පිටි මකුණන්, සුදු මැස්සන් ඔබේ ගෙවත්තෙන් තුරන් කරන්නේ කොහොමද?

September 5, 2020
4,538
How to get rid of white flies
Whitefly හෙවත් සුදු මැස්සන් හා පිටි මකුණන් කියන්නේ ලෝකයේ වඩාත් පුලුල්ව පැතිරුනු ගෙවතු, උද්‍යාන හා හරිතාගාර වල බෝ වෙන කරදරකාරී පළිබෝධකයන්ගෙන් එක් වර්ගයක්. මෙම කුඩා කෘමීන්ගෙන් ශාක වලට තියන විනාශකාරී බලපෑම් ගැන කුප්‍රකට ප්‍රසිද්ධියක් දරනවා. ඔවුන්ගේ යුෂ උරා බොන ආහාර පුරුදු නිසා ශාක වලට පුළුල් හානියක් කරන්න පුලුවන්. සුදු මැස්සන් කියන්නේ ශාක වෛරස් සඳහා කුප්‍රකට දෛශිකයක් වන අතර ඔබේ ගෙවත්තේ ශාක වලට පවා සියලුම ආකාරයේ අප්‍රසන්න රෝග ඇති කරන්න ඔවුන්ට පුලුවන්. ඒ නිසා ගස් වල කොළ වැටීම, බෝග අස්වැන්න අඩු වීම සහ අවසානයේ ශාක වල මරණයට ද ඔවුන් හේතු වෙනවා. ඒ ගැන අද අපි ඔබට කියන්නම්...

මෙම සුදු මැස්සන්ගේ නැත්නම් අපේ රටේ හඳුන්වන පිටි මකුණන් ආසාදන බෝ වුණාට පස්සේ ඒවායින් මිදීමට ඉතා අපහසු වෙන්න පුලුවන්. මොකද ඔවුන් වේගයෙන් බෝ වන අතර බොහෝ කෘමිනාශක වලට පවා ඔවුන් ප්‍රතිරෝධී නිසා මෙම කෘමින්ව ඉවත් කිරීමට ඔබට දීර්ඝ කාලීන මහන්සියක් දරන්න වෙනවා. ඒක බොහෝ විට කලකිරවන ක්‍රියාවලියක් වෙන්න පුලුවන්.

ඉතින්, ඔබේ ගෙවත්තේත් මේ කෘමී උවදුර ඇති වුණොත් ඒකත් එක්ක කටයුතු කරන්නේ කොහොමද, ඔවුන් වැඩිපුරම සොයාගන්න පුලුවන් මොන වගේ ගස් වලද, ඔවුන් වඩාත් ක්‍රියාකාරී වන්නේ කොයි කාලයේද සහ වඩාත්ම වැදගත් දෙය වන ඔවුන්ව විනාශ කරන්නේ කොහොමද යන කාරණා ගැන  අපි මේ ලිපියෙන් කතා කරනවා. වැළැක්වීම සහ ඒකාබද්ධ පළිබෝධ පාලනය (integrated pest management) කියන්නේ ඔබේ ශාක වලින් සුදු මැස්සන්ව නැවැත්වීමට හොඳම ක්‍රමය වෙනවා. වඩාත් ඵලදායී පාලන ක්‍රම සහ ඒවා නිවසේදී භාවිතා කරන්නේ කොහොමද යන්න ගැන මෙම ලිපිය කියවලා බලන්න. එතකොට ඔබට එකවරම සුදු මැස්සන්ව ඉවත් කරන්න පුලුවන් වෙයි!

සුදු මැස්සන්ගේ ආසාදන හා හානි
ස්වාභාවිකවම හට ගන්න සුදු මැසි ආසාදන එක් අවස්ථාවක දී හරි ශාක හානිවලට හේතු වෙනවා. ආසාදනය කලින්ම නතර කළොත් මේක වළක්වා ගන්න පුලුවන්. කෙසේ වෙතත් ගැටලුවට එරෙහිව සටන් කරන්න කලින් ඔබ එය මුලින්ම හඳුනාගන්න ඕනේ.

