'ගෝල්ඩන් ඔයිල්' නමින් සුපතල සුදුහඳුන් තෙල් සමඟින් චන්දනාලේප හර්බල් ක්‍රීම් වේගවත් ඉදිරි පිම්මක්

April 13, 2018
12,964
Chandanalepa Herbal Cream with Sudu Handun Oil
ගෝල්ඩන් ඔයිල් නමින් රූපලාවණ්‍ය වෙළඳපොලේ සුපතල පිරිසිදු සුදුහඳුන් තෙල් අන්තර්ගත කරමින් චන්දනාලේප හර්බල් ක්‍රීම් වඩාත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපලට ඉදිරිපත් කරන ලදී. සම පැහැපත් කිරීමට ප්‍රත්‍යක්ෂ α‐සැන්ටලෝල් සහ β‐සැන්ටලෝල් වලින් සපිරි සුගන්ධ සුදුහඳුන් තෙල්, සම පැහැපත් කිරීමට අමතරව සමෙහි ලප කැළැල්, කළු වීම්, දුර්වර්ණ වීම් දුරු කිරීමටත් සම පෝෂණය කර සම නිරෝගිමත් කිරීමටත් සමත්ය.



පිරිසිදු සුදුහඳුන් තෙල් ලීටරයක් රුපියල් ලක‍ෂ දෙකක් (200,000) පමණ අධික වටිනාකමකින් යුක්තය. ජොජෝබා තෙල් ලීටරයක් රුපියල් නවදාහක් (9,000) ද, ආමන්ඩ් තෙල් ලීටරයක් රුපියල් තුන්දහස් පන්සියයක් (3,500) සහ ඔලිව් තෙල් ලීටරයක් රුපියල් එක්දාස් හාරසියයක් (1,400) ද වන විට පිරිසිදු සුදුහඳුන් තෙල් ලීටරයක් රුපියල් ලක‍ෂ දෙකක් තරම් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, සුදුහඳුන් ගසක් පරිණතව වර්ධනය වීම සඳහා අවුරුදු 15 පමණ කාලයක් ගත වන නිසාත් එවැනි පරිණත ගසකින් සුදුහඳුන් තෙල් ලබා ගත හැක්කේ 2% - 5% වැනි සුළු ප්‍රමාණයක් වීමත් නිසාය. ඉතිහාසයේ සිටම ඉන්දියානු සුරූපිනියන් එතරම් රූපශ්‍රීයෙන් අගතැන්පත් වීමට සුපිරිසිදු සුදුහඳුන් තෙල් භාවිතය හේතු වී ඇති බවට පොත පතෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදකයා ලෙස කීර්තියක් උසුලන —වේයන්ගොඩ සංජීවක ආයුර්වේද නිෂ්පාදන සමාගම වෙතින් පමණක්ම වෙළඳපලට ඉදිරිපත් වන චන්දනාලේප හර්බල් ක්‍රීම් ̃ වල කිසිම කෘත්‍රිම කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොවීම ලෝක වෙළඳපොලේ රූපලාවණ්‍ය නිෂ්පාදකයන් පවා මවිතයට පත් කරවන කාරණාවක් බවට පත්ව ඇත. තවද චන්දනාලේපහි මනුෂ්‍ය සමට අහිතකර පැරබන් සහ බ්ලීචිං කිසිසේත්ම අඩංගු නැත. අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඕනෑම රසායනාගාරයකින් චන්දනාලේප හි බ්ලීචිං සහ කෘතිම විෂ රසායනිකයන් අඩංගු නොමැති බවට පරීක‍ෂා කරවා ගත හැකි අතර ඒ සඳහා ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා දීමට චන්දනාලේප ආයතනය සූදානමින් සිටියි.

චන්දනාලේප, තාරුණ්‍යයට පා තැබූ සැමට දිව්‍යමය ඖෂධයකි. තාරුණ්‍යයේදී ආලේප කිරීම විවාහයේදී ප්‍රතිමූර්තියක් බවට පත්වෙයි. තාරුණ්‍යය පසු කරන්නන්ට එය රැක ගැනීමට, සුන්දරත්වය වැඩි කර ගැනීමට මහඟු රුකුලකි.

පිරිසිදු සුදුහඳුන් තෙල් අනුසාරයෙන් ඔබ වෙතට එන චන්දනාලේප හර්බල් ක්‍රීම් මන බඳිනා නව ඇසුරුමකින්ද වෙළඳපොලට එන්නේ චන්දනාලේප නාමයට සමාන ව්‍යාජ අනුකරණ වලින් පාරිභෝගික ඔබව තව තවත් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙසිනි. වසර 24 මුළුල්ලේ විශ්වාසනීය ගමනක් පැමිණි වේයන්ගොඩ සංජීවක ආයුර්වේද නිෂ්පාදන සමාගම පාරිභෝගික ජනතාවගේ රූ සපුව මෙන්ම ජීවිතද ලස්සන කරමින් ඉදිරියට යාම ඔවුන්ගේ බලාපොරොත්තුව බව පැවසීය. තවද චන්දනාලේප මිළදී ගන්නා විට එය වේයන්ගොඩ සංජීවක ආයුර්වේද නිෂ්පාදන සමාගම ගෙනෙන "ඔරිජිනල්" චන්දනාලේප නිෂ්පාදනය දැයි පරීක‍ෂා කර බලා මිළදී ගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ආයතනය වෙනුවෙන් එහි ප්‍රකාශකයෙක් අප හට පැවසීය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 771 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:34:50 AM
Script:/article/771/chandanalepa-herbal-cream-with-sudu-handun-oil.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:34:50 AM
Script:/article/771/chandanalepa-herbal-cream-with-sudu-handun-oil.html