ඔයාගේ හිසකෙස් වර්ධන වේගය අඩු කරන මේ වැරදි කරන්න එපා

September 15, 2020
34,243
Don’t do these mistakes that slow hair growth
සෑම ගැහැණු ළමයෙකුටම සිනිඳු හා දිගු කෙස් කලඹක් පවත්වා ගැනීම අභියෝගයක්. හිසකෙස් දිගු කිරීමට භාවිතා කරන සමහරක් විසඳුම් ඇත්ත වුනත්, ඔයාගේ ස්වාභාවික හිස කෙස් වලට ඒවායින් හානියක් කරන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩය ඉබේටම වැඩීමට ලොකු කාලයක් ගත වෙනවා. නමුත් අද හැඩකාරී අපි දිගු සහ නිරෝගිමත් කෙස් කලඹක සිහිනය සැබෑ කර ගැනීමට ඔයාට උදව් කිරීමට ලෑස්තියි.

ඔයාගේ හිසකෙස් වේගයෙන් වර්ධනය වෙන්නේ කොහොමද?
ඔයාගේ හිසකෙස් වේගයෙන් වැඩීමට නම් කෙස් කලඹ සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. නමුත් ඔයාගේ සම මෙන් හිසකෙස් වල සෞඛ්‍යය බොහෝ සාධක මත රඳා පවතිනවා. මෙම සාධක සමහරක් කාලගුණය සහ මෝස්තර වැනි බාහිර සාධක සහ ඉහළ ආතති මට්ටම්, ප්‍රමාණවත් නින්ද සහ අසමතුලිත ආහාර වේලක් වැනි අභ්‍යන්තරය සාධකද බලපානවා. එබැවින්, ඔයාට දිගු කෙස් කලඹක් වර්ධනය කිරීමට අවශ්‍ය නම්, මෙම බලපෑම්කාරී අංග සහ එවැනි වෙනත් දේ පිළිබඳව ඔයා දැනුවත් විය යුතුයි.

බ්ලොන්ඩ් කරන්න යන්න එපා
හිසකෙස් දීප්තිමත් බ්ලොන්ඩ් වර්ණයක් ගැන්වීම විලාසිතාවක් විය හැකියි. නමුත් බ්ලීච් කිරීම මඟින් ඔයාගේ කොණ්ඩයට හානි පමුණුවනවා විතරක් නොවෙයි එහි වර්ධනයද බාල කරනවා. මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ බ්ලීච් කිරීමන් හිසකෙස් වල ඇති වෙන රළු සහ තද තත්වය, හිසකෙස් ඉක්මනින් කැඩී යන ස්වභාවයකට පත් කිරීමයි. එහෙත් තද වර්ණයන් එතරම් ඔබේ හිසකෙස් වලට හානියක් කරන්නේ නෑ. ඉතින් ඔබට හිසකෙස් වර්ණය ගන්වගන්න ඕනේ නම් සහ දිගු හිසකෙස් පවත්වා ගන්න ඕනේ නම් තද වර්ණ තෝරා ගැනීම සුදුසුයි.

නිදාගැනීමේ පුරුද්දක් ඇති කර ගන්න
සුවපත් නින්ද ඔයාගේ සමට පමණක් නොව හිසකෙස් වලටද ප්‍රයෝජනවත්. ඇඳට යාමට පෙර හොඳින් හිස කෙස් පිරන්න, දවස පුරාම ගැටගැසී ඇති ගැට ඉවත් කිරීමෙන් නින්දේදී සිදු වන චලනයන් නිසා ඇතිවන හානි වළක්වා ගන්න පුළුවන්. සැටීන් කොට්ටයකට මාරු වීමෙන් ඔයාගේ මුහුණෙ රැලි වැටීම් සහ හිස කෙස් හොඳ අතට හරවන්නත් උදවු වෙනවා. සිල්ක්, සැටින්  රෙදි වලට මෘදු මතුපිටක් තියෙන නිසා එමඟින් හිස කෙස් වලට අඩු ඝර්ෂණයක් ඇති වන අතර තෙතමනය රඳවා ගැනීමට ද උපකාරී වෙනවා.

අයන් එක ඕනෑවට වඩා භාවිතා කරන්න එපා
අයන් එක භාවිතා කිරීමෙන් ඔයාගේ කොණ්ඩය සැලකිය යුතු ලෙස වියළී යා හැකියි. හිසකෙස් නිතර නිතර ස්ට්‍රේට් කරන එක ඔයාගේ හිසකෙස් වල සෞඛ්‍යයට එච්චරම හොඳ නැ. එනිසා මෙවැනි උපකරණ හැකි තරම් ඇත් කිරීමට සහ භාවිතය සීමා කිරීමට උත්සාහ කරන්න. එසේ කිරීමෙන් ඊළඟ දිනයේදී ඔයාගේ හිසකෙස් යථා තත්වයට පත් වීමට සහ ශක්තිමත් වීමට ඉඩ සැලසෙනවා. වැඩිදුර ආරක්ෂාව සඳහා, සෑම විටම හිස කෙස් ආරක්ෂණ ආලේපනයක් (heat protectant spray) ආලේප කරන්න සහ සෙල්සියස් අංශක 185 ක් හෝ ඊට අඩු උෂ්ණත්වයක පවත්වා ගන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න
ශරීරයට මෙන්ම ඔයාගේ හිසකෙස් වලට සමබර ආහාර වේලක් ප්‍රයෝජනවත් වෙනවා. දිගු කෙස් කලඹක් සදහා නිතිපතා ආහාර වේලට, වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ එකතු කර ගන්න. එමගින් නව කෙස් නිපදවීමට අවශ්‍ය ප්‍රෝටීන් හා ඛනිජ ලවණ ලැබෙනවා. සමහර මෝස්තරකරුවන් විසින් අනුමත කරන ලද තේරීම් වන්නේ බයෝටින් ටැබ්ලට්යි. අළුත් දෙයක් අත්හදා බැලීමට පෙර ඔයාගේ වෛද්‍යවරයා හමුවීම සැමවිටම වැදගත්.

