ගර්භණී සමයේදී ඖෂධ ලබාගන්නේ ඔබට පමණක් නොවේ - දරුවාද කුසේ සිටින බව මතක තබාගන්න

January 21, 2017
9,569
Be careful with medicine while pregnant
කාන්තාවගේ ජීවිතයේ වැදගත්ම අවධිය ගර්භණී සමයයි. ඒ කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද විවිධ විපර්යාසයන් රැසකට කාන්තාව පත්වන්නේ මෙම අවධියේ වීම නිසාවෙනුයි.

නමුත් ඇතැමුන්ගේ මතයක් වී ඇත්තේ ඝර්භණීභාවය යනු අසනීප තත්වයක් බවයි. නමුත් එය එසේ නොවේ. මේවා විවිධ පුද්ගලයින්ගේ ඔවුන්ගේ භාවිතයන් සඳහා යොදාගත් පුහු කතාවන් අතර ග්‍රාමීය ප්‍රදේශවලදී මෙම තත්වය වැඩි වශයෙන් දැකගන්නට ලැබේ.

ගර්භණී සමයේදී සිදුවන ශාරීරික වෙනස්කම් රැසකගේ ප්‍රතිඵලයක් ලෙසින් දරුවා ඇයගේ කුසේ පිළිසිඳගැනීම සිදුවන අතර ඇය ඉන්පසුව ලබාගන්න විවිධ කෑම වර්ග මෙන්ම ඹෞෂධ දරුවාගේ වර්ධනය කෙරේ සෘජුවම බලැපෑම් සිදුකරයි.

එහිදී වැඩිවශයෙන් දරුවාට බලපාන්නේ මව විසින් ලබාගන්නා ඹෟෂධ වන අතර ඇතැම් අවස්ථාවලදී ඒවා දරුවාගේ ජීවිතයට පවා හානිකාර විය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

මෙහිදී ගැබිණි මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසුවද විවිධ ඹෟෂධ ලබාගැනීම සිදුකරන අතර එහිදීද දරුවාට මව්කිරි ලබාදීමේදී ඒ පිළිබඳව වැඩි වශයෙන් දැනුවත්ව තිබිය යුතුය.

සායනයන්ට සහභාගීවන මව්වරුන් මේ පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන අතර එහි මූලධර්මයන් කිහිපයක් පහතින් දැක්වේ.


1. ගර්භණී කාලය තුළදී සමහර ඖෂධ වර්ග භාවිතය සුදුසු නොවන අතර, බොහෝ ඖෂධ වර්ග මවටත්, දරුවාටත් හානියකින් තොරව භාවිත කළ හැක.

2. ගර්භණී අවධියේදී ඖෂධ භාවිත කිරීමේදී සෑමවිටම වෛද්‍ය උපදෙස් පිළිපැදීමට සැලකිලිමත් වන්න.

3. ගර්භණී අවධියේදී යම් යම් ඖෂධ වර්ග භාවිත කිරීමෙන් මවටත්, කලලයටත්, දරුවාටත් හානි ඇතිවිය හැක.

4. ගර්භණී අවධියේදී යම් යම් ඖෂධ වර්ග භාවිත නොකර සිටීමෙන් මවට, දරුවාට, කලලයට හානි ඇතිවිය හැකිය.

ඇතැම් අවස්ථාවල මව්වරුන් විසින් සුළු රෝගී තත්වයන්ට පවා දරුවන්ට හානිකර බෙහෙත් වර්ග ලබාගැනීමට උත්සාහ කරන අතර ඒ තුළින් ඇයට මෙන්ම දරුවාට විවිෂ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන්නේ නොදැනුවත්වමයි.

මෙම තත්වය මඟහරවා ගැනීමට නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු වේ. එනම් ඔබ ගර්භණියක් වන්නට සූදානම් වන අවස්ථාවේ සිටම මෙම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වන අතර ඒ තුලින් ඔබටත් දරුවාටත් නීරෝගී දිවියක් ගතකිරීමට හැකියාව ලැබෙනු ඇත.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 10 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:58:45 AM
Script:/article/10/be-careful-with-medicine-while-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:58:45 AM
Script:/article/10/be-careful-with-medicine-while-pregnant.html