බිඳ වැටුණු ඔයාගේ ආදරය ආයේ ගොඩනගන්න හිත කියනවාද?

August 3, 2018
5,378
How to re-build your relationship
ජීවිතයේ අපි හැමෝටම විවිධ සංධිස්ථානවලදි වගේම විවිධ හැරවුම් ලක්ෂයන්වලදී විවිධ වේදනාකාරී අත් දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් කියලා අපි කොච්චර අහලා තිබුණත් ඇත්තටම තමන් ආදරය කරපු කෙනෙක් එහෙමත් නැත්තම් ඔයාගේ හිතවතෙක් ඔයාව දාලා ගියාම ඔයාට දැනෙන හැඟීම වචනවලට පෙරළන් අසීරුයි නේද? මොකද මේ ලිපිය කියවන ඔයා දැනටමත් ඔයාගේ ජීවිතයේ අනන්තවත් මෙහෙම අත් දැකීම්වලට මුහුණ දීලා ඇති. සියලු වේදනා, අමිහිරි අත්දැකීම් අතරේ ඔයාගේ සහකරුවා එමෙත් නැත්තම් ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාගෙන් වෙන්වෙලා යන එක ඔයාට දරාගන්න බැරි වේදනාවන් අතරේ විශේෂයි. ඔයාගේ සම්බන්ධතාව බිඳුණට පස්සේ ඔයාගේ පෙම්වතිය, පෙම්වතා එහෙමත් නැත්තම් සහකරුවා හො සහකාරීය නැවත සමීප කර ගන්න කොයි කවුරුත් කැමතියි. හැමදේම අමතක කරලා අලුතෙන් ජීවිතය පටන් ගන්න ඕන කියලා ඔයාටත් අඩුම තරමේ ජීවිතේ එක් වතාවක්වත් හිතිලා ඇති. ඉතිං මේ වගේ වේලාවක ඔයා හදවතට වගේම බුද්ධියට ඉඩ දී තීන්දු තීරණ ගත යුතුයි. ඉතිං ඔයාගේ බිඳවැටුණු ඔයාගේ ආදර සම්බන්ධතාව නැවත ගොඩනගා ගන්නේ කෙහොමද කියලා අපි ඔයාට කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ බිඳවැටුණූ ඔයාගේ ආදර සම්බන්ධතාව ගොඩනගා ගන්න ඔයා කරන්න ඕන මොන වගේ දේවල්ද කියලා.

කරදර කරන්න එපා

ඔහුගේ හෝ ඇයගේ අත් වැරදීමකින් ඔයාගේ සම්බන්ධතාව නවත්තන්න හේතුවක් ඇති වුණා විය හැකියි. ඉතිං ඔයා වගේම ඇයත් ඔයාට හදවතින්ම ආදරය කළා නම් කොච්චර ඔයාලා දෙන්නා වෙන් වෙන්න තීරණය කළත් වෙන් වෙන්න බෑ. අවසාන මොහොතේදී හෝ ඔයාලා දෙන්නා ඔයාලාගේ වැරදි නිවැරදි කරගෙන ආපහු සම්බන්ධතාව පටන් ගන්නවා. ඉතිං ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාව නැවැත්තුවා කියලා අපි හිතමුකෝ. මෙයින් ඔයාලා දෙන්නටම කම්පනයක්, පීඩනයක් ඇති විය හැකියි. ඉතිං හොඳම දේ තමයි එකිනෙකා එකිනෙකාට කරදර නොකර කිහිප දවසක් පාඩුවේ කාලය ගත කරන එක. මේ කාලය ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාව යථාතත්ත්වයට පත් කර ගන්න උපකාරී වෙනවා. මේ කාලය තුළ කෝල් කරලා මැසේජ් කරලා කරදර කරන්න එපා. යථාර්ථය තේරුම් ගන්න කාලය දෙන්න.

වැරැද්ද ඔයාගේ නම් සමාව ගැනීම වැදගත්

ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාව බිඳ වැටුණේ ඔහුගේ හෝ ඇයගේ වරදින් විය හැකියි. ඔයා අතින් ඔහුට හෝ ඇයට වැරැද්දක් වුණා නම් ඒ වැරැද්ද නිවැරදි කරගන්න අමතක කරන්න එපා. මොකද ඔයා ඒ වැරැද්ද නිවැරදි නොකළොත් එයින් ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාව තව දුරටත් පවත්වාගෙන යන්න හැකියාවක් ලැඛෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ සම්බන්ධතාව බිඳුණට පස්සේ ඔයා කළ යුත්තේ ඔහුට හෝ ඇයට බැන වදින එක නෙමෙයි. ඔයා අතින් වුණ වැරැද්දට අවන්කව සමාව ඉල්ලන්න.

