න අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න.පේෂල් කිරිමේදී අනෙක් සියලුම අංග වලට වඩා ඇස් පිළිබඳව වැඩි අවධානයක් යොමූ කළ යුතුයි.මොකද ඇස් වලට පොඩි හරි හානියක් උනොත් එක ගොඩාක් භයානකයි.මොකද අපි ගනුදෙනු කරන්නේ අපේ ඇස් දෙකත් එකක්.

ඇස් වටා සම්බාහනය කරන නිවැරදි ක්‍රමය ගැන දැනගෙන හිටියද?

අපේ ඇස් දෙක කියන්නේ ශරීරයේ තියෙන ඉතාම සියූම් හා වටිනාම ඉන්ද්‍රියක් නිසාත් කුහරයක් තුළ පිහිටා ඇති නිසාත් තදින් සම්භාහනය කිරීම සුදුසු නැහැ. ඒ නිසා දෑස් සම්භාහනය කරද්දී ඔයා පාවිච්චි කරන්න ඕන අඩු පීඩනයක් ලබාදෙන ඔයාගේ සිව්වෙනි ඇඟිල්ල. ඒ කිව්වේ වෙදැගිල්ල. ඇස් වටා සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරලා කවාකාරව සම්භාහනය කරන්න. ඒ වගේම ඇහිබැම තෙරපමින් මසාජ් කරන්න. විනාඩි 15 විතර එසේ කිරීම ප්‍රමාණවත්. පස්සේ ඔයාගේ දෑත් හොඳින් පිරිමැදල දැත් උණූසූම් වූ පසූ දැස මත දෙඅත් තබා විනාඩි 3 ක් පමණ සිටින්න. මේ සම්බාහන ක්‍රමවේදය පළමූව සති 2 කට වරක් සිදු කරල ඊට පස්සේ ඇස් වල ස්වභාවය අනූව මසකට එක් වරක් සිදුකිරීම ප්‍රමාණවත්.

මෙන්න මේ කිව්ව දේවල් සතියකට වතාවක් හරි කරන්න පුළුවන් නම් ලස්සන වගේම දීප්තිමත් දෑසක් හිමි කර ගන්න ඔයාටත් පුළුවන්. දීප්තිමත් පියකරු ඇස් දෙකකින් ඔයාගේ සුන්දරත්වය, පෙනුම වැඩි කරලා පෙන්නනවා. තවත් කෙනෙක් අපි දිහා බලද්දී මුලින්ම ඔහුගේ හෝ ඇයගේ අවධානය යොමු වෙන්නේ අපේ ඇස් දෙකට. ඒ වෙලාවට අපේ දෑස් මලානික, අප්‍රාණික පෙනුමක් ගත්තොත් කොච්චර සුන්දර රුපයක් තබුනත් වැඩක් නැහැ. හැබැයි ඇස් දෙකත් එක්ක වැඩ කරද්දී ඔයා ගොඩාක් ප්‍රවේසම් වෙන්න ඕන. ඇස් දෙකේ වටිනාකම ඔයා දන්නා නිසා ඒ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 357 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:58:13 AM
Script:/article/357/how-to-protect-your-eyes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:58:14 AM
Script:/article/357/how-to-protect-your-eyes.html