ඔබේ නිවසේ සුදු මැස්සන් ඉන්නවා කියලා දැනගන්නේ කොහොමද?
ඔබ සොයා බැලිය යුතු ස්ථාන ගැන ඔබ දන්නවා නම් සුදු මැස්සන්ගේ ආසාදනයක් හඳුනා ගැනීම පහසුයි! මුලින්ම ඔබේ ශාක හොඳින් පරීක්ෂා කරන්න. සුදු මැස්සන් පෝෂණය වෙන්නේ පත්‍ර වලට යටින්. ඒ නිසා ඔවුන් බොහෝ විට සොයා ගන්න පුලුවන් ස්ථානය එයයි. ඔවුන් වැඩිහිටි මැස්සන් (ඔවුන් කුඩා, සුදු සලබයන් වගේ පෙනෙන්නේ), බිත්තර (බොහෝ විට පිළිවෙලට රවුම් ලෙස සැකසිලා තියනවා) සහ කීටයන් (සුදු, ඕවලාකාර කොරපොතු මෙන් පෙනෙනවා) ආකාරයෙන් පවතිනවා.

සුදු මැස්සන් ඉන්නවාද කියලා පරීක්ෂා කිරීමට ශාකවල කඳට තද සෙලවීමක් ලබා දෙන්න. කෘමීන් අධික ලෙස ආසාදනය වෙලා ඇත්නම්, කොළ මත නැවත පදිංචි වීමට පෙර සුදු මැස්සන් වලාකුළක ආකාරයෙන් ඔබේ පැළෑටිවලින් ඉහළට එනවා ඔබට පෙනෙයි.

සුදු මැස්සන්ගේ ගැටලුව හඳුනා ගැනීමට තවත් ක්‍රමයක් නම් ඔබේ ගස් වල කළු පාට පිටි වගේ දිලීරක් තියනවාද කියලා සොයා බලන එක. සුදු මැස්සන් විසින් ස්‍රාවය කරන මේ ඇලෙන සුළු දෙය මෙම දිලීරයේ වර්ධනය දිරිගන්වනවා. බරපතල අවස්ථාවන් වලදී මේවායින් කොළ විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න පුලුවන්.



සුදු මැස්සන් ශාක වලින් පෝෂණය වීම ද ශාක හානිවලට හේතු වෙනවා. ඒවා ඔබට දකින්න පුලුවන්. මෙම යුෂ උරා බොන්නන්ට ශාක පත්‍ර වලට විකෘති පෙනුමක් ලබා දෙන්න පුලුවන්. ඒ අතර කහ පැහැය, ක්ලෝරෝටික් ලප, ශාක මැලවීම හා පැල්ලම් කිරීම, නොමේරූ කොළ හැලීම සහ ශාකය මරණය පවා ඔවුන් සිදු කරනවා.


පොදුවේ බෝවෙන ශාක
සුදු මැස්සන් පුළුල් පරාසයක ශාක වලින් පෝෂණය වෙනවා. සමහර විශේෂ, හරිතාගාර සුදු මැස්සන් වගේ විශේෂයෙන් බහුල වන අතර ඔවුන් ශාක 250 කට වඩා බෝ වෙනවා. මොවුන් විශේෂයෙන් විසිතුරු ශාක හා එළවළු පැලෑටි වන තක්කාලි, පිපිඤ්ඤා, මිරිස්, මෙන්ම රෝස මල්, පොයින්සෙටියා, වදමල්, ස්කොෂ්, බිගෝනියා සහ පැඟිරි ශාක වලට ද ප්‍රිය කරනවා.

ශාක වලට හානි කිරීම
සුදු මැස්සන් විවිධ බෝග, එළවළු සහ විසිතුරු ශාක වලට සැලකිය යුතු හානියක් සිදු කරනවා වගේම ඔවුන් නිසා සිදුවන හානියෙන් වැඩි ප්‍රමාණයක් වෙන්නේ ශාක වලින් ඔවුන් පෝෂණය වෙන නිසායි. මෙම යුෂ උරා බොන කෘමීන් ඒවායේ පෝෂ්‍ය පදාර්ථ ඉවතට ගැනීම සඳහා ශාකවල පෝශ්‍ය පදාර්ථ ගමන් කරන ප්ලෝයම තුළට විදිනවා. ඒ හරහායි පත්‍ර කහ වීම, කැළැල්, මැලවීම, වැඩීම වැළැක්වීම සහ නොමේරූ කොළ වැටීම ඇති කරන්නේ. බරපතළ අවස්ථාවන් වලදී අධික සුදු මැසි ආසාදනය ශාක මරණයට පවා හේතු වෙනවා.



