heart attack හදා ගන්නේ නැතුව කොලෙස්ටරෝල් හරි විදියට අඩු කරගන්න

June 20, 2018
12,890
How to prevent heart attacks by reducing cholesterol
කොලෙස්ටරෝල් ඇති වෙන්නෙ කොහොමද? කොලෙස්ටරෝල් වල රෝග ලක්ෂණ මොනවද? මේ භයානක තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියන එක ගැන අපි විටින් විට ඔයාට මතක් කරා. කොලෙස්ටරෝල් මට්ටම අවම කරගන්න වටිනා ආහාර හා කොහොමද ඒ දේවල් ආහාර වේලට එකතු කරගන්න ඕනෙ කියන එක ගැන වගේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරගන්නෙ කොහොමද කියන එක ගොඩක් අයට තවමත් තියෙන ගැටලුවක්.

තරමක් තරබාරු වයස අවුරුදු 40-45 පැනපු කෙනෙක්ගෙන් ඇහුවොත් මොනවද තියෙන ලෙඩ රෝග කියලා අනිවාර්යෙ ඔය කියන list එකේ කොලෙස්ටරෝල් අනිවාර්යෙන්ම තියෙනවා. කොලෙස්ටරෝල් තත්වය අවම කර නොගත්තොත් එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ හෘදයාබාධයක් ඇති වෙලා ජීවිතය කෙලවර වෙන එක. කිසිම කෙනෙක් ඒ අවාසනාවන්ත තත්වයට මුහුණ දෙන්න කැමතැති නෑ. ඒත් අද වෙද්දි ඇති වෙලා තියෙන තත්ත්වය ඊටත් වඩා බෙහෙවින් අවාසනාවන්තයි තරුණ වයසේ පසුවන අයට පවා අද වෙද්දි කොලෙස්ටරෝල් තත්වය ඇතිවෙලා. හිතන්නකෝ බෝ නොවන රෝග මොන තරම් භයානක ලෙස පැතිරිලා ගිහින්ද කියලා.

ව්‍යායාම මඟින් අපේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය දහනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් ව්‍යායාම කරමින් මේදය සහිත ආහාර නිතර නිතර ආහාරයට ගන්න ගත්තොත් ඇත්තටම ඔබ ව්‍යායාම කරන එකෙනුත් වැඩක් නැතුව යනවා. දැනටමත් මේදය තැන්පත්වීම නිසා ඔබට කොලෙස්ටරෝල් ඇතිවෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔබේ ආහාර පාලනය කරන ගමන්ම තමයි ව්‍යායාම වල යෙදිය යුත්තේ. එහෙම නොවුනොත් අනිවාර්යයෙන් ඔබ කරන දේ ප්‍රතිඵලයක් නැතුව යනවා.

ඒ නිසා ව්‍යායාම කරන ගමන්ම අහිතකර ආහාර පාන ලබා ගන්න එක දැන්ම නතර කරන්න. අනවශ්‍ය ලෙස මේදය වඩවන ආහාර පාලනය කර ශරීරයට මෙතෙක් එකතු වුණු මේදය බැහැර කරන්න පුළුවන් මේ දේ අනුගමනය කරන්න. මේදය වැඩි ආහාර විදියට සලකන්නේ සත්ව ආහාර. විශේෂයෙන් මස්, කිරි ,බිත්තර වගේ දේවල්. මේ දේවල් ආහාරයට ගැනීම හැකි තරම් අවම කරන්න පුළුවන් නම් කොලෙස්ටරෝල් ඇති වෙන්න තියෙන අවදානම් තත්ත්වයෙන්ගෙන් මිදෙන්න ඔබට පුළුවන්.

මස් වර්ග ආහාරයට ගන්නවා වෙනුවට මාළු වර්ග ආහාරයට ගන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳයි. කවර මාළු වර්ගයක් වුනත් ගුණදායකයි. හෘදයාබාධ වලට ගුණ දෙන ඔමේගා 3 එහි අඩංගුයි. නමුත් ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි ආහාර නම් සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආහාර ගනිද්දී ඒ ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වුවොත් හොඳයි. මස් කියන්නේ මේදය බහුල ආහාරයක්. විශේෂයෙන් කුකුළු මස් පිළියෙළ කරද්දි පිටතින් තියන සම් කොටස් අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. කොලෙස්ටරෝල් දැනටමත් වැළඳිලා තියෙන කෙනෙක්ට නම් කුකුළු මස් ආහාරයට නොගෙන සිටීම තමයි ඇඟට ගුණ. ඒ වගේ ම තමයි ඌරු මස්, හරක් මස් වැනි මේදය අධික ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න.

කිරි ආහාර වලත් බහුල ලෙස මේදය අඩංගු වෙනවා. විශේෂයෙන් මී කිරි වල. ඒ නිසා මේදය රහිත එලකිරි වර්ග තෝරා ගන්න. මේදය අතින් පොහොසත් තවත් නිෂ්පාදන තමයි යෝගට්, බටර්, චීස් කියන්නේ. මේ ආහාරත් භාවිතය හැකි තරම් අඩු කරනවා නම් තමයි ඔබේ ශරීර සෞඛ්‍යට හිතකර. ඒ වෙනුවට මේදය අඩු මේද රහිත යෝගට්, බටර් ලබා ගන්න. මුදවන ලද කිරි වල ඇති මතුපිට කොටස, යොදය ඉවත් කරන්න මතක තියාගන්න.

බිත්තරත් කොලෙස්රෝල් තියෙන කෙනෙක්ට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන් කහමදයේ තමයි මේදය බහුලව අඩංගු වෙන්නේ. ඒ නිසා කහ මදය ආහාරයට ගන්න එපා. නමුත් සුදු මදය කියන්නෙ ප්‍රෝටින් බහුල කොටසක්. ඒ නිසා බිත්තර සුදු මදය ආහාරයට ගත්තට ප්‍රශ්නයක් නෑ.

තෙල් වර්ග භාවිතයේදී පොල්තෙල්, ෆාම් තෙල් හැකිතරම් අඩුකරන්න. හේතුව මේවා සංතෘප්ත මේදය අඩංගු මුලාශ්‍ර. දැන් ඔයා හිතනවා ඇති සංතෘප්ත මේදය කොහොමද අදුර ගන්නේ කියලා. සීතල කාලයේදී මිදෙන්නේ සංතෘප්ත මේද. ඒ නිසා ඔයාට පහසුවෙන්ම සංතෘප්ත හා අසංතෘප්ත මේදය මොනවද කියලා හඳුනාගන්න පුලුවන්. පොල්තෙල් ඇතුලු තෙල් වර්ග භාවිතය අවම කරන්න. ඒ වෙනුවට අසංතෘප්ත මේදය සහිත ආහාර ආහාරයට එක්කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 898 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:19:02 AM
Script:/article/898/how-to-prevent-heart-attacks-by-reducing-cholesterol.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:19:03 AM
Script:/article/898/how-to-prevent-heart-attacks-by-reducing-cholesterol.html