සිසිල් ජලය පානයේ අහිතකර බලපෑම් සහ වාසි

July 24, 2021
2,921
What are the risks and benefits of drinking cold water?
ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක්.. එමෙන්ම ප්‍රමාණවත් පරිදි ජලය පානය මගින් සිරැර විජලනය නොවන අතර නොයෙකුත් ප්‍රතිලාභ ශරීරයට සහ සෞඛ්‍යයට හිමිවනවා.. ඇමරිකානු විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමිය (The National Academies of Sciences, Engineering, and Medicine) විසින් කරනු ලබන නිර්දේශයන්ට අනුව සාමාන්‍යයෙන් වයස අවුරුදු 19 හෝ ඊට වැඩි පිරිමි පුද්ගලයකු දිනකට ජලය ලීටර් 3.7 ක් පානය කළ යුතු අතර වයස 19 හෝ ඊට වැඩි කාන්තාවක් ජලය ලීටර් 2.7ක් පානය කල යුතු වනවා. සිසිල් ජලය, ඇල්මැරුණු ජලය සහ උණු වතුර ලෙස ජලය පානය සඳහා එක්කර ගනු ලබන අතර නමුත් බොහෝ දෙනා හුරුවී සිටින්නේ බහුලව සිසිල් ජලය පානය සඳහායි.

ඇතැම් පුද්ගලයන් දිගුකාලයක් සිසිල් ජලය පානය කිරීමෙන් ශරීරයට ඉතා අහිතකර බලපෑම සිදුවන බවට විශ්වාස කරනවා. මෙයට හේතුව ලෙස ඔවුන් විශ්වාස කරන්නේ සිසිල් ජලය පානය මගින් උදරය හැකිලෙන බවත් එමගින් ආහාර ජීරණය අපහසු කරන බවයි. එසේම ශීත කල ජලය හෝ උෂ්ණත්වය 36°F (4°C) අඩු ජලය පානය කරන්නේ නම් ශරීර උෂ්ණත්වය නිසි පරිදි පවත්වාගෙන යෑමට ශරීරයට වෙහෙස වී වැඩකල යුතු බවයි.

නමුත් සිසිල් ජලය පානය මගින් ශරීරයට යම් අහිතකර බලපෑමක් සිදුවනවාද නැතිනම් එමගින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබද බොහෝ දෙනා තුල එතරම් වැඩි අවබෝධයක් නොමැති අතර මෙම ලිපිය මගින් අපි ඔබට සිසිල් ජලය පානයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ අහිතකර බලපෑම් පිළිබදව ඉදිරිපත් කරනවා..

සීත ජලය පානයේ අහිතකර බලපෑම්

- සිසිල් ජලය පානය මගින් නාසය හිරවීම් වැනි තත්ත්වයන් ඇතිකරන අතර සෙම්ප්‍රතික්ශාව සහ උණ වැනි අසනීප තත්ත්ව‍යන් ඇතිවිට සිසිල් ජලය පානය කිරීම මගින් නාසය තදවීම උත්සන්න වනවා.

- ඇතැම් ඉරුවාරද තත්ත්වයන් උත්සන්න වීම.

- ඒකලේශියා - achalasia (උගුරේ සිට උදරය දක්වා ආහාර ගමන් කිරීමට ඇති අපහසුතාවය) හා සම්බන්ධ වේදනාව නිසා ආහාර ගැනිමෙ අපහසුතාවලින් පෙළෙන්නන් සිසිල් ජලය පානය මගින් එම තත්ත්වය වැඩි වීම.

- චීන වෛද්‍ය විද්‍යාවට අනුව උණුසුම් ආහාර සමග සිසිල් ජලය පානය හේතුවෙන් යම් අසමතුලිතතාවයන් ඇතිකරවන බව විශ්වාස කරන අතර ඔවුන් ආහාරවේල් සමග සෑමවිටම උණුසුම් තේ වැනි පානයන් පිරිනමනු ලබනවා.

-​​ඉන්දියානු ආයුර්වේදයට අනුව, ප්‍රධාන ආහාර වේල ගැනීමෙන් පසුව සිසිල් ජලය හෝ බීම පානය කිරීම ආහාර දිරවීමේ අපහසුතා ඇති කරන බව පැවසෙනවා.

- ඇතැම් පුද්ගලයින් විශ්වාස කරන ආකාරයට බාහිර පරිසරය උණුසුම් දිනක සිසිල් ජලය පානය මගින් ශරීරය සිසිල් නොවන බව විශ්වාස කරනවා.. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව තවමත් සනාථ කර නැහැ.

සිසිල් ජලය පානයෙන් ලැබෙන ප්‍රතිලාභ

- ව්‍යායාම් අතරතුර සිරැර උණුසුම් නොවී පවත්වා ගැනීමට සිසිල් ජලය පානයෙන් හැකියි.
- කුමන හෝ උෂ්ණත්වයක ඇති ජලය පානය මගින් සිරැර ප්‍රබෝධමත්ව පවත්වාගත හැකියි.

සිසිල් ජලය පානය මගින් සිරැරේ බර අඩුකර ගත හැකිද..?
අධික සීනි සංයුතියක් අන්තර්ගත නොවන නැවුම් ජලය පානය මගින් ආහාර ජීර්ණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වනවා.. ප්‍රමාණවත් ජල පානය හේතුවෙන් කැලරි දහනය වේගවත් වනවා.. අනවශ්‍ය කැලරි දහනය මගින් ඔබගේ සිරැරේ බර නිසි පරිදි පවත්වාගෙන යා හැකියි.

ඔබ ඇතැම් විට සිසිල් ජලය ප්‍රිය කරනවා ඇති නමුත් සෙම්ප්‍රතිශ්‍යාව, උණ හෝ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන් තිබේ නම් උණුවතුර භාවිතා කිරීම වඩාත් සුදුසුයි.. නමුත් සෑම විටම ඔබ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පානය සඳහා උත්සාහ කිරීමයි වඩාත් වැදගත් වන්නේ.. එමගින් ඔබගේ ශරීරය විජලනය වීමෙන් තොරව ප්‍රාණවත්ව තබා ගැනීමට හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2026 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:36:22 AM
Script:/article/2026/what-are-the-risks-and-benefits-of-drinking-cold-water.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:36:22 AM
Script:/article/2026/what-are-the-risks-and-benefits-of-drinking-cold-water.html