දීප්තිමත් සමකට මේ එලවළු යුෂ බොන්න

June 11, 2018
13,607
Vegetables for a glowing skin
හැමෝම කැමතියිනේ ලස්සන වෙන්න. ඒ ගැන නම් ඉතිං කතා දෙකක් නැහැ. ඒ වගේම ඒකට ස්ත්‍රී පුරුෂ කියල භේදයකුත් නෑ. කොයි කවුරුත් තමන්ගේ සුන්දරත්වය හා තරුණ බව රැකගන්න නොසෑහෙන්න මහන්සි වෙනවා. ඒ  වගේම ඉතිං ඒවට අවශ්‍ය මගපෙන්වීම හා විවිධ සත්කාර ගැන අපි නිතරම ඔයාට මතක් කරනවා. ස්වාභාවික දේවල් වලින් සුන්දරත්වය ආරක්ෂා කරගන්න උත්සාහ කරන එක තමයි වඩාත් වැදගත් කියන එක අපි හැමදාමත් වගේ මතක් කරනවානේ. ඒ නිසාම තමයි මේ පාර දීප්තිමත් සමක් ලබා ගන්න එළවළු යුෂ කොහොමද ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා කියන්න හිතුවේ.

සුන්දරත්වය රැක ගන්න එළවළු වලින් ලැබෙන දායකත්වය නම් ඉතා ඉහළයි. විවිධ ලෙඩ රෝග වලට වගේම අපේ රූපලාවන්‍ය සම්බන්ධ ගැටලු වලටත් එළවළු වලින් විසඳුම් ලැබෙනවා. මේ කියන එළවළු වර්ග වල යුෂ ඔයාගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න උදව් වෙන්නේ මෙන්න මෙහෙමයි. 

1. කැරට් යුෂ

කැරට් යුෂ සම දීප්තිමත් කරන්න උදව් වෙනවා. ඒ වගේම තරබාරු බව අඩු කරන්නත් කැරට් වලට තියෙන හැකියාව ඉතා ඉහළයි.

2. නිවිති යුෂ

සම මත ඇති කැළැල් අවම කර පැහැදිලි සමක් ලබා ගන්න නිවිති යුෂ පානය කරන්න. මොකද අපි උත්සාහ කරන්න ඕනේ සුදුවෙන්න නෙමෙයි, ලප කැලැල් වලින් තොර පැහැපත් සමක් ලබාගන්න. ඒ වගේම කුරුලෑ සහිත සමකට නිවිති ඉතා ගුණදායකයි.

3. පිපිඤ්ඤා යුෂ

සම මත ඇති විෂබීජ ඉවත් කර සම පැහැපත් කරනවා. ඒ වගේම සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නත් පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් ඔබට පුළුවන්. විශේෂයෙන් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම් මඟින් සම වයසට යාම වළක්වා ගන්න පුළුවන්. සතියකට වරක් හෝ දෙවරක් පිපිඤ්ඤා යුෂ පානය කරන්න. 

4. ගෝවා 

ගෝවා කියන්නේ තරුණ පෙනුම රැක සම පැහැපත් කරන තවත් එළවළුවක්.

5. බීට්රූට් යුෂ 
 
නැවුම් බීට්රූට් යුෂ රුධිරය පිරිසිදු කිරීමට උපකාර වන අතරම යකඩ සහ පොටෑසියම් වලින් පොහොසත් මුලාශ්‍රයක්. ඒ වගේම එහි අඩංගු විටමින් A, C, K, තඹ, මැග්නීසියම්, ෆෝලික් අම්ලය සහ සින්ක් කුරුලෑ ඇතුළු සමේ ගැටළු වලට එරෙහිව සටන් කරනවා. සතියට දින කිහිපයක් බීට්රූට් යුෂ පානය කිරීමන් සමේ ගැටළු මඟහරවා ගන්න පුළුවන්. 

6. තක්කාලි යුෂ 

සමට පරිපූර්ණ  ආරක්ෂාව ලබා දෙන තවත් එළවළුවක් වගේම පළතුරක් තමයි තක්කාලි. තක්කාලි යුෂ සම වයස්ගතවීම වළක්වනවා. එය ඔබේ සම සිසිල් කරනවා ඒ වගේම එහි අඩංගු ලයිකෝපීන් නමැති ප්‍රතිඔක්සිකාරකය හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 871 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:30:03 AM
Script:/article/871/vegetables-for-a-glowing-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:30:03 AM
Script:/article/871/vegetables-for-a-glowing-skin.html