අමුද්‍රව්‍ය දෙකකින් පැහැපත් දිදුලන මුහුණක්

January 16, 2018
8,049
clear bright face with just two ingredients
සුදු වෙන්න, පැහැපත් වෙන්න කවුරු වුනත් කැමතියිනේ. ඒ නිසානේ සුදු වෙනවා කිව්වොත් ඕනෑම දෙයක් අරන් මුණේ ගා ගන්න තරමට අපේ අය පෙළඹිලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ දේවල් තාවකාලිකයි. ඒ වගේම ශරීරයට අහිතකරයි. අතුරුප්‍රතිඵල වලින් යුක්තයි. ඒ නිසා අතුරුප්‍රතිඵල වලින් තොරව ස්වාභාවික ක්‍රම භාවිතයෙන් සුන්දර වෙන එක ඇඟට ගුණයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? 

ලප කැළැල් වලින් තොර වෙන්න වගේම පැහැපත් සමක් ලබා ගන්න අමුද්‍රව්‍ය දෙකක් විතරක් භාවිතා කරලා හදා ගන්න පුළුවන් face mask කිහිපයක් ගැන ඔයාට කියන්නම්. අනිවාර්යෙන් try කරලා බලන්න.

1. කෝමාරිකා සහ ග්‍රීන් ටී face mask 

කෝමාරිකා කියන්නේ සමට ඉතා හිතකර අමුද්‍රව්‍යක්. සමේ තෙතමනය ආරක්ෂා කරමින් ලප කැළැල් අවම කරනවා. ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරක වලින් යුක්තයි. සම වයස්ගත වීම අවම කර මුහුණේ සමට පැහැපත් පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම මේ අමුද්‍රව්‍ය දෙකම දෙකම කුරුලෑ වලට එරෙහිව සටන් කරනවා. කෝමාරිකා මද තේ හැඳි 4ක් ග්‍රීන් ටී තේ හැඳි 3ක් එක්ක හොඳින් බ්ලෙන්ඩර් කර පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 15කින් ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.

2. ගස්ලබු සහ ලෙමන් face mask 

සම පැහැපත් කර ගන්න ගස්ලබු හොඳ විසඳුමක්. ගස්ලබු වල ඇති ඇල්ෆා-හයිඩ්රෝක්සයිඩ් අම්ලය සමෙහි මැරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම සමේ රැලි වැටීම් අවම කරනවා. ලෙමන් වලින් සම පිරිසිදු කරනවා. හොඳින් බ්ලෙන්ඩර් කර ගත් ඉදුණු ගස්ලබු කෝප්ප භාගයකට ලෙමන් යුෂ තේ හැඳි 2ක් 3ක් එකතු කර මුහුණේ ආලේප කර වියලෙන්නට හැර සෝදා ඉවත් කරන්න. 

3. ග්‍රීන් ටි සහ මී පැණි face mask 

පාවිච්චි කරපු ග්‍රීන් ටි බෑග් මින් පස්සේ විසි කරන්න එපා. භාවිතා කරන ලද ග්‍රීන් ටී බෑගයෙන් තේ මණ්ඩි ටික පිටතට අරගෙන එයට මි පැණි තේ හැඳි 2ක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 5ක් පමණ සෙමින් සම්භාහනය කරන්න. තවත් විනාඩි කිහිපයක් තියෙන්නට හැර ඉවත් කරන්න. ග්‍රීන් ටී වලින් මුහුණේ ඇති අඳුරු පැහැති බව ඉවත් කර ගන්නත් මි පැණි වලින් සමට පෝෂණය හා තෙතමනය ලබා දෙන්නත් පුළුවන්.

4.කොකෝවා පවුඩර් සහ පොල් තෙල් 

කොකෝවා කුඩු සමේ සෛල අලුත්වැඩියා කිරීමට වගේම, සම පැහැපත් කරන්න උදවු වෙනවා. ඒ වගේම තරුණ පෙනුම රැක ගන්නත් පුළුවන්. පොල් තෙල් කියන්නෙත් සමට හොඳ මොයිස්චරයිසර් එකක්. ඒ වගේම සම පෝෂණයත් කරනවා. කොකෝවා කුඩු තේ හැඳි දෙකකට පිරිසිදු පොල් තෙල් මේස හැන්ද්දක් එකතු කර මුහුණේ සහ බෙල්ල වටා ආලේප කර මෘදුව සම්භාහනය කරන්න. විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න. සතියට දෙවරක් පමණ try කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 626 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/626/clear-bright-face-with-just-two-ingredients.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:59 AM
Script:/article/626/clear-bright-face-with-just-two-ingredients.html