මෙහිදී සුදු මැස්සන් විසින් පැණි වර්ගයක් නිපදවනවා. මෙය ඔවුන් වටා ඇති ශාක පත්‍ර මතට වැටෙන අතර එමඟින් ශාක වල පත්‍ර මත වැඩෙන අඳුරු පැහැති දිලීරයක් වන sooty mold වල වර්ධනය දිරිගන්වනවා. මෙම අපිරිසිදු mold ශාක වල ආකර්ශනීය බව අඩු කරනවා පමණක් නෙමෙයි, බරපතළ අවස්ථාවන් වලදී හිරු එළිය පත්‍ර කරා වැටීම ද වළක්වන්න පුලුවන්. මෙම සුදු මැස්සන් නිපදවන පැණි කුහුඹුවන් ද ආකර්ෂණය කරනවා. සුදු මැස්සන් විසින් ඉතිරි කරන එම පැණි රස අපද්‍රව්‍ය කුහුඹුවන් සඳහා වටිනා ආහාර සම්පතක් වන අතර, එහි ප්‍රතිඵලයක් විදිහට මෙම කුහුඹුවන් බොහෝ විට සුදු මැස්සන් සමඟ ජීවත් වෙනවා. අවාසනාවකට වගේ මෙම කුහුඹුවන් සාමාන්‍යයෙන් සුදු මැස්සන්ව ආහාරයට ගන්නා වෙනත් කෘමීන්ට පහර දෙනවා. එහෙම කිරීමෙන් ඔවුන් සුදු මැස්සන් ගහනය ආරක්ෂා කරනවා. ඒ හරහා ස්වාභාවික සතුරන්ගෙන් බාධාවකින් තොරව පෝෂණය වීමට හා බෝ වීමට සුදු මැස්සන්ට ඉඩ සලස්වනවා.

අධික ලෙස බෝවන අවස්ථා වලදී සුදු මැස්සන් නිසා ශාක වලට සිදුවන හානිය විනාශකාරී වෙන්න පුලුවන්. සුදු මැස්සන් විශාල ප්‍රමාණයක් නිසා ශාක වැඩීම නැවතීම, පලතුරු අස්වැන්න අඩු වීම සහ ශාක නොමේරූ මරණයට පත් කරන්න පුලුවන්. ඒ නිසා ඔබේ ගෙවත්ත, උයන හා හරිතාගාරය මෙම පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නම්, මොවුන් බෝවීම වැළැක්වීම ඉතා වැදගත් වෙනවා.

සුදු මැස්සන් පාලනය
සුදු මැස්සන් ආසාදන පාලනය කිරීමට අපහසු වෙන්න පුලුවන්. මොවුන්ගෙන් බොහෝ විශේෂයන් පුළුල් පරාසයක කෘමිනාශක වලට ප්‍රතිරෝධී වන අතර ඔබේ ගෙවත්ත, හරිතාගාරය මෙම පළිබෝධකයන්ගෙන් බේරා ගන්න එක බොහෝ වෙලාවට යුද්ධයක් වගේ ඔබට දැනෙන්න පුලුවන්. ඔබේ වත්තේ තිබෙන සුදු මැසි ආක්‍රමණය ඔබට කළමනාකරණය කරගන්න පුලුවන් කොකොමද යන්න ගොඩක් දුරට රඳා පවතිනේ ගැටලුවේ පරිමාව සහ ඒවා පිහිටා ඇති ස්ථානය මතයි.

පාලන ක්‍රම
සෑම වර්ධන අදියරකදීම සුදු මැස්සන් මර්දනය කිරීම සඳහා බහු පාලන ක්‍රම බොහෝ විට අවශ්‍ය වෙනවා. ඒ අතර වැළැක්වීමේ පියවරයන් ද ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා ස්ප්‍රේ කිරීම, වැකියුම් කිරීම සහ සැක සහිත පැල කැපීම පවා ඇතුළත් වෙනවා. ඇත්ත වශයෙන්ම මෙම සියලු ක්‍රම වල විවිධ ශක්තීන් හා අඩුපාඩු තියනවා...

