පොඩි දරුවන්ට නැදෑයින්ව සිප ගන්න බල කරන්න එපා

July 22, 2018
11,328
Do not force children to hug relatives
පොඩි දරුවන් ඉතිං කොයි කාගේත් ආදරය ඉක්මනින් දිනා ගන්නවානේ. ඒවාගේම චූටී දුවා දරුවන්ව සිප වැළදගන්නත් කවුරුත් කැමතියි. හැම පොඩි දරුවෙක්ම හැබැයි මේ ක්‍රියාවට එක විදිහට කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද ගොඩක් දරුවන් පිට කෙනෙක් වැළද ගන්නවට වගේම සිප ගන්නවාටත් කැමති නෑ. එවැනි අවස්ථාවක ඔයාගේ මැදිහත් වීමෙන් ඔයා දරුවාට ඇතැම් විට කියන්න පුළුවන් ඒ කෙනාව සිප ගන්න කියලා. එයා ගාවට පොඩ්ඩක් යන්න කියලා. දරුවා අකමැති මෙවැනි ක්‍රියාවලට දරුවාව බලෙන් කවදාවත් යොමු කරවන්න එපා. ඔයාගේ බල කිරීම මත වෙනත් සමීපතම කෙනෙක් සිප ගනිවී. නමුත් ඒක දරුවා කරන්නේ කැමැත්තේ නොවන බව ඔබ හොදින් මතක තබාගත යුතුයි. මෙවැනි ක්‍රියාවන්ට ඔයාගේ දරුවාව පෙළඹවීම යහපත් දෙයක් නෙමෙයි. hadakari.com අපි එහෙම කියන්නේ ඇයි කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

අපචාරයකට අත වැනීමක් වෙන්න පුළුවන්

දරුවන් හැම වේලාවෙම වැඩිහිටියන්ට ගරු කරනවා. ඒත් වැඩිහිටියන්ගෙන් දරුවන්ට ඒ ගෞරවය පෙරළා ලැබෙන්නේ නැති තරම්. පුංචි දරුවන් කුඩා කාලයේ ගන්න තීරණවලට වැඩිහිටියන් බලපෑම් කරන්න යන එක එතරම් හොද දෙයක් නෙමෙයි. ගොඩක් දෙමාපියන් තමන්ගේ සමීපතම ඥාතියෙක් ගාවට දරුවා නොයන විට බලෙන් දරුව වඩා ගන්න හෝ සිප ගන්න දෙනවා. දරුවෙක් වැඩිහිටියෙක්ව සිප ගත්තේ නෑ කියලා එතිනින් අදහස් වෙන්නේ නෑ ඒ දරුවා ඒ වැඩිහිටියාට ආදරේ නෑ කියලා. කුමන හෝ දෙයක් නිසා ඒ පොඩි දරුවා ඔහුව සිප ගන්නවට එහෙමත් නැත්තම් ඔහු හෝ ඇයව ස්පර්ශ කරනවාට අකමැති විය හැකියි. ඒ දරුවාගේ තීරණයට දෙමාපියන් ගරු කළ යුතුයි. ඔයා ඔයාගේ දරුවාගේ ශරීරය බලෙන් ස්පර්ශ කිරීමට අනුබල දෙන එක යම් මතු දිනෙක ළමා අපචාරකයෙක්ට ඔබ විසින් සලසා දෙන අවස්ථාවක් විය හැකියි. තමන්ගේ සිරුරට තමන්ට අයිතියක් නැ කියලා කුඩා කාලයේ හිදලා හිතන්න දරුවෙක් පුරුදු වෙන්න පුළුවන්. දරුවා ක්‍රම ක්‍රමයෙන් යමක් තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට දරුවන් විවිධ අපචාරකයිනගේ අපයෝජනයන්ට ලක්වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒ නිසා කවදාවත් බලෙන් වැඩිහිටියන්ව සිප ගන්න කියලා දරුවන්ව පොළඹවන්න එපා. මොකද ඒක ඔයා ඔයාගේ දරුවාගේ අනාගතයට කරන ලොකු අසාධාරණයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා.

මෙවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ?

කුඩා දරුවෙක් ඔයාගේ පවුලේ හෝ වෙනත් සමීපතම ඥාතී හිත මිතුරෙක් සිප වැළද ගන්න අකමැති වුණාම ඔයා කරන්න ඕනී දරුවාව අකමැත්තෙන් එකී කාර්යය කිරීමට යොමු කරවන එක නම් නෙමෙයි. ඔයාගේ සමීපතමයාගේ හිත නරක් නොවෙන විදිහට ඔයාට කතා කරන්න පුළුවන්. මොකද අද ගොඩක් පොඩි දරුවන් නැදෑයින් ළගට නොගියම නැදෑයෝ ඒකට විවිධ දේවල් තැන් තැන් වල ගිහින් කියනවා. මෙවැනි අවස්ථා ඕනෑ තරම් ඔයා අහලත් ඇති. දැකලත් ඇති. ඇතැම් විට ඔයාට කුඩා දරුවෙක් ඉන්නවා නම් ඔයා මෙවැනි අවස්ථාවලට අනන්තවත් මුහුණ දීලාත් ඇති. ඔයා මේ වගේ අවස්ථාවක තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාටවත් ඔයාගේ දරුවටවත් මුළු ලෝකයම සතුටු කරන්න බෑ. ඒ වගේම ලෝකයේ අනිත් මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න ඔයාට බැහැ. වැදගත්ම දේ තමයි විෂම ලෝකයේ මිනිස්සුන්ගේ කුඩා කාලයේ ඉදලම ඔයාගේ දරුවාව පරිස්සම් කර ගැනීම.

මෙවැනි අවස්ථාවකදි ඔයාට පුළුවන් ඔයාගේ ඥාතීයාට හෝ හිත මිතුරාව දැනුවත් කරන්න තමන්ගේ දරුවා මෙවැනි ක්‍රියාවන් වලට කැමැත්තක් නැති බව. දරුවාට වෙනත් විදිහකින් තමන්ගේ සමීපතමයන්ට ආදරය කරන්න පුරුදු කරන්න පුළුවන්. දරුවන්ගේ ආදරය හා දරුවන්ට ආදරේ බව පෙන්වන්න සිප වැළද ගැනීමම අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාට පුළුවන් දරුවාට ටටා බායී කියන්න පුරුදුකරවන්න. සිප ගන්නවට අකමැති වෙනකොට ඒ වෙනුවට ෆ්ලයින් කිස් එකක් දෙන්න පුරුදු කරන්න. මේ වගේ දේවල්ව වලින් ඔයාගේ දරුවා ආරක්ෂා වෙනවා වගේම ඔයාගේ සමීපතමයන්ගේ හිත රිදීමකට ලක් වෙන්නේත් නෑ. මෙවැනි දේවල් කිරීමෙන් ඔබේ දරුවා වැඩිහිටියන්ට ගරු කරන අතරේ දරුවාගේ අයිතියද සුරක්ෂිත කරනවා. කුඩා කාලේ ඉදලම දරුවන්ට අකමැති දේවල් කරන්න පුරුදු කරන්න එපා. බල කරන්න එපා. ඒක දරුවාගේ පෞර්ෂත්ව වර්ධනයට බාධාවක් වෙන්න පුළුවන්. ශරීරයේ පුද්ගලික අයිතියට ලොකු පොඩි කියලා භේදයක් නෑ. ඒ නිසා ඔයාගේ දරුවාගේ අයිතිය වෙනුවෙන් ඔයා ඉදිරිපත්ව කටයුතු කරන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 963 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:22 AM
Script:/article/963/do-not-force-children-to-hug-relatives.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:22 AM
Script:/article/963/do-not-force-children-to-hug-relatives.html