නිවැරදි හිසකෙස් නිෂ්පාදන තෝරන්න
වසර ගණනාවක් තිස්සේ තාපය හා වර්ණ ගැන්වීමවලදී සිදුවූ හානිවලින් ඔයාගේ හිසකෙස් නැවත යථාතත්වයට ගෙන ඒම සඳහා, ඔයා කෙස් සෝදන සෑම විටම වැඩිපුර තෙතමනයක් ලබා ගැනීම වඩාත් සුදුසුයි. එබැවින් හොඳ කන්ඩිෂනර් එකක් තෝරා ගන්න. හොඳ ෂැම්පූ එකක් සහ කන්ඩිෂනර් එකක් භාවිතා කරලා ඔබේ හිසකෙස් සෝදන්න. පොල්තෙල් හෝ ආගන් තෙල් වැනි කෙස් ආවරණ ද තෙතමනය සඳහා විශිෂ්ට සත්කාරයක්. මීට අමතරව, කොණ්ඩය කැඩී යාම නතර කිරීමට පුළුල් දැති සහිත පනාවකට මාරු වෙන්න.

කොණ්ඩය අගිස්ස කැපීමෙන් හිසකෙස් වේගවත් කරයිද?
ඔයාගේ කොණ්ඩය කැපීම වැඩෙන ක්‍රියාවලිය තාක්‍ෂණිකව වේගවත් නොකරන අතර, එය නිරෝගීව තබා ගැනීමට සහ පැළුණු අග දිගින් දිගට පැතිරීම වළක්වනවා. හානියට පත් කෙළවර පාලනය කිරීම සඳහා සෑම සති අටක් හෝ දොළහකට වරක්ම කොණ්ඩය අගින් කපන්න.

හිසකෙන් එක රැයින් වැඩෙනවාද?

ඇත්තෙන්ම හිසකෙස් එක රැයින් වැඩෙන්නේ නෑ. සාමාන්‍යයෙන මසකට අඟල් 1/4ත් 1/2 ත් අතර ප්‍රමාණයක් තමයි වැවෙන්නේ. ඒත් ඔබ ඔබේ හිසකෙස් වලට හොඳින් සලකනවා නම් එහි වර්ධනය හොඳින් සිදු වෙනවා.

කොණ්ඩය ගෙතීම හිස්කෙස් වර්ධන වැඩි කරනවාද?

හිස්කෙස් ගෙතීම ඔබේ හිස්කෙස් වර්ධනයට උපකාරී වෙනවා. හිසකෙස් රළු පෘෂ්ඨ සමග ගැටීම, නිතර නිතර හිසකෙස් පීරීමට අවශ්‍ය නොවීම වගේ දේවල් නිසාත් හිසකෙස් කඩීම මෙමගින් වැලකෙනවා. නමුත් තද ගෙතුම් මෝස්තර නම් ඔබේ හිසකෙස් වලට හානි සිදු කරන බවත් සිහියේ තබා ගන්න.

හිසකෙස් වේගයෙන් වැඩෙන්නේ කොහොමද?
* නිතිපතා කප්පාදු කරන්න.
* හොඳ පුළුල් දැති සහිත පනාවක් මිලදී ගන්න.
* විටින් විට ෂැම්පූ යොදන්නේ නැතිව කොන්ඩය සෝදන්න.
* සිසිල් වතුරෙන් කොන්ඩය සෝදා, සිනිදු තුවායකින් පිසින්න.
* සතිපතා හිසකෙස් මාස්ක් එකක් යොදන්න.
* නින්දට පෙර ඔයාගේ කොණ්ඩය පිරන්න.
* සිල්ක් හෝ සැටින් කොට්ටයක් මත නිදාගන්න.
* සිහින් සහ තද ඉලාස්ටික් පටි පැළඳීමෙන් වළකින්න.
* වර්ණ ගැන්වීම හා අයන් කිරීම සීමා කරන්න.
* ආහාර වේල සමබර බව සහතික කර විටමින් අතිරේක ගැනීම ගැන සලකා බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1825 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:49:57 PM
Script:/article/1825/don-t-do-these-mistakes-that-slow-hair-growth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:49:58 PM
Script:/article/1825/don-t-do-these-mistakes-that-slow-hair-growth.html