අවශ්‍ය ද්‍රව්‍ය :
මෝධා ෆිෂ් ෆිලේට් (සම සමග) 500g
මැරිනේඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු ලූණු බික් 4
කොත්තමල්ලි කොළ මිට 1 (ගොරෝසු ලෙස කපන ලද හා සැරසීමට වැඩිපුර කොළ)
කොත්තමල්ලි ඇට මේස හැඳි 1/2
සූදුරු කුඩු මේස හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 4
ලෙමන් යුෂ 1 ගෙඩියක
චිලි ඔයිල්, අබ සෝස්
සැරසීමට:
දෙහි කෑලි හා පෙති ගැසු ඔලිව් ගෙඩි
එළවළු (බඩඉරිඟු, දිග අතට කපාගත් කැරට්, සුකිනි) ග්‍රිල් කරගන්න
සාදන ක්‍රමය :
01. මැරිනේඩ් එකට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ෆුඩ් ප්‍රොසෙසරයක දමා ගොරෝසු පේස්ට් එකක් වනතුරු ගසාගන්න.
02. මෝධා මාළුවාව දීසියක තබා, මාළුවා පුරාම මැරිනේඩ් එක ගාන්න. පැයකට හෝ රාත්‍රියක් පුරා ශීතකරණයේ තබන්න.
03. බාබ්කියු තැටිය / ඩ්‍රිල් එක රත්කොට, වඩා දිග ෆොයිල් කොළයක් තීරුවකට නවා, මෝධා මාළු සම පැත්ත යටට සිටින සේ ෆොයිල් කොළය මත තබන්න.
04. ෆොයිල් කොළයේ ඔතාගත් මාළුවා බාබ්කියු එකේ බාර් උඩ තබන්න. (ඔබට කෙටල් බාබ්කියු එකක් නම් තිඛෙන්නේ මුඩියෙන් වසන්න, මාළුවා විනාඩි 15ක් පමණ යාන්තමට පිසෙන තුරු) පිස ගන්න.
05. ෆොයිල් කොළය භාවිත කරමින් පරිස්සමින් මාළුවා දිසීයකට දමන්න.
06. දෙහි කෑලි, පෙති ගැසු ඔලිව්, ග්‍රිල්ඩ් එළවළු, චිලී ඔයිල් හා අබ සෝස් සමග පිළිගන්වන්න.