මේ දිනවල ඇතිවිය හැකි කොලරාව රෝගී තත්ත්වයෙන් ඔබත් ආරක්ෂා වෙන්න

May 31, 2018
979
Be protected by cholera
කොලරාව කියන්නේ මරණය පවා ඇති කරවන්න පුළුවන් රෝගී තත්ත්වයක් කියලා ඔබ මීට කලින් හිතන්න නැතුව ඇති. විසබීජ ශරීරගත වීම් තුලින් කොළොලරාව ඇතිවෙන්න පුලුවන්. විශේෂයෙන් විෂබීජ සහිත ජලය ශරීරගත වීමෙන් තමයි මේ තත්ත්වය වැඩිපුර ඇති වෙන්නේ. ඉතින් මේ දවස්වල දැඩි වැසි සහිත කාලගුණය හා ගංවතුර තත්ත්වයන් නිසා මේ වගේ රෝගී තත්වයන් පැතිරෙන එක ඉතා සීඝ්‍රයෙන් සිදු වෙනවා. අන්න ඒ නිසා තමයි මේ වගේ තත්ත්වයන් ගැන ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි.

අපවිත්‍ර වූ ආහාර අනුභවය, අපවිත්‍ර වූ ජලය පානය කිරීමට වැනි දේ නිසා කොලරාව ඇතිකිරීමට හේතුවන බැක්ටීරියාව ශරීරගත වෙන්න පුළුවන්. කොලරාව විෂබීජයෙන් ආසාදිත බොහෝ දෙනෙක් රෝගාතුරු නොවන නමුත් රෝග කාරක බැක්ටීරියාව දින 7 ක් 14ක් දක්වා කාලයක් තුල මළ සමග පිට කරනවා.

කොලරාව වැළඳුණු පුද්ගලයෙකුට දියරමය වශයෙන් මළ පිටවීම ඒ කියන්නේ බඩ බුරුලට යාම, මලපහ කරන වාර ගණන වැඩිවීම. වමනය, බඩේ වේදනාව. විටක තද උණ ගතිය, ඇඟ පත වේදනාව ඇතිවිය හැකියි. බොහෝ විට කොලාරාවෙන් ආසාදනය වූ පුද්ගලයන්ට පාචනය ඇති වන අතර ඔවුන්ගෙන් 10%ක් බරපතල ලෙස රෝගාතුර වී ඉතා තදින් පාචනය ඇති වී පසුව අධික ලෙස විජලනයට පත් වෙන්න ඉඩ තියෙනවා

විජලනය ඇති වුනු කෙනෙක් තුළ මේ ලක්ෂණ දකින්න පුළුවන්. පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම, මුඛය, දිව, තොල් වියලීමට ලක් වීම, ශරීරය වියලීමට ලක් වීම, දරුවන්ගේ තොල් පහළට නෙරා යාම, පිපාසය අධික ලෙස ඇතිවීම ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන්.

ඒ වගේම හුස්ම ගැනීම වේගවත් වීම, අත් පා සීතල වීම, තද නිදිමත ගතිය, සිහිය මද වීම කියන්නේමෙහි තවත් රෝග ලක්ෂණ. මෙසේ ක්‍රමයෙන් විජලනයේ ලක්ෂණ නරක අතට හැරුනොත් ඉතා ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන යාමට හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකි ස්ථානයකට රැගෙන යාමට කටයුතු කළ යුතුයි. කොළරාවට නිසි කල නිසි ප්‍රතිකාර සිදු නොකිරීම මගින් බරපතල ලෙස රෝගී වීම තුළින් මරණය පවා ඇති වෙන්න පුලුවන් ඒ වගේම දරුවන් තුළ මන්ද මන්දපෝෂණය වැනි තත්වයන් ඇති කරන්නත් මෙම කොළරාව හේතු වෙනවා.

මේ තත්ත්වය අවම කර ගන්න ඔයාට කරන්න පුළුවන් දේ,

කොළරාව රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් ඔයා මෙන්න මේ දේවල් ගැන වැඩිපුර සැලකිලිමත්මත් විය යුතුයි.

හැම විටම උතුරවා නිවාගත් ජලය පානය කරන්න

හොදින් පිසගත් ආහාර අනුභව කරන්න

පිසගත් ආහාර මැස්සන්ගෙන්, කැරපොත්තන්ගෙන් හා සුරතල් සතුන්ගෙන් ඈත් කොට තබන්න

නිතර සබන් යොදා පිරිසුදු වතුරෙන් අත් සෝදන්න

නිවැරදි වැසිකිළි කැසිකිලි පුරුදු අනුගමනය කරන්න

කුඩා දරුවන්ගේ මලපහ වැසිකිළියට නිසි පරිදි බැහැර කරන්න

එළවළු වර්ග හා පලතුරු වර්ග ආහාරයට එකතු කර ගනිද්දීත් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න

මෙන්න මේ දේවල් ගැන මේ දවස් වල වැඩි අවදානයක් දෙමින් මේ දිනවල පැතිරිය හැකි මේ වගේ රෝග වලින් ආරක්ෂා වෙන්න හැකි තරම් උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Saffron for beauty and health
   3,342
   2,821

ලස්සනට ඉන්න වගේම නිරෝගීව ඉන්නත් උදව් වෙන ඖෂධීය පානයක්

තාවකාලීක ලස්සනට වඩා කිසිදු අතුරු අබාධයක් නොමැතිව ස්වභාවික වගේම දිගු කාලින ලස්සනක් ලබා ගන්න පුළුවන් කුංකුම පානය
Hit fashion trends in 2018 (Part 01)
   1,280
   1,085

2018 වසරේ hit වුණු විලාසිතා (01 කොටස)

2018 වර්ෂයේ ජනප්‍රිය වුණු ඇඳුම් කලාව වගේම අලුත් වුණු විලාසිතා ගැන ඔයා එක්ක කතා කරන්න අද අපි තීරණය කළා. ඔයා ලස්සනට අඳින්න වගේම ෆැෂන් කරන්න කැමති කෙනෙක් නම් මේ ලිපිය කියවලම බලන්න
Ayurwedic solution for obesity
   2,104
   982

ඇඟ බර වැඩිද? මෙන්න ආයුර්වේදීය විසඳුමක්

ස්ථූලතාවය අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සෞඛ්‍යයට හානියක් නැති ආයුර්වේදීය විසඳුමක්
Reduce reasons for body odour
   644
   546

අධික ලෙස දහඩිය දුගද දැනෙනවා නම්, විසදුම් හොයන්නේ මෙහෙමයි

තවත් කෙනෙක් තුළ අප්‍රසන්න බවක් ඇති වෙන්න කලින් දහඩිය දුගදට විසදුම් හොයන්න
How to wear fashionable while you are pregnant
   1,835
   397

මවක් වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් Fashion එකට ඇඳුම් අඳින්න

ගොඩක් කාන්තාවන් හිතන්නේ ගර්භණී අවධිය තුළ ලස්සන ඇඳුම් අඳින්න බෑ කියලා. ඇත්තටම ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි අපේ සමාජය තුළ එහෙම මතයක් හදලා තියෙනවා. ඒ නිසා ගොඩක් කාන්තාවන් ගර්භණී අවධියේ අඳින්නේ එකම විදිහේ ගවුම්. ගවුම්වලින් තොර ඇඳුම් ගැන හිතන්නේවත් නෑ. ගර්භණී අවධියේදීත් ඔයා ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න ඕන කියලයි හැඩකාරී අපි කියන්නේ

Latest Articles

Most Viwed