ජලය ස්ප්‍රේ කිරීම
වයිට්ෆ්ලයි ආසාදනය පාලනය කිරීමේ ඉතා සරල ක්‍රමයක් තමයි ඒවා භෞතිකව ඉවත් කිරීම. අධි පීඩන හෝස් එකක ජලය ඉසීමෙන් මේක කරන්න පුලුවන්. සුදු මැස්සන් පෝෂණය සහ බහුලව දක්නට ලැබෙන ස්ථානය වන පත්‍ර යටට ස්ප්‍රේ එක යොමු කරන්න. මෙම ක්‍රමය මුළුමනින්ම ස්වාභාවික වීමේ වාසිය ඇති අතර ඔබේ ගෙවත්තේ පරිසර පද්ධතියට කිසිදු ආකාරයකින් බාධා කරන්නේ නෑ. ඒක ඉතා පහසුයි, ඉතා මිල අඩුයි!

හොඳම ප්‍රතිඵල සඳහා ඔබට අධි පීඩන ජෙට් එකක් (high-pressure jet) භාවිතා ක‍රන්න පුලුවන්. වැඩිහිටි සුදු මැස්සන් පහසුවෙන් විස්ථාපනය වන නමුත් nymphs ලා (කුඩා පරිමාණයේ සත්වයන්) පත්‍ර වලට තදින් ඇලී සිටිනවා. high-pressure jet එක ප්‍රමාණවත් තරම් ශක්තිමත් නැත්නම් ඒක තදින් අල්ලා ඔවුන්ව ඉවත් කරන්න පුලුවන්.
හොඳම ප්‍රතිඵල සඳහා මෙම ක්‍රමය දිනපතා (අවම වශයෙන් සතියකට වරක්) නැවත නැවතත් කරන්න ඕනේ. වෙනත් පාලන ක්‍රම සමඟ භාවිතා කරන්නත් පුලුවන්. කුඩා ලෙස ව්‍යාප්ත වී ඇති විට, ඔවුන්ගෙ බෝ වීම පාලනය කිරීම සඳහා මේ ක්‍රමය හොඳින් ක්‍රියා කරන්න පුලුවන් වුණත්, කෘමීන් විශාල සංඛ්‍යාවක් සමඟ කටයුතු කිරීම සඳහා ඒක එතරම් ඵලදායී වෙන එකක් නෑ. ස්ප්‍රේ ක්‍රමය වඩාත් සුදුසු වෙන්නේ වැඩිහිටි සුදු මැස්සන්, බිත්තර සහ nymphs ලා එළිමහන් ශාක වලින් ඉවත් කිරීමටයි.



වාසි
• කාබනිකයි හා විෂ රහිතයි
• කරන්න පහසුයි
• මිල අඩුයි

අවාසි
• සුදු මැස්සන්ව මරා දමන්න බැහැ
• සියලුම සුදු මැස්සන්ව ශාක වලින් ඉවත් කරන්න බෑ
• හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නැවත නැවත කරන්න වෙනවා
• කාලය වැය වෙනවා


වැකියුම් කිරීම
සුදු මැස්සන් ශාක වලින් ඉවත් කිරීමට තවත් පහසු ක්‍රමයක් වන්නේ වැකියුම් කිරීමයි. කුඩා, අතට පහසු වැකියුම් එකක් ගෙන වැඩිහිටි සුදු මැස්සන්ව පත්‍ර වලින් ඉවතට ගැනීමට එය භාවිතා කරන්න! සුදු මැස්සන් වැඩි කාලයක් ගත කරන පත්‍ර වල යටි පැත්තට අවධානය යොමු කිරීමට වග බලා ගන්න. මේක කිරීමට හොඳම වෙලාව සවස් යාමයේ හෝ උදේ පාන්දරයි. ඒ වෙලාවට තියන සිසිල් උෂ්ණත්වය නිසා සුදු මැස්සන්ව මන්දගාමී වන අතර අල්ලා ගැනීමට ද පහසුයි.

පස්සේ ඔවුන්ව නිසි ලෙස බැහැර කිරීම වැදගත්. මොකද හරි විදිහට බැහැර කළාම ඔවුන්ට නැවත වැකියුම් මල්ලෙන් බේරීලා ඔබේ ශාක වෙත ආපසු යන මාර්ගය සොයා ගන්න බැරි වෙනවා. මෙම ක්‍රමයෙන් වැඩිහිටි සුදු මැස්සන් ද ඉවත් කරන නිසා එය ඔවුන්ගේ අභිජනන චක්‍රයට බාධා කරන අතර බිත්තර නිෂ්පාදනය ද අඩු කරයි.

