හදීසියකට ලුණු කැඳ එකක් වත් හදාගන්න බැරිනම් දැන්ම ඉගෙන ගන්න

June 28, 2018
17,814
Learn how to make Lunu Keda
ලෙඩ රෝග අපිව හොයාගෙන එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයි නේ. ඒ නිසා ලෙඩ රෝග අපිට හැදෙන ඕනෙම වේලාවකදී අපිට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අද සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න ඔයාට කසාදබැන්ද දවසකට නම් ජීවිතේ වෙනුවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙනවා. මොකද විවාහ උනාට පස්සේ පවුලේ අයගේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ ඔයාගේ අතේ. හිතන්නකෝ කවුරුත් උදවුවට නැති වෙලාවක පවුලේ කෙනෙක් ලෙඩ උනා කියලා කෑම කන්න බොන්න අප්පිරිය නිසා ඔයාගෙන් ලුණු කැඳ එකක් හදලා ඉල්ලුවොත් හදලා දෙන්න නම් දැනගෙන ඉන්න එක වටිනවා නේද? ඒ නිසා අද අපි ඔයාලට කියන්නේ කියන්නේ ලුණු කැඳත් එකක්ම ලෙඩට දුකට ප්‍රයෝජනවත් වෙන තව කැඳ වර්ග 2 ක් හදාගන්න විදිහ ගැන.

01. ලුණු කැඳ

මේක හදන විදිහ හරිම සරල උනාට මේකෙන් ලෙඩාට ලැබෙන්නේ ලොකු සහනයක්. ලෙඩ උනාම අපි කාටත් ලොකු ලොකු කෑම බීම වර්ග කන්න බොන්න අමාරුයි ඒ නිසා කෑම බිම නැතුව ශරීරය දුර්වල වෙන එක පාලනය කරලා ඇඟට අවශ්‍ය පෝෂණය වගේම නැවත ආහාර රුචිය වර්ධනය කරන්නත් මේ ලුණු කැඳ වලට පුළුවන්. හදාගන්න ඕනේ වෙන්නේ මේ දේවල් ටික.
කැකුළු හාල් 50g
ලුණු තේ හැඳි 1/2
වතුර මිලි ලීටර් 600 ක්
දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. හාල් ටික හෝදලා වතුර මිලිලීටර් 600 දාල ලිපේ තියන්න. උතුරාගෙන එනකොට ගින්දර අඩු කරලා මඳ ගින්නේ හොඳට තම්බා ගන්න දැන් ලුණු ටික එකතු කරලා බත් ටික පොඩි නොකර කැඳ ටික පෙරාගන්න. ටිකක් රස්නෙන් ම බොන්න දෙන්න.

02. බැදි හාල් කැඳ
මේ කැඳ එකත් ලුණු කැඳ වගේම ලෙඩට දුකට සහනය දෙන හොඳ පෝෂණ ගුණයක් තියෙන කැඳ එකක්. මේ කැඳ එක ගොඩක්ම හොඳයි පාචනය, කෑම අරුචිය වගේ දේවල් වලට මොකද මේ කැඳ එකට ඉක්මනට බඩ වේලවනවා. හදාගන්න ඕනේ වෙන්නේ මේ දේවල්,
කැකුළු හාල් 50g
ලුණු තේ හැඳි 1/4
වතුර මිලිලීටර් 600 ක්
මේ කැඳ එක හදාගන්න ඕනේ මේ විදිහට. මුලින්ම හාල් ටික හෝදලා වතුර ටික පෙරාගෙන හාල් ටික කබලේ බැදගන්න ඕනේ. මතක තියාගන්න හාල් ටික බදින්නේ තෙල් වලින් නෙවෙයි නිකම්ම කබලේ දාලා. ඊට පස්සේ හාල් ටික බාජනෙකට දාලා වතුර මිලිලීටර් 600 ත් දාලා උතුරනකොට ගින්දර අඩු කරලා මඳ ගින්නේ තම්බා ගන්න. දැන් මේකට ලුණු එකතු කරලා බත් ඇට පොඩි නොකර කැඳ ටික පෙරාගන්න. උණුවෙන්ම බොන්න දෙන්න.

03. කිරි කැඳ
මේකත් ලෙඩක් දුකක් හැදුනම ඕනේ වෙන කැඳ එකක්. මේකේ තියෙන රස නිසා සාමාන්‍ය වෙලාවල් වලදී උනත් හදලා ගෙදර අයත් එක්ක බොන්න පුළුවන්. පොඩි දරුවෝ උනත් අසාවෙන් බොන දෙයක්. ඕනේ වෙන්නේ මේ දේවල් ටික.
කැකුළු හාල් මිටක් විතර
ලුණු රස පදමට
උකු පොල් කිරි අඬු කෝප්ප 1 1/2 ක්
වතුර අඬු කෝප්ප 2 ක්
සුදුළුනු බික් 10 ක්
හාල් ටික හොඳට හෝදලා සුදුළුනු බික් ටිකත් දාල වතුර ටික දාලා බත් එක බෙරිවෙන්න උයාගන්න. වතුර ටික හිදුනම කිරි ටික දාලා ලුණුත් රස පදමට එකතු කරගෙන කිරි ටික උතුරන කොට ලිප නිවලා හැන්දකින් බත් සුදුළුනු ටික පොඩි කරගන්න. දැන් උණු උනුවෙන්ම බොන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 911 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:38:48 AM
Script:/article/911/learn-how-to-make-lunu-keda.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:38:48 AM
Script:/article/911/learn-how-to-make-lunu-keda.html