රැකියාවක නිරත කාන්තාවටත්, ගෘහණිටත් එක වගේ වැදගත් වෙන ලිපියක් තමයි මේ. එදිනෙදා ඉවුම් පිහුම් වැඩ කරද්දී ඒ වැඩ කටයුතු වඩා පහසු කර ගන්නත් ආහාර වල රසය, ගුණය වැඩි කර ගන්නත් මේ පොඩි පොඩි tips ඔයාට ගොඩාක් උදවු වෙයි.
එක ලිපියකින් ඒ ඔක්කොම ඔයාට කියන්න බෑ. මෙන්න ඒවායින් සමහරක්,
1. අපේ සමහර අය ව්‍යංජන පිළියෙළ කරද්දී එයට දෙහි බිංදු කීපයක් එකතු කරනවානේ. ඒක හොඳ දෙයක්. එයින් ව්‍යංජනයේ රසය, ගුණය දෙකම වැඩි කර ගන්න පුළුවන්. දෙහි එකතු කර ගනිද්දී ව්‍යංජනය ලිපෙන් බාල ඊට පස්සේ දෙහි යුෂ ස්වල්පයක් එක් කරන්න.
2. අර්තාපල් තම්බද්දී ගොඩක් වෙලාවට පැලෙන්න බලනවනේ. ඒක නැති කර ගන්න අර්තාපල් තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් එක් කරලම අර්තාපල් තම්බලා බලන්නකෝ.
3. ගොඩක් අය කරවිල වල තියෙන තිත්ත ගතිය නිසා කරවිල කන්න ටිකක් අදිමදි කරනවා. කරවිල වල තිත්ත නැති කර ගන්න මුලින් කරවිල පොල් වතුරෙන් තම්බලා ගන්න. ඊට පස්සේ ඔයාට කැමති විදියට පිළියෙළ කර ගන්න.
4. හොදි වර්ග හදද්දී විශේෂයෙන් කිරි හොදි වගේ දේවල් පිළයෙල කරද්දී ඉක්මනින් කැටි ගැහෙන්න බලනවනේ. ඒක නැති කර ගන්න නම් ලිපෙන් බා ගත පසුවත් අඩුම තරමේ විනාඩියක් දෙකක් වත් හොදි එක හැඳි ගාන්න.
5. ශීතකරණයේ තිබු මස් වර්ග ඉක්මනින් මෘදු කර ගන්න විනාකිරි හෝ පොල් වතුර මිශ්‍ර වතුරේ බහා තබන්න.
6. උම්බලකඩ කුඩු කර ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනනේ. දවසක් විතර උම්බලකඩ ශීතකරණයේ තියල ඊට පස්සේ අරන් බලන්න ඒක මොන තරම් පහසුද කියලා.
7. ඔයා බත් උයද්දී නිතරම පාවිච්චි කරන්නේ එකම වළඳක් නම් කාලයක් යද්දී බත් පිළුණු වෙන්න බලනවා. ඒ නිසා මාරුවෙන් මාරුවට භාජන කීපයක් බත් පිසීමේදී භාවිතා කරන්න.
8. ඇස් වලින් කඳුළු එන්නේ නැති වෙන්න ළූනු කපන්න නම් ළූනු ශීතකරණයේ තියලා ගන්න.
9. සලාද කොළ වෙළඳපොලෙන් ගෙනල්ල දවසක් යන්නත් කලින් මැලවෙනවනේ. ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ගෙනාව ගමන්ම සලාද කොළ කඩදාසි කොලයක ඔතලා ශීතකරණයේ තියන්න.
10. ශීත කාලයට පොල් තෙල් බෝතලේ මිදෙන එක නතර කර ගන්න පොල් තෙල් එකට එඬරු තෙල් බිංදු දෙක තුනක් එකතු කරලා තියලා බලන්න.
11. ව්‍යංජන තෙම්පරාදු කරද්දී රසය වැඩි කර ගන්න රතු ළූනු එකතු කර ගන්න.
12. කකුළුවෝ, ඉස්සෝ, දැල්ලෝ කියන්නේ උෂ්ණාධික ආහාර වර්ගනේ. ඒවායේ උෂ්ණ බව අඩු කරන්න උයද්දී ඒකට මුරුංගා කොළ ටිකක් එකතු කරන්න.
13. හොදි වර්ග හදද්දී ලුණු එහෙම පොඩ්ඩක් වැඩි වෙන වෙලාවල් තියෙනවනේ. ඒ වගේ වෙලාවකට හොදි එකට අල(අර්තාපල්) පෙත්තක් දෙකක් දාලා බලන්න. අල වලට ලුණු උරා ගන්නවා. ටික වෙලාවකින් අල කැබලි ඉවත් කරන්න.
14. බණ්ඩක්කා වල තියෙන සෙවල ගතිය නිසා සමහර අය කන්න ආදී මදි කරනවා. ඒ සෙවෙල ගතිය නැති වෙන්න බණ්ඩක්ක එකට පොඩි ගොරකා කැබැල්ලක් එක් කරන්න.
15. කිරි තේ හදද්දී එකට කරාබු නැට්ටක් දෙකක් තලලා එක් කර ගන්න. රසයත් ගුණයත් දෙකම වැඩි කර ගන්න පුළුවන්.
කුස්සියේ වැඩ පහසු කරන, ආහාර රසවත් කරන පොඩි පොඩි රහස් තව ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම එක ලිපියකින් ඔයාට කියන්න බැහැ. තවත් දේවල් ගැන කියලා ඊළඟ ලිපිය එනකන් මේ කිව්ව දේවල් වැඩ කරනවද කියලා බලන්නකෝ.