ඔබ සත්ත්ව ආහාර වලින් තොර වූ විට ඔබේ ශරීරයට සිදුවන දේවල් 4 ක්

December 6, 2020
4,860
What happens to your body when you become vegan
ඔව්, සත්ත්ව ආහාර වලින් තොර වුණාම අපිට බොහෝ වාසි ලැබෙනවා. ඒත් ඒක වාසි සහගත අවාසි වලින් සමන්විත ආහාර රටාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔබ සම්පූර්ණයෙන්ම වීගන් වෙන්න, එහෙමත් නැත්නම් සත්ත්ව ආහාර පරිභෝජනය කිරීම නවත්වන්න හිතන් ඉන්නවා නම් ඒක ඔබ වගකීමෙන් යුතුව ගන්න ඕනේ තීරණයක් බව මතක තියා ගන්න. එහෙනම් අද අපි ඔබට කියන්නම් පෝෂණවේදීන් කියන ආකාරයට ඔබ සත්ත්ව ආහාර වලින් තොර වූ විට ඔබේ ශරීරයට සිදුවන දේවල් 4 ක් ගැන.

සත්ත්ව ආහාර වලින් තොර වුණාම ඔබේ ආහාර වලට ඇතුළත් කරගන්න වෙන්නේ ශාක පදනම් කරගත් ආහාර පමණයි. මේ ප්‍රවණතාවය ලෝකයේ වගේම අපේ රටේත් මෑත කාලයේ දී වැඩිපුරම කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා. ඒ, එම ආහාර රටාවෙන් මිනිස්සුන්ට හිමි වෙන සියලු හොඳ හේතු නිසා! සත්ත්ව ආහාර වලින් තොර වීම කියන්නේ සත්ත්ව හිංසාව නැවැත්වීමට ද ඔබට දායක වෙන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍යමය වාසි රැසක් ද ඔබට ඒකෙන් හිමි වෙනවා.

නමුත් වෙනත් ඕනෑම දෙයක වගේම සත්ත්ව ආහාර වලින් තොරවීම තුල ද තවත් පැත්තක් තියනවා. ඒ නිසා ජීවිත කාලය පුරාම සත්ත්ව ආහාර වලින් තොර වීමට තීරණය කරන්න කලින් ඔබ ඒ ගැන හොඳින් දැනගෙන ඉන්න ඕනේ.

ඔබ සත්ත්ව ආහාර වලින් තොර වූ විට ඔබේ ශරීරයට සිදුවන දේවල් කීපයක් මෙන්න.

1. ඔබට ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්
සත්ත්ව ආහාර වලින් තොර වීම කියන්නේ ඔබ ඔබේ එදිනෙදා ආහාර රටාවෙන් සියලුම මස් සහ අනෙකුත් සත්ව නිෂ්පාදන පවා කපා හැරීමයි. ඒ හරහා ඔබට මස් ආහාර වල වැඩිපුරම දක්නට ලැබෙන බී12, යකඩ සහ කැල්සියම් වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන්ට (micronutrient deficiencies) හේතු වෙන්න පුලුවන්. ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොමැති වුණාම ඔබට තෙහෙට්ටුවක් සහ වෙහෙස දැනීමක් ඇති වෙන්න පුලුවන්.

ඔබට මෙම පෝෂ්‍ය පදාර්ථ ශාක පදනම් කරගත් නිෂ්පාදන වලින් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා පෝෂණ අතිරේක මත යැපෙන්න වෙනවා.

2. එයින් ආමාශ ආන්ත්‍රයික කැළඹීම් ඇති කරන්න පුළුවන්
ඔබ ඔබේ ආහාර වේලෙ හදිසි වෙනසක් සිදු කරන නිසා ඔබේ පද්ධතිය එම වෙනසට හැඩගැසීමට යම් කාලයක් ගන්නවා. මේ නිසා ආමාශ ආන්ත්‍රයික කැළඹීම් එනම් බදේ කැක්කුම්, පපුවේ දැවිල්ල, වමනය, පාචන තත්ත්ව, මලබද්නය වගේ දේවල් ඇති කරන්න පුළුවන්. මෙම කැළඹීම්, කාලයත් සමඟ හොඳ අතට හැරෙයි. නමුත් ඔබ සත්ත්ව ආහාර වලින් තොර වීමට අදහස් කරන් ඉන්නවා නම් ඔබ ඒ සඳහා හොඳින් සූදානම් වෙන්න ඕනේ.

3. ඔබට බර වැඩි වෙන පුළුවන්
වෙනත් ඕනෑම ආහාර වේලක් වගේම සත්ත්ව ආහාර වලින් තොර වීමෙන් ද ඔබව යම් අයහපත් තත්ත්ව වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන්න ඕනේ සහ සිහියෙන් යුතුව ආහාර ගන්න ඕනේ. සත්ත්ව ආහාර වලින් තොර වීම ඔබට බර අඩු කර ගැනීමට උපකාරී වන නමුත් ඔබේ ආහාර වේල නිසි ලෙස සමතුලිත නොවුණොත් නම් ඒක ඔබේ බර වැඩිවීමට ද හේතු වෙන්න පුළුවන්.

4. ආහාර වල රස වෙනස් වෙන්න පුළුවන්
සාමාන්‍යයෙන් Zinc වලින් ඔබේ සුවඳ සහ රසය පිළිබඳ හැඟීම නියාමනය කිරීමට උපකාරී වෙනවා. ඔබේ ශරීරයට Zinc නොලැබීම නිසා සුවඳ හෝ රසය වෙනස් වෙලා දැනෙන්න පුළුවන්. Zinc වැඩිපුරම දකින්නට ලැබෙන්නේ කුකුළු මස් හා රතු මස් වල නිසා සත්ත්ව ආහාර වලින් තොර වීම ඔබට ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයක් ඇති කරන්න පුළුවන්. ඔබට දැනෙන සුවඳේ හෝ රසයේ යම් වෙනසක් ඔබ දැක්කොත් ඔබේ ආහාර වේලට Zinc අතිරේකයක් ඇතුළත් කර ගන්න ඕනේ.

මතක තබා ගන්න, සත්ත්ව ආහාර වලින් තොර වීම කියන්නේ සම්පූර්ණයෙන්ම ඔබේ පෞද්ගලික තේරීමක්. ඒ අතර ඔබ එය වගකීමෙන් යුතුව ක‍රන්න ඕනේ. ඔබ මෙම ගමන ආරම්භ කරන්න කලින් සත්ත්ව ආහාර වලින් තොර ආහාර රටාවක තියන සියලු වාසි සහ අවාසි ගැන දැනුම්වත් වෙලා ඉන්න එක වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,833
   49

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,015
   33

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,630
   28

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,029
   20

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed