HSDD රෝගය නිසා නිදි යහන කටු යහනක් නොවන්නට

July 3, 2020
3,522
Do not make you sex life a nightmare because of HSDD
ලිංගික ජීවිතයත් පවුලක අඹු සැමියන් අතර පැවැත්මට වැදගත් හේතුවක්. ඒත් කිසිම හේතුවක් නැතුව සැමියාගෙන් හිරිහැරයකුත් නැතුව ලිංගිකව එක් වීම නීරස අත්දැකීමක් නම් එතැන කුමක් හෝ අඩු පාඩුවක් තිබෙනවා. සමහර විට මේ තත්වය ශාරිරික රෝගයක් වෙන්න පුලුවනි. එහෙම නැත්නම් මානසික ගැටලුවක් වෙන්නත් පුලුවන්. මේ මොන හේතුව වුනත් කාන්තාවක් තුළ තමන්ගේ සැමියා සමග ලිංගිකව එක්වීම නීරස අත්දැකීමක් නම් ඒ තත්වය Hypoactive sexual desire disorder (HSDD), රෝගය නිසා වෙන්නත් පුලුවනි.

Hypoactive sexual desire disorder (HSDD),රෝග තත්වයේ නිමිති මොනවාද...?

- ලිංගික කටයුතුවෙනුවෙන් අකමැති බව
- කායිකව සම්බන්ධ වීමට ඇති නොසතුට
- සැමියා විසින් දක්වන ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් කිසිදු ලෙසින් සාර්ථක ප්‍රතිචාර නොදැක්වීම
- ලිංගික අවයවයන් තුළ කිසිම සංවේදනයක් නොමැති වීම
- ලිංගිකව එකතු වෙන කාලයේදී පවා එයින් කිසිදු ආශ්වාදයක් නොලැබීම

ඔබට මේ වගේ අපහසුතාවයක් තිබෙනවා නම් සැමියා හැමදාම එය රුස්සන්නේ නැහැ. ඔහුගේ ඉවසීමත් යම් දිනකදී රතු ඉර පනින තත්වයට පත් වෙනවා. මේ ගැන කිසිම කෙනෙකු සමග සාකච්ඡා කරන්නත් බැහැ. ඒ වගේම බිරින්දෑගෙන් කිසිම ලිංගික තාප්තියක් ලැබෙන්නෙත් නැහැ. මේ වගේ ගැටළු නිසා සැමියා මහත් සේ අසරණ බවට පත් වෙනවා. අද ඔහොම වුනාට හෙට හරියයි කියල හිතුවත් මේ රෝග තත්වයට හේතු කාරනාවන් හඳුනා ගෙන ප්‍රතිකාර නොකලොත් ඉතින් හැමදාම සොරි තමයි.

Hypoactive sexual desire disorder (HSDD),රෝග තත්වයේ නිමිති මොනවාද...?

- දියවැඩියා රෝග තත්වය හෝ තයිරොයිඩ් ආබාධ
- මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර භාවිතය ගැන ඇති ඉතිහාසය
- ශාරිරික හෝ ලිංගික අතවරයකට හෝ පත්වීම
- මානසිකව අපයෝජනයට පත් වීම
- සාංකාව, මානසික අවපීඩනය වැනි මානනසික තත්වයන්
- මානසිකව වෙහෙසකර රාජකාරියක යෙදීම
- සැමියා හෝ සහකරු ගැන විශ්වාසයක් නොමැති වීම

Hypoactive sexual desire disorder (HSDD) රෝග තත්වයට ප්‍රතිකාර නොගත්තොත් මේ විදිහේ හැසිරීම් ඔබ වෙතින් ගොඩ නැගෙන්න ඉඩ තිබෙනවා.
- ලිංගික සතුට ප්‍රහීන වීම
- ලිංගික ජීවිතය ගැටළුවක් වීම
- ජීවිතය ගැන සෘනාත්මක බව
- සමාජ සම්බන්ධතාවයන් අප්‍රිය කිරීම
- ආත්මාභිමානය නැති වීම

මමත් ලිංගික ජීවිතයට කැමැති නැහැ.. මම රෝගියෙක්ද...?
කලබල වෙන්න එපා. මේ තත්වය දවසක් දෙකක් පැවැතුනාට ගැටළුවක් නැහැ. හැබැයි මාස හයකට වඩා කාලයක් ඔබට සහකරු හෝ සහකාරිය සමග එක්වීමේදී මේ ගැටළු තියෙනවා නම් සමහර විට ඔබ රෝගියෙක් වෙන්න පුලුවනි.

කාටද මම දැන් කියන්නේ..?
අතන මෙතැන කියන්න එපා. අදාල වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. හැබැයි රෝග තත්වයන් හෝ අපහසසුතාවයන් ඔවුන්ගෙන් වසන් කරන්න එපා.

මට සනීප වෙයිද...?
සහතිකව.. ඔබ මේ රෝග තත්වයට පත්ව ඇත්තේ ශාරිරික රෝගයක් නිසා නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලැබේවි. එහෙම නැතුව මානසික ගැටළුවක් නිසා නම් ඒ ගැනත් වෛද්‍යවරයාගේ අවධානය යොමු වේවි. ඒ නිසා නිදියහන කටු යහනක් කර ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය ප්‍රතිකාර අරගෙන නැවත මල්යහනක සැතපෙන්න පුලුවනි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1678 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:53:43 AM
Script:/article/1678/do-not-make-you-sex-life-a-nightmare-because-of-hsdd.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:53:43 AM
Script:/article/1678/do-not-make-you-sex-life-a-nightmare-because-of-hsdd.html