ජලය ස්ප්‍රේ කරනවා මෙන්ම මෙම ක්‍රමය අවම වශයෙන් සතියකට වරක්වත් නැවත නැවත කරන්න ඕනේ අතර ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ (integrated pest management) ප්‍රයත්නයේ කොටසක් ලෙස ද භාවිතා කරන්න ඕනේ. වැඩිහිටි සුදු මැස්සන් භෞතිකව ඉවත් කිරීම සඳහා වැකියුම් කිරීම ඵලදායී ක්‍රමයක් වුණත්, එය nymphs ලා ඉවත් කිරීමට තරම් ඵලදායී වෙන්නේ නෑ. මේකට හේතුව nymphs ලා පත්‍ර වලට තදින් ඇලී සිටින අතර පහසුවෙන් ඉවත් නොවීමයි.

ගෘහස්ථ පැළෑටි සහ හරිතාගාර වල ඉන්න පොඩි මැස්සන් ආසාදන පාලනය කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. ඒත් විශාල ආසාදන වලදී වඩාත් දැඩි පාලන පියවරයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ඔබේ ශාක වල nymphs ලා ගොඩක් ඉන්නවා නම්. වැකියුම් කිරීමේ ක්‍රමය වඩාත් සුදුසු වන්නේ ගෘහස්ථ හා හරිතාගාර ශාක වලින් වැඩිහිටි සුදු මැස්සන් ඉවත් කිරීමයි.

වාසි
• කාබනිකයි හා විෂ රහිතයි 
• වැඩිහිටි සුදු මැස්සන් විශාල සංඛ්‍යාවක් ඵලදායී ලෙස ඉවත් කරයි
• පහසුයි සහ මිල අඩුයි

අවාසි
• සතිපතා නැවත නැවතත් කළ යුතුයි
• කාලය වැය වනවා
• මැස්සන් සම්පූර්ණයෙන් ඉවත් නොවෙයි


ආසාදිත ශාක කැපීම
දැඩි ලෙස ආසාදිත ශාකවල පත්‍ර සම්පූර්ණයෙන් කැපීම හෝ ශාක කප්පාදු කිරීම සුදු මැස්සන් බෝවීම අවම කිරීමේ තවත් ඵලදායී ක්‍රමයක්. මෙම ක්‍රමය බිත්තර හා nymphs ලා සමඟ ගැටීමට භාවිතා කරන්න පුලුවන්. මොකද ඒවා කොළ වලට තදින් ඇලී සිටින අතර වැකියුම් කිරීමෙන් හෝ ජලය ඉසීමෙන් ඉවත් කිරීමට අපහසු නිසා.

ආසාදිත ශාක මොනවාද කියලා තහවුරු කර ගැනීම සඳහා ඔබේ පැල පරිස්සමින් පරීක්ෂා කරන්න. nymphs ලා පැලෑටි වල පහළ පත්‍ර මත රැස්වීමට නැඹුරු වන අතර එම නිසා කැපීමේදී ඔබ ඉලක්ක කළ යුතු අංශ ඒවායි.

සුදුමැසි ආසාදන පාලනය කර ගැනීමට උත්සාහ කරනකොට මෙම කොළ කැපීම සහ ඉවත් කිරීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඔබ පත්‍ර ඉවත් කළාට පස්සේ ඒවා හරියට බැහැර කරන්න. ඒක කරන්න පුලුවන් වෙන්නේ පත්‍ර පුළුස්සා දැමීම, ගැඹුරට වළ දැමීම හෝ කළු, ප්ලාස්ටික් කසල බෑග් වල දමා සති කිහිපයක් හිරු එළියේ තැබීමෙනුයි.