හේතුව ගැන ආපහු සිතා බලන්න

ඔයා ඔහු හෝ ඇය එක්ක තිබුණු සම්බන්ධතාව නැවැත්තුවේ ඇයිද කියලා ආපහු ටිකක් හිතලා බලන්න. ඇතැම් විට සම්බන්ධතාව නවත්තන්නත් හේතු නොවෙන දෙයක් විය හැකියි. සියලු කාරණා හේතු හොයලා බලලා නැවත ඔයාගේ සම්බන්ධතාව යථා තත්ත්වයට පත් කර ගන්න බලාපොරොත්තුවක් ඇති කර ගන්න. හේතු හොයලා බැලුවටත් පස්සේ ඔයාලා දෙන්නට හිතෙනවා නම් තවදුරටත් එකට ලොකු ගමනක් යන්න බෑ කියලා හොඳම දේ තමයි සියල්ල අමතක කරලා ජීවිතේ අලුතෙන් ජීවිතය පටන් ගන්න එක.

ඔයාට ආදරය කරන අය එක්ක කාලය ගත කරන්න

ඔයාගේ ආදර සම්බන්ධතාව නැති වුණා කියලා ඔයාට ජීවිතෙන් පලා යන්න බෑ. මේ සියලු බාධක අභියෝග මධ්‍යයේ ඔයා ඔයාගේ ගමන යා යුතුයි. ඔයා කන්නේ නැතුව කාත් එක්කවත් කතා කරන්නේ නැතුව හුදෙකලා වුණා කියලා ඔයාගේ ප්‍රශ්ණයට විසඳුම් ලැබෙන්නේ නෑ. ඔයා තනියම ඉන්න කොට ඔයා තවත් ආතිතියට වගේ පීඩනයට පත් විය හැකියි. ඉතිං හොඳම දේ තමයි ඔයා ඔයාට ආදරය කරන ඔයාට සමීප අය එක්ක සතුටින් කාලය ගත කරන එක.

ඔහුට හෝ ඇයට තර්ජනය කරන්න යන්න එපා

ගොඩක් ආදරවන්තයෝ තරහා වුණාම කියන කතාවක් තමයි නැවත සම්බන්ධතාව පටන් නොගත්තොත් මැරෙනවා කියන එක. එහෙමත් නැත්තම් ඔලුව හැරණු අතේ යනවා කියන එක. මෙවැනි දේවල් පෙම්වතියන් වගේම පෙම්වතුන්ද කරනවා. ඉතිං මෙවැනි තර්ජනාත්මක දේවල් කවදාවත් කරන්න එපා. මොකද එයින් ඇති වෙන්නේ ඔහු හෝ ඇය ගැන තවත් අප්‍රසාදයක් පමණයි. ඉතිං සම්බන්ධතාවක් පවත්වා ගන්න අවස්ථාවක් තිබුණොත් මේ නිසා ඒ අවස්ථාව මගහැරිලා වුණත් යන්න පුළුවන්.

කරුණාවන්ත වෙන්න

විවාහයක් හෝ ආදර සම්බන්ධතාවක් බිඳිලා ගියාම ගොඩක් දෙනෙක් තරහෙන් වෛරයෙන් පුපුරු ගහනවා. මරනවා කියලා තර්ජනය කරනවා. විශේෂයෙන් අද සමාජයේ ගොඩක් මීනි මැරුම් අපරාධ සිදු වෙන්නේ මේ නිසා. ඒ නිසා ඔයා ඉවසීම ප්‍රගුණ කරන්න. ආදරය කරපු කෙනාගෙන් පළි ගන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක ඔයා ඔයාටම කරගන්න අසාධාරණයක්. ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නාට බල පුළුවන්කාරකම් පෙන්වන්න ගියාම සිදු වෙන්නේ ඔයාලා දෙන්නා තවත් දුරස් වෙන එක. බිඳ වැටුණු සම්බන්ධතාව යළි ගොඩනගා ගන්න අවශ්‍ය නම් මේ වැරැද්ද කවදාවත් කරන්න එපා.

ඔයා ඔයාට ආදරය කරන්න

මොනයම් වැරැද්දකට ඔයාලා දෙන්න අතර තිබුණු සම්බන්ධතාව නැතිවුණා කියලා හිතමුකෝ. ඔයා එතකොට මෙහෙම හිතන්න. ඔයාට ඒ නැති වුණොත් නැති වෙන්නේ ඔයා ආදරය කරපු එක් කෙනෙක් විතරයි. ඔයාට ආදරය කරන අය තවත් ගොඩක් ඉන්නවා. ඔයාගේ අම්මා, තාත්තා වගේම පවුලේ අය හැමෝම ඔයා එක්ක ඉන්නවා. ඉතිං කවදාවත් ඔයාට ආදරය කරන අනිත් අයට ඔයාව මග හැරෙන්න දෙන්න එපා. ඒ අය වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 996 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:30:58 AM
Script:/article/996/how-to-re-build-your-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:30:59 AM
Script:/article/996/how-to-re-build-your-relationship.html