කොන්ඩයක් ලස්සන වෙන්න නම් shine එකක් තියෙන්න ඕනෙමද?

October 6, 2017
5,573
Is it should be shiny for it to be beautiful hair?
හැමෝගෙම කොන්ඩේ එක වගේ නැහැ. එක එක්කෙනාගේ කොන්ඩේ එක එක විදිහයි. හැබැයි හැමෝටම උපතින්ම ලැබිලා තියෙන්නේ ඒ අයගේ පෙනුමට ගැලපෙනම කොන්ඩේ. මේක තේරුම් ගන්නේ නැති ගොඩක් දෙනෙක් කරන්නේ එයාලගේ පෙනුමට ගැලපෙන්න ලැබිලා තියෙන කොන්ඩේ වෙනස් කරගන්න try කරන එක. ඉතිං මේ අය කොන්ඩේට නොකරන දෙයක් නැති තරම්. හැබැයි අන්තිමට වෙන්නේ කොන්ඩේ වෙනස් කරගන්න ගිහින් තමන්ගේ ලස්සන පෙනුමත් නැති කරගන්න එක. පස්සේ ඉතින් අනේ අපරාදේ කිය කිය පසුතැවෙනවා.

මෙහෙම වෙන්නේ නැති වෙන්න නම් ඉස්සර වෙලාම ඔයාට කොන්ඩේ ගැන හිතේ තියෙන negative අදහස් ටික අයින් කරගන්න වෙනවා. මොකද කට්ටිය හැම වෙලාවකම හිතන දෙයක් නේ තමන්ට ලැබිලා තියෙන කොන්ඩේ ගැලපෙන්නේ නැති, කිසිම ලස්සනක් නැති හරිම boring  එකක් කියන එක. මේ අදහස හිතින් අයින් කරලා ඔයාගේ කොන්ඩේ දිහා වෙනස් විදිහකට බලන්න try කරා නම් ඔයාටම තේරෙයි ඔයාට ලැබිලා තියෙන කොන්ඩේ කොච්චර වටින එකක් ද කියන එක. එතකොට ඔයාට පුළුවන් ඔයාට ලැබිලා තියෙන කොන්ඩේට ආදරේ කරන්න කොන්ඩේ enjoy කරන්න වගේම ඔයාගේ
කොන්ඩේ ඔයා කැමතිම දේ කරගන්න. 

ඇත්තටම කොහොමද අපි අපේ කොන්ඩේ ලස්සන කර ගන්නේ? කොන්ඩයක් ලස්සන වෙන්න නම් shine එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. හොඳ shine එකක් තියෙන කොන්ඩයක් දිහා ඕනෙම කෙනෙක්ට දෙපාරක් උනත් හැරිලා බලන්න හිතෙනවා. ඒ නිසා ඇත්තම කතාව කොන්ඩයක් ලස්සන වෙන්න නම් shine එකක් තියෙන්නම ඕනේ. මොකද හොඳ shine  එකක් තියෙන කොන්ඩයක් අපිව ලස්සන කරනවා විතරක් නෙවෙයි හොඳ personality එකක් එක්ක ඉස්සරහටම යන්න අපිට උදවුකරනවා.

මොකද අපි අපේ පෙනුම ගැන ඉන්නේ සතුටින් නම් අපිට ඕනෙම අවස්ථාවකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙන මොන පාටටත් වඩා shine එක හොඳටම ගැලපෙන්නේ කළු කොන්ඩේට. ඉතින් කෙල්ලෙක්ට black shiny කොන්ඩයක් ලැබෙනවා කියන්නේ මාරම luck එකක්. තමන්ට උපතිම ලැබුන කළු කොන්ඩේට හොඳට treat කරලා black shiny කොණ්ඩයක් කරගන්න පුළුවන් නම් කෙල්ලෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සන වෙන්න පුළුවන්. ඒ නිසා ඔයත් අදම try කරන්න ඔයාගේ කළු කොන්ඩෙත් හොඳ black shine එකක් තියෙන කොන්ඩයක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 442 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:10 AM
Script:/article/442/is-it-should-be-shiny-for-it-to-be-beautiful-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:11 AM
Script:/article/442/is-it-should-be-shiny-for-it-to-be-beautiful-hair.html