හොඳම ප්‍රතිඵල සඳහා ට්‍රිම් කිරීම හා කැපීම භාවිතා කරන්න ඕනේ. එය සුදු මැස්සන් සංඛ්‍යාව අඩු කිරීමේ ඵලදායී ක්‍රමයක්. බිත්තර හා nymphs ලා සමඟ කටයුතු කිරීමට ද ඒක හොඳ ක්‍රමයක් වුණත්, එයට සුදු මැස්සන් ආසාදනය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න බැහැ. ට්‍රිම් කරනකොට වැඩිපුර කොළ ඉවත් නොකිරීම ද වැදගත්. ඒකෙන් ඔබේ ශාක වලට හානියක් කරන්න පුලුවන්.
ආසාදිත පැලෑටි කැපීමේ ක්‍රමය වඩාත් සුදුසු වෙන්නේ අධික ලෙස ආසාදිත ශාක වලින් බිත්තර හා nymphs ලා ඉවත් කිරීමටයි.

වාසි
• කරන්න පහසුයි
• මිල අඩුයි
• සුදු මැස්සන්ගේ බිත්තර සහ nymphs ලා සමඟ කටයුතු කිරීමේදී ඵලදායී ක්‍රමයක්

අවාසි
• සුදු මැස්සන් සම්පූර්ණයෙන්ම තුරන් වෙන්නේ නෑ
• වැඩිහිටි සුදු මැස්සන් ඉලක්ක නොවෙයි
• අධික ලෙස කප්පාදු කිරීම ඔබේ ශාකවල සෞඛ්‍යයට හානි කරයි

සුදු මැස්සන්ව පාලනය කරන්න ඉහත සඳහන් කළ ක්‍රම විතරක්ම නෙමෙයි තියෙන්නේ. ඒ සඳහා භාවිතා කරන්න පුලුවන් විවිධාකාර නිෂ්පාදන ද තිබෙනවා. ඒ අතර විවිධ වර්ගයේ ස්ප්‍රේ හා උගුල් පමණක් නෙමෙයි ඉතා ස්වාභාවික විකල්ප මෙන්ම ස්වාභාවික විලෝපිකයන්ද ඇතුළත් වෙනවා. කලින් සාකච්ඡා කළ ක්‍රම වල මෙන්ම එම නිෂ්පාදන වල ද වාසි සහ අවාසි තියනවා.

සුදු මැස්සන් වලක්වා ගන්නේ කොහොමද ?
වැළැක්වීම කියන්නේ සුදු මැස්සන් පාලනය සඳහා තිබෙන අංක 1 ක්‍රමයයි. සුදු මැස්සන් ආසාදනයක් ඇති වුණාට පස්සේ ඔවුන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන්න පුලුවන් අතර ඒවා පාලනය කිරීම ද ඉතා අපහසු වෙනවා. නමුත් ඊට කලින් සුදු මැස්සන් නවත්වන්න පුලුවන්. ඒ කොහොමද?

ශාක නිරන්තරයෙන් පරීක්ෂා කරන්න

සුදු මැස්සන්ගේ සලකුණු තියනවාද කියලා ඔබේ නිවසේ, ගෙවත්තේ සහ හරිතාගාර තුළ ඇති ශාක නිරන්තරයෙන් පරීක්ෂා කරන්න. විශේෂයෙන්ම ගිම්හාන මාසවලදී ඒවා වඩාත් ක්‍රියාකාරී වෙනවා. පත්‍ර වල යටි පැත්තට විශේෂ අවධානයක් යොමු කරන්න. සුදු මැස්සන් පෝෂණය වෙලා බිත්තර දමන්නේ එහිදීයි. කහ පැහැ ගැන්වීම හෝ පත්‍ර ඇඹරීම වගේ සලකුණු පරීක්ෂා කරමින් වැඩිහිටි මැස්සන් හා කීටයන් ගැන සොයා බලන්න. ඔබේ පැළෑටි වල කුඩා සුදු පාට දෝෂ, වටකුරු බිත්තර සහ සුදු, කුඩා පරිමාණයේ කීටයන් ඉන්නවාද කියලා සොයා බලන්න. පැලෑටි වල කඳ තදින් සෙලවීමෙන් ද ඔබට සුදු මැස්සන් ඉන්නවාද කියලා සොයා ගන්න හොඳ ක්‍රමයක් වෙයි. ඔබේ පැළෑටිවල වැඩිහිටි කෘමීන් ඉන්නවා නම්, කොළ හෙල්ලෙනකොට ඒවා වලාකුළක ආකාරයෙන් උඩට එයි. ඒ නිසා ඔබේ පැල නිතිපතා පරීක්ෂා කරන්න (අවම වශයෙන් සතියකට වරක්) . මතක තබා ගන්න, මෙම ක්‍රියාකාරකම් ඉතා සරල වන අතර ඔවුන් හඳුනා ගැනීමට පහසු වෙන්න පුලුවන්!

