යෝගට් සහ කුරුඳු කුඩු වලින් බඩයි, බරයි දෙකම අඩු කර ගන්න

February 12, 2018
26,120
Loose weight with yogurt and cinnamon
බර වැඩි වෙන එකයි, බඩ වැඩි වෙන එකයි කියන්නේ කාන්තා පිරිමි කියලා කිසිම භේදයක් නැතුව හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. ඒ වගේම අපි හැමදාමත් ඔයාට මේ ප්‍රශ්න වලට විවිධාකාරයේ විසඳුම් ගේනවා. බර වගේම බඩ අඩු කර ගන්නත් ඔයාට උදවු වෙන හරිම ලේසි පහසු ප්‍රතිකර්ම කීපයක් අදත් කියනවා. මේවයින් එකක් දෙකක් හෝ try කරලා බලන්න. එහෙම නැතුව කම්මැලි කමට ඉඳලා අන්තිමට නාහෙන් අඬලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා මතක තියා ගන්න ඕන දෙයක් තමයි අපි මොන ප්‍රතිකර්ම කරත් ක්‍රියාශීලි දිවිපෙවෙතක් හා නිවරදි ආහාර රටාවක් අනුගමනය කරන්නේ නැත්තන් මොන ප්‍රතිකාර, සත්කාර කලත් වැඩක් වෙන්නේ නැහැ කියන එක.

1. වතුර. වතුර තමයි තියෙන හොඳම විසඳුම. අනිවාර්යෙන් දිනපතා වැඩි පුර වතුර පානය කරන්න. ඒ වගේම පිරිසිදු වතුර වෙන්නත් ඕන. වතුර වැඩි පුර පානයෙන් ඔයාගේ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කර ගන්න පුළුවන්. අනවශ්‍ය කැලරි දහනය කිරීමට එය එක හේතුවක් වෙනවා.

2. ඒ වගේම ආහාර වේල් වලින් පස්සේ වැඩි පුර වතුර පානය කරන්නත් එපා. ආහාර ගැනීමෙන් පසුව වතුර ස්වල්පයක් පමණක් පානය කරන්න. ටිකක් රස්නෙන් උණු වතුර ටිකක් බොන්න පුළුවන් නම් කාලයක් යද්දී ඔය ප්‍රශ්නේ නිකන්ම අවම වෙලා යනවා.

3. යෝගට් සහ කුරුඳු වලින් ඔයාට බඩ අඩු කර ගන්න පහසුවෙන්ම පුළුවන්. යෝගට් එකට කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර ආහාරයට ගන්න. දිනපතා මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

4. තන්තු බහුල ආහාර පරිභෝජනය ඉතාමත් වැදගත්. ඕට්ස්, බාර්ලි වගේම අලිගැට පේර, ඇපල්, පෙයාස්, දිවුල්, කෙසෙල් සහ පලා වර්ග ඔබේ ආහාර වෙල් අතරට එකතු කර ගන්න. ඔබේ අනවශ්‍ය බර අවම කර ගන්න මේ තන්තුමය ආහාර උදවු වෙනවා.

5. කැරට් යුෂ කියන්නේ සුන්දරත්වය වැඩි කර ගන්න වගේම ඔබව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න උදවු වෙන පානයක්. දිනකට වරක් කැරට් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් සති කිහිපයකින් ලැබෙන ප්‍රතිඵල අත් විඳින්න.

6. කැල්සියම් බහුල ආහාර අවම වීමත් ඔබේ බර අඩු නොවීමට හේතුවක් වෙනවා. ඒ නිසා සිරුරට අවශ්‍ය කැල්සියම් අවශ්‍යතාව නොඅඩුව සම්පුර්ණ කරන්න.

7. සීනි හැකි තරම් ඔබෙන් ඈත් කර තබා ගන්න. මොකද සිනි කියන්නේ ඔබේ ශරීර සෞඛ්‍යට වින කරන දෙයක්. අනවශ්‍ය විදියට ඔබේ ශරීරයට කැලරි එකතු වෙන්න මෙය තවත් හේතුවක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 658 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 6:06:58 PM
Script:/article/658/loose-weight-with-yogurt-and-cinnamon.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 6:06:59 PM
Script:/article/658/loose-weight-with-yogurt-and-cinnamon.html