සල්ලි නාස්ති නොවෙන්න නම් මේ විදිහට ශොපින් කරන්න

July 31, 2020
6,745
Shop like this to save money
ශොපින් කරන්න යන්න සෑම අපි කවුරුත් කැමතියි. නමුත් ප්‍රමානවත් තරම් අතේ සල්ලි නැතිව හිතේ හැටියට ශොපින් කරන්නේ කොහොමද? ඔබත් හම්බ කරන මුදල් වලින් වැඩි හරියක් ඇදුම් වලට කෙටි කාලයකදී වියදම් කරනවාද? ඒත් මුදල් වියදම් කිරීමට විවිධ ක්‍රම තිබුණත් මුදල් උපයා ගැනීමට එක ක්‍රමයක් විතරයි තියෙන්නේ. ශොපින් කිරීම නරක අදහසක් නෙමෙයි. නමුත් කාන්තාවක් මුදල් අරපරිස්සමින් භාවිතා කරන්න ඉගෙන ගන්නත් ඕනේ. බුද්ධිමත්ව හා නිවැරදි තේරීම් කළොත් ඔබටත් ශොපින් කිරීමෙන් හිතේ හැටියට ඇඳුම් ගන්න වගේම වැඩි මුදලක් ඉතිරි කර ගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ…

ශොපින් කිරීම සඳහා උපදෙස් 

ශොපින් කිරීමෙන් සතුටක් ලැබුණත් ඇඳුම් වල මිල දැක්කාම අපේ හිතේ සතුට සුන් වෙලා යනවා. කොහොම වුණත් කාන්තාවන් ඇඳුම් වලට දක්වන රුචිකත්වය නිසාම ශොපින් යාම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා ඉවරයි. විශේෂයෙන්ම ඔෆිස් යන්න හෝ පාටියකට යන්න ඇඳුම් තෝරද්දී අනවශ්‍ය ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින්න නම් ඔයා ඔයාවම පාලනය කර ගන්න ඕනේ. ඊට අමතරව වැඩි මුදලක් ඉතිරි කිරීමට ඔබට උපකාරී වන රසවත් රහස් කිහිපයක් මෙන්න.

01. ඔයා ශොපින් යන්න කලින් ඔයාට සැබවින්ම අවශ්‍ය දේවල් ගැන ලැයිස්තුවක් සකස් කරන්න. මෙමගින් අනවශ්‍ය දේවල් මිලට ගැනීමෙන් ඔයාව වැලැක්වෙනවා. ඒ වගේම සාප්පුවේදී ඔයාගේ ලැයිස්තුවේ නොමැති වෙනත් භාණ්ඩ මිලදී ගන්න උත්සහ කරන්න එපා.

02. සාප්පු සංකීර්ණ වල භාණ්ඩ කොහොමත් මිල අධිකයි. ඒ නිසා මුදල් නාස්ති නොවෙන්න නම් සාප්පු සංකීර්ණ වලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්න. සාප්පු සංකීර්ණවල සාප්පු එක පෙළට ඇති නිසා ඔයාව ඒකට නිකන්ම පෙළඹවෙනවා.

03. සාප්පු යාමේදී ක්‍රෙඩිට් කාඩ් රැගෙන යාමෙන් වළකින්න. සීමිත මුදල් ප්‍රමාණයක් අතේ රැගෙන යන්න.

04. වට්ටම් ලබා දෙන වෙළඳසැල් වලින් ඔයාගේ අවශ්‍යතා මිලදී ගැනීමට උත්සාහ කරන්න. ඔයා සාප්පු සවාරි යනවා නම් සාප්පු තුනකින් ඇඳුම් මිල ගණන් සසඳලා බලන්න. ඒ වගේම හොඳ වෙළෙඳ සන්නාමයක් සහිත ඇඳුම් මිලදී ගන්න.

05. නිතර සාප්පු යාමෙන් වළකින්න, මෙමගින් අනවශ්‍ය දේවල් මිලදී ගැනීමට ඔයාව යොමු කෙරෙනවා.

06. උත්සව කාලය ලං වෙන්න අවම වශයෙන් දින විස්සකට පෙර වත් සාප්පු සවාරි යන්නට සැලසුම් කරන්න. උත්සව සමයේදී අසාධාරණ මිලක් ගෙවීමෙන් වැළකී සිටීමට ඒක ඔයාට උපකාරී වෙයි.

07. විකුණුම්කරුවන් හෝ වෙළෙන්ඳන් අනවශ්‍ය දේවල් මිලදී ගැනීම් වලට ඔයාව පොළඹවන්න පුලුවන්. ඒ නිසා ඔවුන් සමඟ කතා කිරීමට යාමෙන් වළකින්න.

08. හිස් බඩින් ඉද්දී සාප්පු යාමෙන් වළකින්න. මොකද එතකොට ඔයාගේ සාප්පු සවාරිය අවසන්  කරනකොට ඔයාට දැඩි බඩගින්නක් දැනෙන්න පුලුවන් අතර ආහාර සඳහා වැඩි මුදලක් වැය කිරීමටත් සිදු වේවි.

10. ඔයාගේ නිවස ආසන්නයේ ඇති වෙළඳසැල් වලින් ද දේවල් පරීක්ෂා කරන්න. ගමන් පිරිවැය ඉතිරි කර ගැනීමට මෙය ඔබට උපකාරී වෙයි.

11. සෙල්ලම් බඩු සඳහා අනවශ්‍ය ලෙස වියදම් කිරීමට සිදු වෙන්න පුලුවන් නිසා සාප්පු සවාරි සඳහා ළමයින් රැගෙන යාමෙන් වළකින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1739 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:33:07 PM
Script:/article/1739/shop-like-this-to-save-money.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:33:07 PM
Script:/article/1739/shop-like-this-to-save-money.html