ඔබේ වත්තට ගෙන ඒමට පෙර අලුත් ශාක පරීක්ෂා කරන්න.

බෝවන රෝගයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අලුත් ශාක ගෙදරට ගෙන ඒමට පෙර සෑම විටම එම ශාක හොඳින් පරීක්ෂා කරන්න. අලුත් ශාක කෘමීන්ට රැකවරණය නොදක්වන බවට වග බලා ගැනීම සඳහා අවම වශයෙන් සතියක්වත් ඔබේ හරිතාගාරයෙන් ඈත් කරලා තබන එක හොඳ අදහසක්.

ස්වාභාවික විලෝපිකයන් ආරක්ෂා කරන්න

සුදු මැසි ආසාදන වළක්වා ගැනීමේදී ස්වාභාවික විලෝපිකයන් ඔබේ මිතුරන් බවට පත් වෙනවා. ඒ නිසා ලේඩි බග්, පරපෝෂිත බඹරුන් හෝ කොල්ලකාරී මයිටාවන්ට හානි කරන්න පුලුවන් කෘමිනාශක භාවිතා කිරීමෙන් වළකින්න. සුදු මැස්සන් වැළැක්වීමේ පියවරක් ලෙස ඔබේ හරිතාගාර තුළ ස්වාභාවික විලෝපිකයන් මුදා හැරීම ගැන ද සලකා බලන්න.

ඔබේ පැල අධීක්ෂණය කරන්න

සුදු මැස්සන්ගේ ආසාදන වැළැක්වීම සඳහා නිතිපතා ශාක ගැන අධීක්ෂණය වැදගත් වෙනවා. කහ, ඇලෙන සුළු සුදු මැසි උගුල් (Yellow sticky whitefly traps) කියන්නේ සුදු මැස්සන් ගැන ගැන විමසිල්ලෙන් සිටීමට ඵලදායී හා මිල අඩු ක්‍රමයක්. අසල ඇති ඕනෑම සුදු මැස්සෙක්ව අල්ලා ගැනීමට ඒවා ඔබේ පැල අසල තබන්න. ඔබේ ගෙවත්තේ හෝ හරිතාගාර තුළ සුදු මැස්සන් සිටින බවට මේ හරහා ඉක්මනින් ඔබට දැනුවත් වෙන්න පුලුවන්.

පරාවර්තක කොළ රොඩු වැස්ම (Reflective mulches)





ඔබේ ශාක වල පාදම වටා ආලෝකය පරාවර්තනය වන ඉටිකොල, ෆොයිල් කොල විසුරුවා හැරීම සුදු මැස්සන් වළක්වා ගැනීමට ඵලදායී ක්‍රමයක්. ඒවායින් පරාවර්තනය වන ආලෝකය සුදු මැස්සන්ව ව්‍යාකූල කරන්න පුලුවන් අතර ඒවා සුදුමැස්සන් ඔබේ ශාක වලට ගොඩවෙන එක ද වළක්වයි. ඔවුන්ට ඔබේ ශාක වලට එන්න බැරි වුනාම ඔවුන්ට එහි පෝෂණය වෙන්න හා බෝ වෙන්න බැරි වෙනවා! මෙම ක්‍රමය නිවාරණ මෙවලමක් පමණක් නෙමෙයි, සුදු මැස්සන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ද, විශාල ආසාදන ඇතිවීම වළක්වා ගැනීමට ද පුලුවන් වෙන ක්‍රමයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,021
   44

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
The super fruit good for any beauty matter
   15,245
   34

සමට, හිස කෙස් ඇතුළු මුළු සිරුරටම එක සමාන ගුණ දෙන සුපිරිම පළතුර

මේ පලතුරින් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙනවාට අමතරව එයින් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ නොඅඩුව ලබා ගන්න පුළුවන්
How to reduce under arm sweating
   23,217
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Food to regulate your menstrual circle
   46,369
   24

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Changes in your body if you consume cod-liver oil daily
   96,477
   24

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed